IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘මනාප ක්‍රමය නැති කර මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගේනවා‘


(බදුල්ලේ පාලිත ආරියවංශ)

මුදල්වලට , කසිප්පුවලට , අරක්කුවලට  ඡන්දය විකිණෙන්නේ නැති වැඩ පිළිවෙලක් සහ මනාප පොරය පිටුදකින  ජනතා අභිමතාර්ථයන් ඉටුවන සරල ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව  කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා  බදුල්ල පුරහලේදී අද (15) පැවැති උත්සවයකදී  පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාපය ලබා  අමාත්‍ය ධුරයක් හිමිකරගත්  ඔහු පිළිගැනීම සඳහා  මෙම උත්සවය සංවිධානය කරතිබිණි.

ඇමතිවරයා  මෙසේ ද සඳහන් කළේය .

‘‘දේශපාලනය රණ්ඩු සරුවල් කරගන්නා ස්ථානයක් බවට පත් කරගන්න එපා. දැන් අපේ රජයේ ප්‍රමුඛතාවයන් කීපයක් හඳුනාගෙන තිබෙනවා. පළමුවන දේ තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය...

19 වැනි ව්‍යවස්ථාවේ අනිසි  තත්වය නොගැලපෙන තත්වය වෙනස් කරලා ඒකට සංශෝධනය කිරීම අපට ලබාදුන් වරමේ කොටසක්...ඒක ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ. ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය අපි රජයට ලබාදෙනවා.
නමුත් මගේ දේශපාලන න්‍යාය පත්‍රයේ තවත් දෙයක් තියෙනවා. මම  දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් බව ඇත්ත.. නමුත් මම මේ මනාප ක්‍රමයට කැමැති නැහැ.

මේ රටේ හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කර ගන්න නම් අඩි දෙකහමාරක් දිග බැලට් පේප්ර්  එකක් නැතිව සරල ඡන්ද ක්‍රමයක්,  ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා වඩා හොඳ මැතිවරණ නීති,  ඇතිකර  පක්ෂ ලියාපදිංචි කිරීම රුපියල් 50000ක්, 75000ක් දමා ස්වාධීන කණ්ඩායම්  දැමීම නතර කරන්න ඕනෑ...‘‘ යැයි ඇමතිවරයා අවධාරණය කළේය.

මනාප ක්‍රමය වෙනුවට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම තුළින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා වන බව සෑම මැතිවරණ කොට්ඨාශයකටම වගකියන මන්ත්‍රීවරයෙක්  පත්වෙන බවත්  සඳහන් කළ අතර මෙවැනි ක්‍රමවේදයක් පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කාලාන්තරයක් තිස්සේ පාර්ලිමේන්තු කමිටුවේදී සාකච්ඡා කර  සකස්කර ඇති බවද හෙතෙම අවධාරණය කළේය .



අදහස් (1)

‘මනාප ක්‍රමය නැති කර මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගේනවා‘

de silva Sunday, 16 August 2020 09:54 AM

මිශ්‍ර ඡන්ද ක්‍රමය නොවේ... 1977ට පෙර තිබුණු කොට්ඨාශ ක්‍රමය නැවතත් ගෙනඑන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17523 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site