IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්

(*** මල්වාන - ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙක් තමාගෙන් ඉල්ලා ඇතැයිද ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ විශ්වාසය මා ගැන තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට සූදානම් යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් හා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

රුවන් විජයවර්ධන මහතා එසේ පැවැසුවේ මෙවර මහා මැතිවරණයේදී තමාට සහාය ලබාදුන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා පෙරේදා (25) දහවල් මල්වානේ වල්ගම පිහිටි රුවන් විජයවර්ධන මහතාගේ ‘ලේක් ක්‍රසන්ට්’ නිවාස පරිශ්‍රයේ පැවැති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවකදීය.

එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂයට ජය පරාජය දෙකම පුරුදුයි. ඒ අනුව අප පක්ෂය පරාජයට පත්වූ පළමුවන අවස්ථාව මෙය නෙමෙයි. 1970 වසරේදි අප පක්ෂය අන්ත පරාජයට පත්වුණා. නමුත් 1977 වසරේ පැවැති මහා මැතිවරණයේදී අප පක්ෂය හයෙන් පහක බලයකින් බලයට පත්වුණා. ඒ නිසා දැන් අපි පක්ෂයේ තිබෙන දුර්වලකම් හා අඩුපාඩුකම් සොයා බලා ඒවා මඟ හරවා ගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. එබැවින් මේ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයින් තම මතවාද අමතක කර දමා පක්ෂය වටා ඒකරාශි වන ලෙසට ඉල්ලා සිටිනවා.

කවුරු මොනවා කියුවත් අප පක්ෂයේ නායකත්වයේ අර්බුදයක් නැහැ. නායකත්වයට හතර පස් දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නමද ඉදිරිපත්වී තිබෙනවා. මේ සම්බන්ධව කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී සාකච්ඡා කර සුදුසු කෙනෙක් තීරණය කරනවා. අපගේ පාක්ෂිකයින්ගේ මා ගැන විශ්වාසයක් තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට මා සූදානම්. අපගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඕනෑම කෙනෙකුට තම අදහස් හා යෝජනා පක්ෂයට ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ පක්ෂය රැකගෙන ඉදිරියට ගෙනියන්න.

එක්සත් ජාතික පක්ෂය මේ රටට විශාල සේවයක් කර තිබෙන පක්ෂයක්. පසුගිය යහපාලන රජය කාලයේ රජයේ සේවකයින්ට මෙන්ම ජනතාවට විශාල සහන රැසක් ලබා දුන්නා. රජයේ සේවක වැටුප් දස දහසින් වැඩි කළා. සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. ඉන්ධන හා ගෑස් මිල අඩු කළා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැම්මා. ගම් පෙරළිය වැඩ සටහන යටතේ ගම්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත්තා. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අපගේ යහපාලන රජය කාලයේ ලබාදුන් සහන සියල්ලක්ම නවතා දමලා. රජයේ සේවක වැටුප් වර්ධන නතර කරලා. අත්‍යවශ්‍ය ආහාරවල මිල දෙගුණ තෙගුණ වෙලා. ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා.

පාස්කු ප්‍රහාරය ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ජනතාවට වගේම අපටත් දැන ගන්නට ඕනෑ. කොතැනද වරද වුණේ කියලා. එහි වාර්තාව නිකුත් වීමෙන් පසුව එහි නියම තත්ත්වය අප කාටත් දැන ගැනීමට හැකිවේවි.

බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා ඇතුළු කීප දෙනෙක්ම කතා කළහ.

මේ අවස්ථාවට සහභාගිවූ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයේ නව නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ගත්තේය.



අදහස් (8)

පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්

Kamal Koyrala Thursday, 27 August 2020 08:48 AM

ඔය කියන පාක්ෂිකයන් කියයිද කියලා කියන්න. රනිල් විශ්‍රාම ගන්නකම් කිසිම පාක්ෂිකයෙක් සහයෝගය නොදෙන අතරම, එජාප කාරයින්ගේ කැමැත්ත කරු ජයසූරිය මහත්මාට... දැක්කනේ නායකත්වයට පොරකාගෙන පැනපු අය.. ලැබුණු 3% නැතිවෙන්නයි යන්නේ.

:       215       1

විජේ Thursday, 27 August 2020 03:16 PM

පාංකඩ, රූකඩ වැඩක් නෑ.. අඩුමගානෙ අවුරුද්දක් දෙකක් මලකඩවත් අල්ලන්නේ නැති එකක් නැද්ද මේ පක්ෂයේ..?

:       2       1

saman Thursday, 27 August 2020 07:43 PM

මොහු පැමිණියොත්, ඔය තියෙන එක ආසනෙත් නැතිවෙනවා ෂුවර්...

:       121       20

Bamunuarachchi Friday, 28 August 2020 04:08 AM

සියල්ලටම පළමුව ඔබලාගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න. ඔබලාගේ ප්‍රතිපත්ති නිසා සුළු ජාතිකයින්ට මහ ජාතිය අභිබවා යා හැකි බවක් තියෙනවා නම් සිංහල බෞද්ධ ජනතාව ඔබලාට ඡන්දය දෙන්නේ නැත. සුළු ජාතීන්ගෙන් මහජාතියට වෙන්න යන විපත දැන් සිංහල බෞද්ධ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ.

:       0       29

Bamunuarachchi Friday, 28 August 2020 04:11 AM

ඔබට අමාත්‍යාංශයක් කරගන්න බැරි බව ඔබ ගිය අවුරුදු 5දී ජනතාවට පෙන්නුවා. ඔබ එජාපයේ නායකයා වීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැත. මොකද නුඹලා බෙදීසිටින තුරු අපට වාසියි.

:       332       15

Bandara Friday, 28 August 2020 06:49 AM

ඔබතුමා වැනි වැදගත් මිනිස්සු නායකත්වය ගතයුතුයි. නැතිනම් හීනමානයෙන් පෙලෙන අය පහුගිය කාලේ වගේ රට විනාශ කරයි.

:       29       766

chandima Saturday, 29 August 2020 02:18 AM

මාමණ්ඩි මොනතරම් නම් කිව්වද ඒකාලේ ටිකක් දුවලා පැනලා වැඩ කරන්න කියලා?

:       0       0

Bamunuarachchi Tuesday, 01 September 2020 11:45 AM

පාක්ෂිකයින්ගේ කැමැත්ත මත පක්ෂ නායකයා වුණාට රටේ ජනතාවගේ කැමැත්ත නැතිනම් රටේ නායකයා වෙන්න බැහැ. දැන් සිටින නායකයාට වෙලා තිබෙන්නේ ඒකයි. රටේ සිංහල බෞද්ධයාගේ කැමැත්ත ලැබුණොත් රටේ නායකයා වීමට වෙන කාගේවත් කැමැත්ත වුවමනා නැතිබව ඔප්පු කර තිබෙනවා. එම නිසා රටේ සිංහල බෞද්ධයා මුල්කරගෙන ඔබේ පක්ෂ ප්‍රතිපත්ති වෙනස් කළොත් මොකක් හෝ කරගන්න පුළුවන්. ඒත් ගෝඨාභය මහත්තයාගේ වැඩ දිහා බලනකොට මේ ඔබලාගේ පක්ෂයට කල්පයකටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඉස්සෙල්ලාම රාජිත, රවී, චම්පික පක්ෂයෙන් ඉවත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 396 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1583 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site