IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න එජාප ආණ්ඩුවක් ඕනෑ‘

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

“ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේ නැහැ. මුදල් ඇමතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බනිනවා. රට වැටී ඇති  ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කරුණක්..“ යැයි හිටපු ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මීරිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් අද (04) වේවැල්දෙනිය ප්‍රදේශයේ පැවති ජන හමුවේදීය.

විජයවර්ධන මහතා මෙසේද කීය.

“ආණ්ඩුවත් එක්ක හැප්පෙන අතරේ පිරිසක් පක්ෂයෙන් කඩාගෙන යාම එක්සත් ජාතික පක්ෂයට මහත් අභියෝගයක් වෙලා. ප්‍රබලයන් හදන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අලුත් පක්ෂයේ අය ප්‍රබලයැයි කිව්වත් කිසිවෙක් ප්‍රබල නැහැ. ඒ අය ප්‍රබලයන් වුනේ එක්සත් ජාතික පක්ෂය නිසයි. සිරිකොත අල්ලන්න කියා ඡන්දය ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න යන්නයි.

කිසිවෙකුට කිසිදා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න බැහැ. ඩී. ඇස්. සේනානායක මහතා මේ පක්ෂය හැදුවේ දර්ශනයක් ඇතිවයි.  යූ.එන්.පී. ය කියන්නේ රනිල්, රුවන්, සජිත් නොවෙයි. ගමේ සංවිධානය කරන ජනතාවයි. පක්ෂය රකින ජනතාව සියලු අභියෝග මැද ඉදිරියට යනවා.

එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරිලා ඉන්නේ.  පසුගිය වසර හතරමාරේ පාක්ෂිකයාට කිසිවක් වුනේ නැහැ. රැකියාවක් දෙන්න ලැබුනේ නැහැ.  ඒ නිසා ජනතාවගේ වේදනාව කලකිරීම සාධාරණයි. මමත් කලකිරුණා. රැකියාවක් දෙන්න බැරි වුණාට වසර හතරහමාරේ රටට විශාල සේවයක් කළා. සුවසැරිය, බෙහෙත් මිල, සිසු රක්ෂණය, වැටුප් වැඩිවීම,  පාසල් දියුණුවට වැඩ කටයුතු ඒ අතරින් කිහිපයක් විතරයි.

මාධ්‍ය නිදහස දුන්නා. ඒ නිසාම වැඩියෙන්ම ගැහුවෙත් අපේ රජයටයි. අද ඒ නිදහස නැහැ. රාජපක්ෂලා විවේචනය කරන්න බැහැ.  අපි ගැබිනි මවට දුන් පෝෂණ මල්ලට පයින් ගහලා. ඉන්ධන සහනය ජනතාවට දුන්නේ නැහැ. විදුලි බිල තුන් ගුණයකින් වැඩි කළා.  රට පුරා කම්හල් වැහෙනවා. සේවකයින් එළියට දානවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේම නැහැ. එහෙම සැලැස්මක් එළිදක්වාත් නැහැ.  ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදන්නේ රටේ මුදල් ඇමති. එහෙම තිබියදී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බැනලා වැඩක් නැහැ.

 මේ රටේ ආර්ථිකය ගොඩ නැගුණේ සැමදා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පමණයි. ජනතාව ඒ බව තේරුම් ගනිමින් ඉන්නවා.  සම්පත් සූරාකන සාක්කු පුරවා ගන්නා දේශපාලඥයින් නිසා ජනතාවට දේශපාලනයත් එපා වේගන යනවා. ඒ අතරේ අපේ වනාන්තර පද්ධතිය බහු ජාතික සමාගම් වලට දෙන්න මේ රජය පිඹුරුපත් හදනවා. ඒවා වලක්වන්න ඕනෑ.“ යැයි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හිටපු ඇමති අර්ජුන රණතංුග මහතාද මෙසේ සඳහන් කළේය. “මේ රටේ 2015 ට පෙර බියෙන් හිටි හැටි, ජීවත් වෙච්ච හැටි බොහෝ දෙනාට අමතක වෙලා.  උද්ඝෝෂණය කරපු අය මැරුණු හැටි දැන් මතක නැහැ. අපේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණා. මොනවා  කිව්වත් මාධ්‍යයට තර්ජනය කළේ නැහැ. වසර හතර හමාරක් පුරා රටට කළ සේවය සලකා මමත් එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. ජනතාව පක්ෂයට බැන්නත් කිසිදා පක්ෂ්‍ය දාලා යන්නේ නැහැ. ඔවුන් ඒ තරමට පක්ෂයට ආදරෙයි. ක්‍රිකට් කතාවට මහින්දානන්ද සමාව ගන්න ඕනෑ. එහෙම නැත්නම් කරුණු කියන්න ඕනෑ. රාජපක්ෂ ක්‍රමවේදයට ජනතා  අවධානය කඩන්න හෙට තව එකක් කියයි.“ යැයි සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මීරිගම ආසන සංවිධායක අපේක්ෂක ඒ.ආර්. තිලක් අශෝක මහතා “ප්‍රේමදාස එදා නායකත්වයට ආවේ ජේ.ආර්. ටත් පිටුපාලා.. එතුමා ජනතාවට සේවයක් කළත් උදුරා ගැනීමේ යෙදුණා. පස් වෙනිදායින් පස්සේ සජිත්ට යන්න තැනක් නැතිවෙනවා. දුරකතනය විසන්ධි වෙනවා. බුරන්න හරි ගමේ බල්ලට ඡන්දය දෙන්න පැරෂුට් කාරයින්ට දෙන්න එපා...“ යැයි පැවසීය.  

මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතා ඇතුලු කීප දෙනෙක්ද සිය අදහස්  දැක්වූහ.

 



අදහස් (4)

‘ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න එජාප ආණ්ඩුවක් ඕනෑ‘

Bamunuarachchi Saturday, 04 July 2020 01:57 PM

‘ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න එජාප ආණ්ඩුවක් ඕනෑ‘ ගිය අවුරුදු 4 1/2 ට හිතන්නවත් බැරිඋන දේවල් දැන් කරන්නේ කොහොමද? ඉතුරුවෙලා තිබෙන 1.5% සංවර්ධනයත් ඉවර වෙන වැඩක් ඔය. 7.5% තිබුන සංවර්ධන වේගය 1.5% බස්සලානේ..

:       10       66

vinivida Saturday, 04 July 2020 01:59 PM

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කරුණක් මෙන්ම මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය රජයට සහයෝගය දීමෙන් වැළකී සිටිය යුතුවේ. සජිත් සමග හෝ රජයක් කරගෙන යාමට අවස්ථව දියයුතුවේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට මෙය සුදුසු අවස්ථාව නොවේ. එක්සත් ජාතික පක්ෂයේම රජයක් පිහිටුවීමට අවස්ථව නොවැරදීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇත. covid -19 නිසා සිදුවූ ගෝලීය ආර්ථික පසුබෑම ලෝකයට මේ වනවිට දැනෙමින් තිබේ. ලෝකයේ දියුණු රටවල ආර්ථිකය ශක්තිමත් වීම අාරම්භ වනුයේ මෙම වෛරසයට එන්නතක් සොයා ගැනීමත් සමගයි. මේ වනවිට ගුවන් ගමන් 90% නවතා දමා ඇත. ගෝලීය ජනතාව (මුදල් වියදම් කරන රටවල) තවම සිටින්නේ අවිශ්වාසයෙනි. මිලියන ගණනකට රැකියා නැතිවී ගොස් ඇත. සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී ඇත. එමෙන්ම දෙවන කොරෝනා රැල්ල මේ වසරේ සැප්තැම්බර් වනවිට යළිත් අාරම්භ වන ලකුණු පෙනෙන්නට තිබේ. ලෝකයේ දියුණුම රටවල් අතර ගමනාගමනය අත්‍යවශ්‍ය සේවයන් සඳහා පමණක් සීමා කොට ඇත. ලංකාව වැනි කුඩා ආර්ථිකයක් පවතින රටකට මෙය තදින්ම දැනෙනු ඇත.

:       1       15

Raveendra Monday, 06 July 2020 03:39 AM

අප කිසිවෙකුට අපහාස කරනවා නොවේ. අවංකව සිතන්න මේ ඔක්කෝටම දැන් තමයි ආර්ථිකය ගොඩගන්න අපට පමණයි කරන්න පුළුවන් වැනි අනේකවිධ බයිලා රචනා කරන්නේ.. එසේම මෙතෙක් කල් මේ ඔක්කොම මොනවද කලේ යන්න සාමාන්‍ය දැනුමවත් නැති මිනිසුන්ට තේරුණත් මොවුන්ට නොතේරීම අතිමහත් පුදුමයකි.. එමගින් පැහැදිලි වෙන එකම එක දෙයක් ඇත. මේ සියල්ලන්ම හරක් ජානවලට ඉහළින්ම නෑකම් කියන බවයි..

:       0       133

sanjume Monday, 06 July 2020 07:36 AM

හෝද හෝද මඩේ දැම්මත්, මඩේ දමමින් හෝදනවයි කියන්නෙත් ඒකටමයි... 21වැනි ශතවර්ෂයේ ජීවත්වෙන අපි වෙනස්වන ලෝකයත් සමග වෙනස්විය යුතුයි... නවීන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ගල්යුගයක් කරේ තියාගෙන පිස්සු හැදිච්ච අලියෙක් පසුපස දුවන එක නොවේ...!!!

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site