IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


එක එක්කෙනාට ඕනෑ විදියට ව්‍යවස්ථා වෙනස් කරන එක කැතයි

(*** අංජුල මහික වීරරත්න)

‘‘රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කරගෙන නොව ජනතාවගේ අයිතිය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා’’ යයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

 විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න හදන්නේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ජනපති - අගමැති තනතුරුවලට පත් කරන්න නම් ජනතාව දුන් තුනෙන් දෙකේ බලයේ අරුත කුමක්දැයි   මද්දුමබණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මද්දුම බණ්ඩාර මහතා මෙසේද කීවේය.

 ‘1978 වසරේදී මෙරටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එළැඹි සෑම මැතිවරණයකම පාහේ ප්‍රධාන සටන් පාඨය බවට පත්වූයේ ඒ ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් මහින්ද  රාජපක්ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් එහි බලතල  තවත් වැඩි කරගෙන  ඒකාධිපති තත්ත්වයට පත් කළා.

2015 වසරේ  අප බලයට පත්වී විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති බලතල ඉවත් කරන බවට පොරොන්දු වුණා. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක බලතල අඩු කළා.

2018 වසරේ  වූ දේශපාලන කුමන්ත්‍රණය පරාජය කරන්න හැකි වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසයි.

 එමෙන්ම අප ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන්න කටයුතු කළා. රාජ්‍ය සේවයට මෙන්ම පොලිසියට කළ ඇඟිලි ගැසීම් වළක්වනු ලැබුවා. ඒ අනුව රජයේ  සේවකයන්ට ස්වාධීනව කටයුතු කරන්න අයිතිය ලැබුණා. අද විසිවැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීනව  කටයුතු කරන්න තිබෙන අයිතිය නැති කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගන්න හදනවා දැයි අප ආණ්ඩුවෙන් අසනවා.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පරමාර්ථය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙන ඒමයි. වෙන රටක පුරවැසියෙකු ජනපති-අගමැති වුණොත් රටට  තිබෙන වගකීම කුමක්ද?
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නව  සංශෝධනය ගෙනවිත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.  එමෙන්ම මොවුන්ගේ උත්සාහය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිට නව තනතුරක් නිර්මාණය කිරීමයි.

රටක ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය  කළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කරගෛන  නොව ජනතාවගේ අයිතිය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නයි. නමුත් විසිවැනි සංශෝධනය ගෙන එන්න හදන්නේ ඔවුනට අවශ්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කර ජනපති - අගමැති තනතුරු ප්‍රදානය කිරීමටයි. ජනතාව තුනෙන් දෙකක  බලය දුන්නේ මේවා කරන්නද?
අද රාජපක්ෂ පවුලට පමණක් ආයතන එකසිය හතළිහක් බාරව තිබෙනවා. රටේ අයවැයෙන් සියයට හතළිහක් පාලනය කරන්නේ රාජපක්ෂ පවුලේ අයයි.

රටේ උරුමය රකිනවා. පරිසරය රකිනවා කියමින් පාලන බලයට පැමිණි අය දැන් හැසිරෙන්නේ කෙසේද? අපේ ආණ්ඩුව තිබියදී පස් කපනවට, වැලි කපනවට මෙන්ම කැලේ කපනවාට විරුද්ධව නීතිය හරිහැටි ක්‍රියාත්මක කළා. අද ඔවුන්ගේ ගෝලයන්ට වැලි කපන්න, පස් කපන්න අවසර දීලා.

රටේ ජාතික උරුමය වැනසූ අය තවම අත්අඩංගුවට  ගෙන නැහැ. පුත්තලම ආනවිළුන්දාව රක්ෂිතය රජයේ බලය භාවිත කර විනාශ කර දමලා. නමුත් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෝසරය සහ රියැදුරු  පමණයි. මේවා පිටුපස  ඉන්න අය අල්ලන්නේ නැත්තේ ඇයි?

ලෝක උරුම සිංහරාජය මැදින් කිලෝමීටර් 18ක පාරක් කපමින් තිබෙනවා. මොවුන් බලයට ආවේ ලෝක උරුමය විනාශ කරන්නද? දැන් රටේ නීතිය  නැති තැනට පත්වෙලා. පරිසරය විනාශවීම ගැන කතා කළ පරිසරවේදීන්ට තර්ජන එල්ලවෙමින් තිබෙනවා. සූරියකන්දේ හෝටලයකට වන රක්ෂිතය මැදින් කිලෝමීටර 7 ක පාරක් කපනවා. පාලකයන්ගේ යාළුවන්ගේ හෝටල්වලට යන්න පාරවල් කපන්න අවසර දෙන්නේ කවුද? මේ විනාශය වහා නතර  කළ යුතුයි’’

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතා  ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- වත්මන් එක්සත් ජාතික පක්ෂය ගැන කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:- පසුගිය මැතිවරණයෙන් අපට විපක්ෂයේ බලය දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වී සිටින පිරිසටත් අප ආරාධනා  කරනවා. කෙසේ වුවත් අප ඉදිරි මැතිවරණ සඳහා තරග කරන්නේ දුරකථනයෙනුයි.

ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලැබුණොත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙනවාද?
පිළිතුර:- සමගි ජන බලවේගයෙන් ඉදිරියට යාමට පැහැදිළි තීරණයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය අද ලකුණකට සහ ගොඩනැගිල්ලකට සීමාවෙලා.

ප්‍රශ්නය:-  එක්සත් ජාතික පක්ෂයේ අය ආවොත් ගන්නවද?
පිළිතුර:-  නඩු නැති ඉතා පිරිසිදු අය ආවොත් ගන්න සූදානම්. ඉදිරියට පත්වන නායකයා අප සමග සන්ධානගත වෙන්න සූදානම් නම් ප්‍රශ්නයක් නැහැ.



අදහස් (1)

එක එක්කෙනාට ඕනෑ විදියට ව්‍යවස්ථා වෙනස් කරන එක කැතයි

විජේ Tuesday, 01 September 2020 10:26 PM

එහෙම බැලුවොත් මද්දුම බණ්ඩාර කියලා නම දාගෙන තමුන් හැසිරෙන හැටිත් බොහොම චා... තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 655 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site