IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


විස්සේ භයානකකම ජනතාව තවමත් දන්නේ නෑ

(*** කිරිඳිවැල උපාලි රණවීර)

‘‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මැර ප්‍රහාරයක් එල්ල කරමින් වර්තමාන ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරනවා. රාජපක්ෂ පවුලේ පැවැත්මට මෙවැනි සංශෝධනයක් ගෙන ඒමට තුනෙන් දෙකක බලයක් ජනතාව දුන්නාද? ද්විත්ව පුරවැසිභාවය එලෙසම තබා ගැනීමට පාර්ලිමේන්තුවට පිවිසීම අරමුණු කර ගෙන බැසිල් රාජපක්ෂ මහතාගේ අත්‍යවශ්‍යතාව ඉටුකර ගැනීමට රටේ ව්‍යවස්ථාව අද ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මෙහි භයානක බව ජනතාව දැන්වත් තේරුම් ගෙන කටයුතු කළ යුතු යැයි’’ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීවේය.

කිරිඳිවැල- මිල්ලතේ ‘සිරිසඳ භවනේ’ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජකරුණා මහතා මෙසේ සඳහන් කළේය.

හර්ෂණ රාජකරුණා මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

‘‘එකම පවුලේ සාමාජිකයකුගේ අවශ්‍යතාව, අපේක්ෂාව නිසා මුළු දිවයිනටම බලපාන ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කිරීමෙන් රජය කරන්නේ බරපතළ වරදක්. ලෝකයේ නන් දෙසින් මෙයට විරෝධය පළවූ විට ඇතිවන ගැටලු නොදන්නා නිසා ජනතාව ව්‍යවස්ථා වෙනසට සහාය දුන්නා හැර ඊට ප්‍රථම සංශෝධනයෙන් පසු එක් කරන කරුණු කුමක්ද යන්න දැන සිටියේ නැහැ. ඔවුන් ඒ බව දැන සිටියා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.

නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිසන් සභා බලතල ජනාධිපති යටතට පවරා ගන්නවා. අනාගතයේ දී ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිස් සේවාවක් ඇතුළු රාජ්‍ය සේවාවල ස්වාධීනත්වයට කුමකින් කුමක් වේදැයි දැන්වත් ජනතාව අවබෝධ කරගත යුතුයි.

19වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකමුතුව කළ දෙයයි. නමුත් 20වැනි සංශෝධනයට සමගි ජන බලවේගයේ සිටින අප පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව විරෝධය පලකරනවා.

අපේ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා වැඩ කිරීමට අපේක්ෂාව, බලාපොරොත්තුව ජනතාව වෙනුවෙන් තිබේ නම් රටේ පුරවැසිභාවය අවලංගු කරගෙන දේශපාලනයට එක්ව කටයුතු කිරීමට නොහැකි ඇයි?

ව්‍යව්‍යස්ථා සංශෝධනයට ඡන්දය විමසීමේදී එය පරාජය කිරීමට ගත හැකි සියලු‍ම ක්‍රියාමාර්ග එකමුතුව කරනවා යයි ද කීය.



අදහස් (4)

විස්සේ භයානකකම ජනතාව තවමත් දන්නේ නෑ

Bamunuarachchi Tuesday, 08 September 2020 06:34 AM

හැබැයි 19 අති භයානකයි කියා ඔප්පු වුණා. නැතිනම් ජනාධිපති පත්වුණු ගමන් යහපාලකයෝ පන්නා දමා වැඩකරගෙන යන්න තිබුණා. දැන් මාස 10ක් ප්‍රමාදයි. 19 තිබිලා එළහරකයි, මී හරකයි කරත්තේ ඇද්දුවා කියන එක පැහැදිලිවම දැක්කා.

:       109       70

විජේ Tuesday, 08 September 2020 06:35 AM

හරියට තාත්තගෙ භයානකකම ගැන දන්නේ නැති පුතෙක් වගේනේ...

:       78       68

Bamunuarachchi Tuesday, 08 September 2020 06:42 AM

ඇයි බැසිල් පාර්ලිමේන්තු ආවාම ඇති වැරැද්ද මොකක්ද? ඒකට උත්තර දෙන්න. බැසිල් කියන පුද්ගලයා හොඳ සංවිධායකයෙක්.. ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. රංජන්ලාවාගේ අයට වඩා ඒ මහතා වටිනා කෙනෙක්. 19 එකමුතුව කළා වුණාට කළ මිනිසුන්ටම එයා එපා වුණා. ද්විත්ව පුරවැසි භාවය තියාගෙනම එරටට වැඩ කරන්න බැරි ඇයි? එහෙම කරන්න පුළුවන් බව ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් හැටියට වැඩකර පෙන්නුවා. කරන්න පුළුවන් හැම මගුලම කරලත් ඡන්දෙ දිනාගන්න බැරිවුණු ගොබිලෝ කොහොමද 20 පරදින්නේ...? සනීපාරක්ෂක තුවා බෙද බෙදා ඉන්න වේවි..!!!

:       216       61

Bandara Tuesday, 08 September 2020 11:13 PM

අනේ දොඹෙන් පැරදිලා ඉන්නේ. දැන්වත් ටිකක් කෑගහන්නේ නැතුව ඉන්නකෝ..

:       80       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site