IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


‘මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි‘

(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)

පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවසීය.

ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමෙන් පසුව මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘සාක්ෂි නැතිව චෝදනා ඉදිරිපත් කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවක්. අලුත්ගමගේ හිටපු ඇමැතිතුමා ඉදිරිපත් කරලා තියෙන මේ පදනම් විරහිත චෝදනා අද නිෂ්ඵල වෙලා තියෙනවා. ඒ නිසා එතුමා ඒකට වගකීම භාරගත යුතුයි. මෙම ක්‍රියාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කිරීම හා ඔවුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරනවා. ඒක මට දැනෙන්නේ ඡන්ද ගුණ්ඩුවක් කියලයි. කිසිම සාක්ෂියක් නොමැතිව කිසිම හේතුවකින් තොරව සිදුකරන ලද මෙම ප්‍රකාශ නිකන් බොරු ප්‍රකාශයක් හැටියට මා දකිනවා. එතුමා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි.‘‘ යැයි පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ‘‘වතුකරයේ ජනතාවගේ පැහැදිලි කැමැත්ත එක්සත් ජාතික පක්ෂය හා අලියා ලකුණයි. ඔවුන් එයින් පරිභාහිරව ඡන්දය ප්‍රකාශ කරන්නේ නැති බව මට විශ්වාසයි. අපි මෙවර මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ මන්ත්‍රී ආසන දෙකක් අනිවාර්යෙන්ම ලබා ගන්නවා. අපි ටිකක් වැඩිපුර මහන්සි වුවහොත් මන්ත්‍රී ආසන තුනකට යන්න පුළුවන්.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ අළුත් සභාපතිවරයා හැටියට මට විරුද්ධව දිගම්බරන් හිටපු ඇමැතිතුමා විශාල බොරු ප්‍රචාරයක් ගෙන යනවා වතු කම්කරුවන්ට රුපියල් 1000 ක වැටුප දීමට මම විරුද්ධ වුණා කියලා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් වෙලා නැහැ. මෙම රුපියල් 1000 ක වැටුප  දෙන්න එකඟ  වන්නේ වතු සමාගම් හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවලින් පසුවයි. ඒකට මට කිසිම බලපෑමක් සිදු කරන්න  බැහැ..‘‘  යයි පැවැසීය.



අදහස් (4)

‘මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි‘

Bamunuarachchi Saturday, 04 July 2020 01:53 PM

'මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි‘ ඒ අහවල් දේකටද? මහින්දානන්ද කීවා එයාගේ පැමිණිල්ලට ක්‍රීඩකයෝ අදාළ නැහැ කියලා. ක්‍රීඩකයින් ගෙන්වලා තිබෙන්නේ පොලිස්කාරයින්. ඉතින් ගනුදෙනුව පොලිසියත් එක්ක බේරාගන්න.

:       204       1

liyanage Sunday, 05 July 2020 03:07 AM

මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමාව ගතයුතු නැත. මහින්දානන්දගේ ප්‍රකාශය නිරෝෂන් පාදුක්කගේ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය රටට පැහැදිලි කිරීම කළයුතුවේ. නිරෝෂන් පාදුක්කගේ ප්‍රකාශය ඔහු ප්‍රකාශ කළ ආකාරයට ඔහු සියැසින් දුටුවා මෙන් කළ ප්‍රකාශයකි. සජිත් ප්‍රේමදාස මෙයට සාක්ෂි දරනු ඇත. ක්‍රීඩකයාගේ බිරිඳ සහ නිළිය පිළිබඳව මෙන්ම ඉන්දියානු බූකීකරුවා විසින් ක්‍රීඩකයාගේ බිරිඳට මුදල් දුන් බව ඔහු කළ ප්‍රකාශය මහින්දානන්දගේ ප්‍රකශයට වඩා බරපතල සහ ක්‍රීඩකයින්ට කළ ප්‍රබල අපහාසයකි. සජිත්ගේ සමගි ජනබලවේගයේ සමහර පුද්ගලයින් කර ඇති ප්‍රකාශය නිසා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉතාම අපහසුතාවයට පත්ව ඇත. ක්‍රීඩකයන්, දූෂිතයන් හෝ සොරුන් බවට මේ වනවිට මහජන වේදිකාවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ වී ඇතිනිසා නිරෝෂන් පාදුක්කගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කොට ක්‍රීඩකයින්ගේ නිවැරදි බව තහවුරු කරන්න. මේ වනවිට සජිත් කිසිවක් නොදන්නා සේ වෙනත් දේ ප්‍රකාශ කර සිටියත් එම ප්‍රකාශය කරනා අවස්ථාවේ සජිත් එම වේදිකාවේ සිටියේය. රටේ ක්‍රීඩාලෝලීන් විශේෂයෙන් තරුණ ප්‍රජාවේ ඡන්දය කුමන ආකාරයට ප්‍රකාශවේද?

:       0       0

Anurudda Sunday, 05 July 2020 07:22 AM

මහින්දානන්දට කඩේ යන්න එපා බමුණු.

:       0       0

fairoos Tuesday, 07 July 2020 07:03 AM

අයියෝ බමුණු වගේ වහල්ලුත් ඉන්නවානේ අපේ රටේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2023 19

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 2905 14

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3248 8

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2283 14

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 279 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1223 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 454 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site