IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


හිටපු ඇමැති වජිර එජාප නායකත්වයට පත්කරන්න

(*** යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)

‘එජාප නායකත්වය සඳහා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත්කළ යුතු බවට ගාල්ල මහ නගර සභාව නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රීවරුන් 14 දෙනාම ඉල්ලා සිටින බව, ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා පැවැසීය.

ගාල්ලේ  පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එජාප නාගරික මන්ත්‍රීවරුන්ගේ  සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙසේද කීවේය.

 ‘එජාප නායකත්වයට නියම සුදුස්සා වජිර අබේවර්ධන මහතායි. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව වෙනත් දිස්ත්‍රික්කවල  එජාප පාක්ෂකයින් ඉලන්නේ වජිර අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත් කළ යුතුයි කියලයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමේදී  එජාපයට ලැබුණු ඡන්දවලින් වැඩිම ඡන්ද ප්‍රතිශතය ගෙන තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනුයි. ඒ සඳහා විශේෂ හේතුව වජිර අබේවර්ධන හිටපු ඇමැතිතුමාගේ සංවිධාන ශක්තිය හා නායක්තවයයි.

පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයා වජිර අබේවර්ධන මහත්තයායි. ඔහු කවදාවත් පක්ෂය අත්හැර ගියේ නැහැ. නායක්තවය  අපේක්ෂා කරන කණ්ඩායම තුළ වජිර අබේවර්ධන ඉදිරියෙන් ඉන්නවා. ගාල්ල මහ නගර සභාවේ  එජාප නාගරික මන්ත්‍රීවරුන් 14 දෙනා එක හඬින් කියන්නේ එජාප නව නායක ලෙස වජිර අබේවර්ධන මහතා තොරා ගන්න කියලයි.

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂනායක ජිලිත් නිශාන්ත මහතා  (එජාප) මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මෙසේ කීවේය.

 ‘වජිර අබේවර්ධන හිටපු ඇමතිතුමා පළපුරුදු දක්ෂ දේශපාලනඥයෙකි. ඔහුට එජාප නායකත්වය දුනහොත් දැනට වැටී ඇති එජාපය ගොඩගන්න පුළුවනි. එජාපය ශක්තිමක් කරන්න පුළුවනි. 77 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ඇතිකළ වෙනස කරන්න පුළුවන් වජිර අබේවර්ධන මහතාට පමණයි. ඒ නිසා එජාපය ගොඩගන්න,  එජාපයේ නායකත්වය වජිර අබේවර්ධන මහතාට දෙන්න කියා අප නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

 ගාල්ල මහ නගර සභාවේ නාගරික එජාප මන්ත්‍රීනි එංගල් පියදාස මහත්මිය මෙසේ කීවාය.

 ‘වජිර අබේවර්ධන මහතාගේ වසර 38ක දේශපාලන ඉතිහාසය තුළ ඔහු කවදාවත් එජාපය හැර දමා ගියේ නැහැ.  අනෙකුත් එජාප සංවිධායකවරුන් හා මන්ත්‍රීවරුන් පක්ෂය හැර දමා ගිය අවස්ථාවලදී ගාල්ල දිස්ත්‍රික්කයේ පක්ෂයේ බර කරට ගෙන කටයුතු කළා. වජිර අබේවර්ධනට හොඳ නායකත්වයක් තිබෙනවා. එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් වජිර අබේවර්ධන මහතාට දිය යුතුයි.
 ගාල්ල මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීනි චාන්දනි ගුණසේකර  මහත්මිය මෙසේ කීවාය.

 වජිර අබේවර්ධන මහතා එජාප පක්ෂයට ළැදිව සියලු‍ම නායකයින්ට ආදරයෙන් කටයුතු කළා. මේ අවස්ථාවේ නායකත්වයට  සුදුසුම පුද්ගලයා වජිර අබේවර්ධන මහතායි. වජිර අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත්කරන ලෙස එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. වැටී ඇති පක්ෂය ගොඩගන්න පුළුවන් විශ්වකර්ම පුද්ගලයකු හැටියට වජිර අබේවර්ධන මහතා හඳුන්වා දෙන්න පුළුවනි.
 ගාල්ල මහ නගර සභාවේ  එජාප නාගරික මන්ත්‍රී කපිල කොහොඹන්ගේ මහතා මෙසේ කීවේය.

 ‘වජිර අබේවර්ධන දක්ෂ නායකයෙක්. එජාපය දැවැන්ත විදියට සංවිධානය කිරීමට අබේවර්ධන මහතාට ලොකු ශක්තියක් තිබෙනවා.

මාධ්‍ය හමුවට ගාල්ල මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරුන් වන පයාස් ලතිප්, ජයවීර පීරිස්, රෝෂාන් මවුසුප්, මොහොමඩ් සිරාජ්, කමල් හුසේන යන මහත්වරුද එක්ව සිටියහ.

 



අදහස් (4)

හිටපු ඇමැති වජිර එජාප නායකත්වයට පත්කරන්න

pradeepa Friday, 11 September 2020 08:03 AM

වජිරට කවුද ඡන්දෙ දෙන්නේ... ඔහුට පුළුවන්ද මුළු ලංකාවෙන්ම ඡන්දෙ ඉල්ලන්න..? ජෝක් කථානේ...

:       0       8

Rata Perata Saturday, 12 September 2020 07:25 AM

වජිරට දෙනවට වැඩිය හොඳයි පොහොට්ටුවේ කාටහරි දෙන එක.. වජිර කොහොමත් අනිත් පැත්තෙනේ ඉන්නේ.

:       0       0

saman Sunday, 13 September 2020 04:35 AM

අනෙ ඔව් වජිරට දෙන්න. සුවසේ ඉන්න කෙනෙක්ගේ හුස්ම ටික ගියාට පස්සේ කවුරුවත් ඒ මනුස්සයා ගැන වද වෙන්නේ නැහැනේ. ඒ වගේ ඕක වජිරට දුන්නු ගමන් අලියා ඉවරෙටම ඉවරයි. ඊට පස්සේ ඔය මාතෘකාව ගැන ආයෙත් මිනිස්සුන්ට වද වෙන්න ඕනෙම නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 18 September 2020 04:05 PM

අනේ මේ අපිටත් බැරිද මාධ්‍ය සංදර්ශනයක් තියන්න. එහෙනම් දෙන්නකෝ මේ ගොල්ලන්ට දුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site