IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


සමගි තරුණ බලවේගය සමග එක්වන්නැයි ඇරියුම් කරනවා

(*** අංජුල මහික වීරරත්න)

සමගි තරුණ බලවේගය සමග එකතු වන්නැයි තරුණ පරපුරට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.

රට පුරා තරුණ පරපුර සමඟ එක්ව සමගි ජන බලවේගය සඳහා දැවැන්ත ශක්තියක් එක් කිරීමට කටයුතු කරන්නේ යැයිද මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ මයන්ත දිසානායක මහතා මෙසේද කීවේය.

රටේ තාරුණ්‍යය වෙනුවෙන් සමගි තරුණ බලවේගය ගොඩ නගන්න අප බොහෝ කැප වී ක්‍රියා කළා. අප සමග එක්වන ලෙස තරුණ පරපුරට ආරාධනා කරනවා.

අවුරුදු හැත්තෑ හයක් වන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ආණ්ඩුවේ ආයතන 85 කට වඩා පවරාගෙන සිටිනවා. මුදල් අමාත්‍යාංශය, සංස්කෘතික ආගමික ඇතුළු අමාත්‍යාංශ රාශියක්ද පවරාගෙන තිබෙනවා.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳවද පො​හොට්ටු ආණ්ඩුව කතා කරනවා. එය ඉතා භයානක තත්ත්වයක් ජනතාව එය තේරුම් ගත යුතුයි.
එක් පවුලකට පමණක් බලය දිය යුතුද? දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයටයි. ජනතාව දුන් පණිවිඩය තේරුම් ගෙන රට පුරා අපේ සංවිධානය ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ මයන්ත දිසානායක මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: සමගි ජන බලවේගයේ පළාත් සභා මැතිවරණ සූදානම කෙබඳුද?
පිළිතුර: පුවත්පත් නිවේදනයක් හරහා ඉල්ලුම්පත් ප්‍රසිද්ධ කර සුදුසු අපේක්ෂකයන් තෝරා ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සමග අප වටා විශාල පිරිසක් එක් වනු ඇතැයි කල්පනා කරනවා.
දේශපාලන පක්ෂයක් ලෙස ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අප සූද‌ානම්.

ප්‍රශ්නය: පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයට පත් වූ අපේක්ෂකයන්ට පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා දෙනවාද?
පිළිතුර: පක්ෂ නායකත්වය තීරණයකට පැමිණේවි. අප ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් සාකච්ඡා කර ඒ තීන්දුව ගන්න හැකියි.



අදහස් (1)

සමගි තරුණ බලවේගය සමග එක්වන්නැයි ඇරියුම් කරනවා

Bamunuarachchi Saturday, 22 August 2020 12:29 PM

රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ කවුද? සමගි ගොයියෙක්ම මිසක්...

:       1       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1305 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site