IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


අපේ ගමනට කොරෝනා බාධා කළා

ප්‍රශ්නය:- මැතිවරණයට තව දින කීපයයි. ඔබේ කියැවීම කෙබ‌ඳු ද?
පිළිතුර:- මේ පැවැත්වෙන්නේ 17 වැනි මහ මැතිවරණයයි. ඒ මැතිවරණ 17න් ප්‍රධාන ප්‍රතිවාදියකු නැති මැතිවරණය හැටියට මේ මැතිවරණය ඉතිහාසයට එකතු වී අවසන්. සමානුපාතික මැතිවරණ ක්‍රමය ඇතුළේ තනි පක්ෂයක් වැඩිම ආසන ගණනක් ලබාගත් මැතිවරණය හැටියටත් අගෝස්තු හය වැනිදා මෙය ඉතිහාසයට එක්වෙනවා. විපක්ෂය ඉන්නේ දුර්වලම අඩියක. ඇත්තටම විපක්ෂය ගැන තිබෙන්නේ කනගාටුවක්. මැතිවරණයක දොරකඩ සිටින අවස්ථාවක පක්ෂය දෙකකට කඩා ගන්න තරම් බොළඳකමක්, ළදරුකමක් තිබෙන කණ්ඩායමක් තමයි විපක්ෂයේ ඉන්නේ. පසුගිය මහ මැතිවරණයේ දී අපෙන් පලි අරගෙන, සංවිධායකකම්වලින් එළියට දමා හිරේ විලංගුවෙ දමා තිබියදීත් බුලත් කොළය යටතේ එක්ව තරග කරන්න අපි එදා තීරණය කළා. එසේ නොකළා නම් ප්‍රබල ආණ්ඩුවක් ගොඩනැගෙන බව අපි දැනගෙන සිටියා. ඒකවත් නොතේරෙන විපක්ෂයක් තමන්ගේ නියත ඉරණම දැන් වටහාගෙන ඇති.

ප්‍රශ්නය:- එහෙත් සජිත් අගමැති කර ආණ්ඩුවක් පිහිටුවන බව කියන්නෙ නිකම්මද?
පිළිතුර:- අපි ඔවුන්ට අනුකම්පා කරමු. සජිත් කරන ප්‍රකාශ ගැන රටටම අවබෝධයක් තිබෙනවා. එනිසා අපි මේ රටේ පුරවැසියන් හැටියට ඔවුන්ට අනුකම්පා කරමු.

ප්‍රශ්නය:- කොරෝනා සමග අසරණ වූ ජනතාව දෙස ආණ්ඩුව නොබලන බවත් ආර්ථිකය ගොඩනැගීමේ හැකියාවක් නැති බවටත් නැගෙන චෝදනා ගැන කියන්නේ මොකක්ද?
පිළිතුර:- ආණ්ඩුව ජනතාව ගැන බලන්නැහැ කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. අද තිබෙන්නේ ගෝලීය අර්බුදයක්. ලෝකයේ සෑම රටක්ම මේ බරපතළ අර්බුදයට මුහුණ දී සිටිනවා. අමෙරිකාව අසරණ වෙලා ඉන්දියාවේ තත්ත්වය බලන්න. හැබැයි අපේ ආණ්ඩුව ක්‍රම කීයකට මෙය කළමනාකරණය කර තිබෙනවා. කොරෝනා රෝගී තත්ත්වය පාලනය කරන්න බැරි වුණා නම් වෙන්නේ මොකක්ද? ඇමෙරිකාවේ ඉන්දියාවේ රෝගීන් වාර්තාවන ආකාරය බලන්න. හැබැයි ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව අපේ රටේ තත්ත්වය පාලනය කළා. ඒක මුළු ලෝක  ප්‍රජාවම පිළිගන්න කරුණක්. ගෝඨාභය ජනපති තරම් දක්ෂ කළමනාකරුවකු නැති බව ලෝක නායකයන් පිළිගත්තා. ඒනිසා ආර්ථිකය සහ ජන ජීවිතය නඟා සිටුවන්න කළ යුතු පළමු ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. මේ රටේ ඉන්නේ පවුල් ලක්ෂ 59යි. හැබැයි ලක්ෂ 71කට කිසිදු භේදයකින් තොරව රුපියල් 5000 දීමනාව දුන්නා. රටේ ආර්ථිකය නැවත නැගිටුවීමේ විශාල මෙහෙයුමක් මේ වන විට අරඹා තිබෙනවා. ඒ වගේම නාස්තිකාර වියදම් දැවැන්ත ලෙස පාලනය කර තිබෙනවා. කැලැන්ඩර්, දිනපොත්, සුබ පැතුම්පත් මුද්‍රණයට වසරකට මිලියන හය හත්සියය ආණ්ඩුවේ ආයතන වැය කර තිබෙනවා. පළමු වතාවට එය නැවැත්වූවා. ඒ වගේම රාජ්‍ය නායකයා සරළ පැවැත්මක් පෙන්වමින් අලුත් සංස්කෘතියක් ඇතිකර තිබෙනවා. මැතිවරණය වුවත් මහා ධන නාස්තියක් නොවන ආකාරයට කෙරෙනවා. මේවාට අත්තිවාරම දැම්මේ කවුද? මේ ක්‍රමයට අපි හරි කැමැතියි. කොරෝනා මාරයා නිසා ගමන හෙමින් යන්න සිදුව තිබෙනවා. හැබැයි හෙමින් වුවත් අපි යන්නේ ඉදිරියට.

මේ ආර්ථිකය මේ තත්ත්වයට වැටුණේ කොරෝනා වයිරසය නිසා නෙමෙයි. යහපාලන වයිරසය නිසයි. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ යහපාලන වයිරසයෙන් ඔත්පල වූ ලංකාවේ ආර්ථිකයට කොරෝනා වයිරසයත් ඇතුල් වුණා. 2010 සිට 2014  දක්වා ආර්ථික වර්ධනය සියයට 6.4යි. 2015 සිට 2019 වන විට ඒ වර්ධනය 3.7යි. 2014 දී අපේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 79යි. ඉන් වසර  පහකට පසු 2019 දී එය ඩොලර් බිලියන 84යි. මේ රටේ ආර්ථිකය විනාශ කළේ විසි දහස ගැන කතා කරන අයයි. විනාශ කළ ආර්ථිකයත් කොරෝනා වසංගතයත් වත්මන් රාජ්‍ය නායකයාට බාර ගන්න වුණා. එහෙත් ඔහු අපූරුවට මේ දෙකම කළමනාකරණය කරනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුව සැබෑ තත්ත්වය රටට වසන් කරන බවට චෝදනා නැගෙන්නේ ඇයි?
පිළිතුර:- අභූත චෝදනා නගන පිරිස්වල අඩුවක් නැහැ. අපට රටට වසන් කරන්න කිසි දෙයක් නැහැ. කොරෝනා සමාජගත වූ බවටත් පසුගිය දිනවල කිව්වා. එහෙම තොරතුරු වසන් කරනව නම් සමාජයේ කොතැනකින් හෝ මතු වෙන්න ඕන. සුළු පක්ෂයක් නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරයකු ඔය වගේ චෝදනාවක් කර තිබුණා. හැබැයි ඒ තොරතුරු දැන ගන්න ඔහුගෙන් ප්‍රශ්න කළ විට තමන් එවැන්නක් නොදන්නා බව කියා තිබුණා. සියල්ල හොඳින්ම පාලනය කර තිබෙනවා. කවුරුහරි තොරතුරු දන්නව නම් රටට හෙළි කරන්න. එතකොට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියා  අනාවරණය කර ගන්න පුළුවන්. අපට කිසිදිනක කිසිදෙයක් හංගන්න වුවමනාවක් නැහැ. හංගන්නෙත් නැහැ. අපට චෝදනා කරන අය තොරතුරු සහිතව ඒවා හෙළි කළ යුතුයි.

ප්‍රශ්නය:- පාසල් විවෘත කරන්නේ කොරෝනා සම්පූර්ණයෙන් තුරන් වූ පසුව බව ඔබ මීට පෙර කියා තිබුණා. ඇතැම් පාසල් දරුවන්ටත් කොරෝනා වැළඳුනා. මේ පසුබිම යටතේ පාසල් විවෘත කිරීම ගැන ඔබ දෙන සහතිකය කුමක් ද?
පිළිතුර:- පාසල් වැසුවොත් පාසල් යළි විවෘත කරන්නෙත් සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ දෙන වාර්තා මත පදනම්වයි. මාර්තු 12 පාසල් වැසූ විට අපට කොතරම් සමච්චල් කළා ද? පෞද්ගලිකව මට කොතරම් අපහාස කළා ද? ඩලස් පැනල ගියා කිව්වා. වෙනත් රටවල දරුවන් සමාජයෙන් වෙන් නොකිරීමෙන් වූ විනාශය අපි දැක්කා. හැබැයි දරුවන් සුරක්ෂිත කිරීමට අපි ගත්තේ කොතරම් නුවණක්කාර තීන්දුවක් ද කියා රටම වටහා ගත්තා. මාස හතරකට පසුව පියකුගේ නොසැලකිල්ල නිසා ඔහුගේ දරුවන් දෙදෙනකුට කොරෝනා වැළඳුනා. හැබැයි ඒ තත්ත්වයක් පාලනය කර තිබෙනවා. බුද්ධි අංශ ගැන මේ රටේ ජනතාවට විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය මටත් තිබෙනවා. මේ රටේ සිටින  සියලුම දරුවන් දිහා මම බලන්නේ ඇමැතිවරයකු ලෙස නෙමෙයි. තාත්ත කෙනකු හැටියටයි. ජනාධිපති ධුරයේ ඉන්නේ ඉතාම ආදරණීය තාත්තා කෙනෙක්. ඒ වගේම ඉතාම ආදරණීය තාත්තා කෙනකු අගමැති පුටුවේ ඉන්නවා. එනිසා අපි මේ දෙස බලන්නේ තාත්තලාගේ මානයෙන්. දරුවන්ගේ ඉල්ලීම් අනුව උසස් පෙළ පවා කල් දැම්මා. දරුවන්ගෙන් විමසා එවන් තීන්දුවක් ගත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. අපි ඒ තරම් දරුවන්ට සංවේදියි. දරුවන්ට අනතුරක් වෙනව කියා සිතෙනව නම් මාර්තු 12 කළා වගේම පළමු පැයේ අවශ්‍ය තීන්දුව ගන්නවා. අපි මේ දෙස බලන්නේ අනෙක් අය සිතනවාට වඩා බොහෝ ඈතට ගිහින්.

ප්‍රශ්නය:- සජිත් විසි දහසකුත් රනිල් දස දහසකුත් දෙන බව කියනවා. ආණ්ඩුවෙන් මොකුත් නැත්තේ ඇයි?
පිළිතුර:- සජිත් පටන් ගත්තේ හැටපන්දහසකින් නේ. ඒක දැන් 20,000ට  බැහැලා. මාර්තු මාසයේ ඇඳිරි නීතිය පැනවූවාම අමෙරිකාව ආදර්ශයට ගන්න කියා සජිත් කිව්වා. ඩොනල්ඩ් ට්‍රම්ප් ආදර්ශයට ගන්න කිව්වා. බෙහෙත් වර්ග පවා නියම කළා. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් නියම කරපුවා. අද අමෙරිකාවට වෙලා තියෙන්නේ මොකක්ද? මිනී කනත්තක් වෙලා. මරණ 1,30,000 පසුවන තුරු මාස්ක් එකක් දැම්මේ නැහැ. වගකීම් විරහිත බව කොතරම් ද කියා එයින්ම පෙනුණා. අපට චෝදනා කරන අය කිව්වේ ඒ ආදර්ශය අපටත් ගන්න කියලයි. ඒ පාරෙ ගියා නම් රටට වෙන්නේ මොකක්ද? ජනාධිපතිවරණ වේදිකාවෙදි සජිත්ලා බරපතළ පොරොන්දු දුන්නා. ඒ පොරොන්දුවල දිග පළල ගැන ඔහු සමග වේදිකාවේ සිටි අයම අද කියනවා. දේශපාලනඥයන් බලන්නේ අර්බුදයෙන් ගොඩයන්න. හැබැයි මේ අය තවත් අර්බුදයටම යනවා. මේ අයගේ ප්‍රකාශ වලංගු වන්නේ තව දින කීයට ද?

ප්‍රශ්නය:- මාතර දිස්ත්‍රික් ජනතාවට ඔබ මේ මොහොතේ දෙන පණිවිඩය මොකක්ද?
පිළිතුර:- මාතර ජනතාව හැමදාම පරමාදර්ශී ජනතාවක් බවට පත්ව සිටිනවා. මාතර කියන්නේ ඉතිහාසය පුරාම නිවැරැදි දේශපාලන තීන්දු ගත් නිවැරදි දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී සිටි, මුදලට බලයට  බලපෑම්වලට යට නොවූ ඍජු කශේරුකා ඇති ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක්. ඔවුන් ඉතිහාසය පුරාම නිවැරදි තීන්දු ගත්තා. පසුගිය ජනාධිපතිවරණයේ දී ලංකාවෙ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගෝඨාභය මැතිතුමාට දුන්නේ මාතර ජනතාවයි. ආසනයක් හැටියට කඹුරුපිටියේ ජනතාව. ඊට පෙර පළාත් පාලන මැතිවරණයේදීත් එසේමයි. මාතර අපි මනාප වෙනුවෙන් මරා ගන්නේ නැහැ. පසුගිය මැතිවරණ තුනේදීම වගේම මෙවරත් මාතර ජනතාව පහන් තාරකාවක් ලෙස මේ රටේ ජාතියට මග පෙන්නාවි.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (0)

අපේ ගමනට කොරෝනා බාධා කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 402 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1587 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 505 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site