IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න ඩොලර් මිලියන 6000ක් ඕනා

(***අංජුල මහික වීරරත්න)
‘ශ්‍රී ලංකාවේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීමට නම් ඩොලර් මිලියන 6000ක විදේශ මුදල් අවශ්‍යයි ද ඒ මුදල සොයා ගැනීමේ සැලසුම තමා සතුව ඇතැයි’ ද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැස්බෑවේ දී පෙරේදා (5) පැවසීය.

විදේශ මුදල් සොයා ගැනීමේ කිසිදු සැලසුමක් පොහොට්ටුව ආණ්ඩුවට නැති බව කී රනිල් වික්‍රමසිංහ මහතා, ලංකාවට ආධාර දෙන ජපානයේ ජයිකා ආයතනය ද ලංකා ආර්ථිකය වැටී ඇති අර්බුදය පිළිබඳව අනතුරු අඟවා තිබෙතැයි ද සඳහන් කළේය.

මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා කැස්බෑවේ පැවැති ජනරැලියේ දී වැඩිදුරටත් අදහස දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද උදේ මා එංගලන්තයේ පළවී තිබූ පුවතක් දුටුවා. එංගලන්තයේ සෑම පවුලකටම බ්‍රිතාන්‍ය පවුම් 500 බැගින් වන වවුචරයක් දෙන්න එරට මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා. ඒ කඩ සාප්පුවලට ගොස් ජනතාවට වියදම් කිරීම සඳහායි. වෙළෙඳාම දියුණු කිරීම සඳහායි. ඔවුන්ගේ අරමුණ වන්නේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි.

රාජපක්ෂ පොහොට්ටු ආණ්ඩුව දැන් කරන්නේ කුමක් ද? ජනතාවගේ අතේ තිබෙන මුදලුත් ඔවුන් ගන්න හදනවා. ආදායම අඩු වී තිබෙන තත්වයක් යටතේ මේ කල්ලිය කරන්නේ කුමක්ද?

විදුලි බිල්, වතුර බිල් වැඩි කර ඒවා ගෙවන්නයි කියනවා. මුලින් ගෙදර ආර්ථිකය ගොඩනැගිය යුතුයි. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා නම් ඒවා වියදම් කරනවා. නමුත් මේ අය කරන්නේ කුමක්ද? ආණ්ඩුව බංකොළොත් වී සිටින බව කියා ජනතාවගේ අතේ තිබෙන මුදල් ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ලෙස අප විදුලි හා ජල බිල් වාරික ලෙස ගෙවීමට පහසුකම් සපයනවා. ලෝක ඉන්ධන මිල අඩු වී ඇති හෙයින් ඒ වාසිය ද ජනතාවට දෙනවා. පළමුවෙන් මුදල් උපයාගෙන ජනතාවට ඒවා වියදම් කිරීමට අවස්ථාව දිය යුතුයි. එසේ නැතිනම් වෙළෙඳ ව්‍යාපාර දියුණු වන්නේ නැහැ.

රුපියල් කෝටි 5 ට අඩු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය වාරික සහ පොලී ගෙවීම් වසරකින් කල් දමන්න අප පොරොන්දු වුණා. ඒ මුදල් ඵලදායි කටයුතු සඳහා වියදම් කළ හැකියි. ආර්ථිකය දියුණු කරන්න ඒ තුළින් හැකියාව ලැබෙනවා.

අපට මීට වඩා විශාල වූ ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා. ලබන සතියේ සිට එය හෙළි කරන්නම්. මුදල් ඉපැයීම් වැඩි කරන්න අප සහන දෙනවා.පොහොට්ටුවට මේ ප්‍රතිපත්ති ගැන කතා කරන්න හැකියාව නැහැ. ඔවුන් සමග ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් විවාදයකට වුවත් මා ලෑස්තියි. මේ අය දැන් කතා කරන්නේ මොනවාද ? ක්‍රිකට් ගැන, කරුණා ගැන, ජාතිවාදය ගැන ඔවුන් කතා කරනවා. නමුත් කිසිවෙකුත් ආර්ථිකය ගැන කතා කරන්න දන්නේ නැහැ.

මිනිස්සු අමාරුවෙන් ජීවත් වන විට ආණ්ඩුව ඔවුන්ගෙන් මුදල් ඉල්ලනවා. ඇමරිකාව වැනි රටවල් වේතන ගෙවීම් සඳහා සමාගම්වලට මුදල් දෙනවා. ආණ්ඩුවෙන් චෙක්පත් ලැබෙන නිසා වේතන නිසි පරිදි ගෙවන බව ඇමරිකාවේ මා හඳුනන අය සඳහන් කළා.

නමුත් මේ ආණ්ඩුව කරන්නේ කුමක් ද? තිබෙන පඩියත් ගන්නවා. දැන් ජනතාවට සම්පූර්ණ වේතනය ලැබෙන්නේත් නැහැ. දීමනා කපා දමලා.සියයට 20 - 50 ආදී ප්‍රතිශතවලින් වේතන කපා දමා තිබෙනවා. ත්‍රී රෝද රථවලට බිස්නස් තිබෙනවාද? ලෝකය වටේම තිබෙන සමාගම් වලටත් ලංකාවේ දී බිස්නස් නැහැ.

මුදල් දී ඉදිරියට යන්න නම් ආණ්ඩුව ශක්තිමත් විය යුතුය. මේ අයට එය කරන්න බැහැ. ආර්ථිකය ගොඩනැගීමේ ශක්තිය පවතින්නේ අපට පමණයි. මේ අය ජනතාවට බොරු කළා මුදල් දිය යුතු අවස්ථාවේ මුදල් දුන්නේ නැහැ.
ලෝකයේ රටවල් එකසිය අසූවක් පමණ විවිධ ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. ඒ සෑම රටකට ම උපකාර කිරීම සඳහා එක් කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කර ගෙන තිබෙනවා. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි. එහි ගොස් මුදල් ඉල්ලුම් කළ යුතුයි. නමුත් අපේ අය කළේ කුමක් ද?.

ලංකාව කළේ වැරැදි දේ බව මුල්‍ය අරමුදල පැවසුවා. තෙල් මිල අඩු කර සහන දී බදු අඩු නොකරන ලෙස තමන් ලංකා රජයට පැවසූ බව මුල්‍ය අරමුදල සඳහන් කළා. ජනතාවට දිය යුතු වූ සහනය එයයි. නමුත් ආණ්ඩුව කළේ කුමක් ද? ව්‍යාපාරික බදු අඩු කර තෙල් මිල වැඩි මට්ටමක තබා ගත්තා. මේ හේතුව නිසා ලංකාවට මුදල් දිය නොහැකි බව මුල්‍ය අරමුදල පැවසුවා.

අද විදේශ විනිමය විශාල හිඟයක් තිබෙනවා. කොපමණ කතා කළද ඒ හිඟය නැතිවන්නේ නැහැ. ඒ හිඟය පියවා ගන්න නම් මුල්‍ය අරමුදලේ ආධාර උපකාර ගත යුතුයි.

ජපානයේ ආධාර දෙන ජයිකා ආයතනය ලංකාවේ ආර්ථිකය ගැන ලිපියක් එවා තිබෙනවා. මෙරට මුදල් අමාත්‍යාංශයට ඔවුන් ඒ ලිපිය යොමු කර තිබෙනවා. එයින් කියන්නේ කුමක් ද?
ලංකා රජයේ ණය තත්ත්වය සහ ලංකා රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව ජපානය ඉතා සැලකිල්ලෙන් සිටින බව එහි දැක්වෙනවා.

සැලකිල්ලෙන් ඉන්නවා යැයි කියන්නේ හොඳ දෙයක් ද? ටොක්ක දෙන්නේ ඔළුව අතගාලයි. ජපානයත් එසේ කියනවා නම් මා කියනදේ වැරදි ද? ආණ්ඩුව ඒ ලිපියට පිළිතුරු දුන්නා ද? ආණ්ඩුව කියන්නේ කුමක් ද?මේ අය ගිහින් මුල්‍ය අරමුදලින් ණය ඉල්ලුවා. සියලු දෙනාට හදිසි ණය නිකුත් කරනවා. පාකිස්තානයට, නේපාලයට, බංගලාදේශයට, මාලදිවයිනට මෙලෙස හදිසි ණය දුන්නා. නමුත් ලංකාවට ඔවුන් එලෙස ණය දී නැහැ. හරි පාරේ ගියා නම් මේ වන විට ඩොලර් මිලියන 800 ක මුදලක් ගන්න තිබුණා.

ලෝක බැංකුවෙන් ලංකා ආණ්ඩුවට දුන් ඩොලර් මිලියන එකසිය අසූවට වූයේ කුමක්දැයි දන්නේ නැහැ. යුරෝපා සංගමයෙන් දුන් යුරෝ මිලියන 20ට වූයේ කුමක්දැයි දන්නේත් නැහැ. ඩොලර් මිලියන 1000 කට වඩා එහිම තිබෙනවා. මේ මුදලවලට වූ දෙයක් හෙළි නොකර විදුලි බිල, ජල බිල ගෙවන්නැ යි ජනතාවට කියනවා.
මේ අය ඡන්දයෙන් පසුව මුල්‍ය අරමුදලට යන්න හිතාගෙන ඉන්නවා ද? එහෙම ගිහින් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා යයි කියනවා ද රට බෙදනවා විදේශවලට යටත් වෙනවා යැයි කියමින් චෝදනා කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? ඒ බදු ක්‍රම ක්‍රියාත්මක කරනවා ද? ප්‍රසිද්ධියේ ඒ බව කියන්න. මා අහන්නේ එපමණයි.

රටේ ප්‍රශ්න සියලු දෙනා දැනගත යුතුයි. ආර්ථික අර්බුදය පැවැති නිසා ගිය වසරේ රටට අපනයන භාණ්ඩවලින් ලැබුණේ ඩොලර් මිලියන දොළොස් දහසක් පමණයි. එය ඩොලර් මිලියන 4500 ක පමණ අඩු විමක්. ගිය වසරේ දී මැදපෙරදිග වෘත්තිකයන්ගෙන් අපට ඩොලර් මිලියන 7000 ක මුදලක් ලැබුණා. අද එය ඩොලර් මිලියන 2500 කින් පමණ අඩු වී තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයෙන් අපට පසුගිය වසරේ දී ඩොලර් මිලියන 5500ක් ලැබුණා. එය දැන් ඩොලර් මිලියන 4000 කින් අඩුවෙලා. අපේ ඇඟලුම් කර්මාන්ත ආදායමද සියයට 60 කින් අඩු වී තිබෙනවා.මෙහි තිබෙන බැරෑරුම්කම කුමක්දැයි මේ සංඛ්‍යාලේඛනවලින් තේරුම් ගත හැකියි. මෙලෙස අහිමි වූ මුදල් උපයන්නේ කෙසේද? අනෙක් ප්‍රශ්න විසඳන්න නම් මේ මුදල් උපයා ගත යුතුයි.

ඩොලර් මිලියන හාර දහසක් වූ ඉන්ධන මිල සඳහා මෙවර යෙදවීමට වූයේ ඩොලර් මිලියන දෙදහසක් පමණයි. එය ජනතාවට නොව ආණ්ඩුවට වාසියක් වී තිබෙනවා. ආණ්ඩුව ඒ වාසිය ජනතාවට නොදී තියාගෙන ඉන්නවා.  අපගේ ආනයන වියදම ඩොලර් මිලියන විසි දහසයි. ඒ මුදල් ගෙවා ගන්න නොහැකි නිසා දැන් ආනයන කපා හැරලා. එමෙන්ම මේ වසරේ දී ඩොලර් මිලියන 5000 ක ණය ගෙවන්න තිබෙනවා. මේ මුදල් හොයන්නේ කොහෙන්ද?

රටට ගොඩඑන්න නම් ඩොලර් මිලියන 6000 ක මුදල අවශ්‍යයි. මේ ආණ්ඩුවට ඒ මුදල සොයාගන්න බැහැ. ඒ මුදල් සොයා ගන්න අපට ශක්තිය තිබෙනවා. එතැන් සිට ජනතාවට සහන දෙන්න හැකියි. ඊට ශක්තිය තිබෙන එක ම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

2001 වසරේ සංවර්ධන වේගය සෘණ මට්ටමක තිබියදී මා මුදල් සොයාගෙන වසරක් ඇතුළත වර්ධන වේගය ධන තත්ත්වයට ගෙනෙන්න කටයුතු කළා. 2015 වසරේ ඒ ණය ගෙවන්න නොහැකිව තැබූ හදිසි ජනපතිවරණයෙන් අප ජයගෙන මුදල් සොයා ගනිමින් ණය ගෙවන්නත් හැකි වුණා. එමෙන්ම වසර හතළිහකට පසු අයවැය අතිරික්තයක් ඇති කරන්න මට හැකි වුණා.

2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බය එල්ල වූ පසු සියල්ලන් සිතුවේ අපේ අවසානය බවයි. නමුත් මා ජාත්‍යන්තරයට කතා කර සහන ලබා ගෙන 2019 දී ඔවුන්ට බාර දුන්නේ හොඳ ආර්ථිකයක්. 2019 වසරේ ලංකාවට පැමිණි සංචාරක පිරිස 2018 ට වඩා වැඩි අගයක් ගත්තා.මට නැවත ජාත්‍යන්තරය සමඟ කතා කළ හැකියි. අපේ ප්‍රතිපත්ති පෙන්වා දී රටට අවශ්‍ය ඩොලර් බිලියන හයෙන් කොටසක් ගන්නවා.සියලු මුදල් අවශ්‍ය නැහැ. කොටසක් ලැබීමත් ප්‍රමාණවත් වනවා.

මුල්‍ය අරමුදල ඊජිප්තුවට ඩොලර් මිලියන පන් දහසක් දුන්නා. අපට අවශ්‍ය ඩොලර් මිලියන හය දහසයි. කෙන්යාවටත් ඩොලර් මිලියන තුන් දහසක් දී තිබෙනවා. මා කෙසේ හෝ මුදල් සොයා දෙන්නම්. මේ වසර අවසන් වීමට පෙර ජාත්‍යන්තරයට කතා කර මුදල් ලබාදෙන්නම්. මුල්‍ය අරමුදල වෙන් කරන ලද මුදල් අවසන්වීමට පෙර එය ලබා ගත යුතුයි.

මුල්‍ය අරමුදලට මේ ආණ්ඩුව යනවා නම් ඔවුන් අනුගමනය කරන්නේ අපේ ප්‍රතිපත්ති ද? කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ජනතාවගේ බඩ පුරවන්න ශක්තිය මට තිබෙනවා. ඒ මුදල් ගත් පසු ජපානය ආදී රටවල්වලටත් කතා කර ඉතිරි මුදල් සොයාගත හැකියි.

ඒ අනුව පළමුව ඩොලර් මිලියන 6000ක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒවා ගන්නේ දීර්ඝකාලීන ණය ලෙසයි.

ඉන්පසුව අප ආර්ථිකය ගොඩනඟනවා. වසර තුන හතරකින් ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් හදමු. ඉන් පසුව අපට ඉතිරි කළ හැකියි. මගේ වැඩපිළිවෙළ එයයි. ගෙදර ආර්ථිකය ආරක්ෂා කර ගන්නේ කෙසේද? මේ අර්බුදය වසර දෙක තුනක් තිබෙනවා. මෙලෙස ඉදිරියට යන්න බැහැ. හාමතේ ඉන්න බැහැ. ගෙදර ආර්ථිකය හදන්න ශක්තිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.

ඒ ගැන සිතා අපට ඡන්දය දෙන්න. පෞද්ගලික අරමුණු නොව රටේ ආර්ථිකය ගැන සිතා මෙවර ඡන්දය දෙන්නැයිද? එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න ඩොලර් මිලියන 6000ක් ඕනා

Raveendra Tuesday, 07 July 2020 12:50 PM

" ශ්‍රී ලංකාවේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීමට නම් ඩොලර් මිලියන 6000ක විදේශ මුදල් අවශ්‍යයි ද ඒ මුදල සොයා ගැනීමේ සැලසුම තමා සතුව ඇතැයි’ ද " යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?? මොනවද මේ කියවන්නේ ?

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 289 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1509 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 470 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site