IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘

(*** නිමල කොඩිතුවක්කු)

‘‘වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ආණ්ඩුව යටතේ කඩිනමින් දෙන බව’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී පැවසීය.

‘‘වත්මන් රජය තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා රටේ සිවිල් පරිපාලනය ඒකාධිපතිත්වය කරා ගෙනයමින් සිටිතැයිද’’ මහ ලේකම්වරයා සඳහන් කළේය.

‘‘රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යළි ලබා දීමත් ජනතාවට සහන දීමත් සමගි ජනබලවේගයේ රජයක මූලික කාර්යය බවද’’ ඔහු පැවසීය.

ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කීය.

තවදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කීවේය.

‘‘අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. 2015 වන විට රජයේ සේවකයනුත්, විශ්‍රාමිකයනුත් ඉතා අසීරු තත්වයට පත්ව සිටියා. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතැනින් නොනැවතී අපේ ආණ්ඩු කාලයේ දී රජයේ සේවකයන්ට සියයට 107කින් වැටුප් වැඩි කළා.

අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැගී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් දුන්නා.

රාජපක්ෂ ආණ්ඩු සමයේ විශ්‍රාමිකයන් පාරටම වැටුණා. අඩුම තරමේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවවත් ඉවත් කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. අපේ කාලේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත්කර ඔවුන්ට විශ්‍රාම වැටුප් වර්ධක දුන්නා.

මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස්දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉඳිද්දි තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගසා අවසානයි.

මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් පත් කළේ ජනාධිපතිතුමායි. ඒ නිලධාරීන් ගෙන්නලා හමුදා සෙබළුන්ට වගේ තර්ජනය කරනවා. අද රාජපක්ෂ ආණ්ඩුව සිවිල් පාලනය ඒකාධිපතිත්වය කරා ගෙන යනවා.

අගෝස්තු පස් වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කපා දමා තිබූ ඒ වැටුප් වර්ධක විශ්‍රාම වැටුප් දීමට අප කටයුතු කරනවා.
මේ ආණ්ඩුව පත් වූ විට සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලක්ෂයක් දෙනවා කිව්වා. ඒ සඳහා ලක්ෂ 20ක අයැදුම්පත් කැඳෙව්වා. දැන් හමුදා නිලධාරීන් යොදවා ගෙයින්-ගෙට ගොස් රැකියා දෙන බවට ප්‍රකාශ කරනවා.

වැල්ලවායේ දී නිල ඇඳුම ඇඳ ගත්ත හමුදා නිලධාරීන් මේ සඳහා යොදා ගෙන සිටිනවා. මේ ගැන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළා. මේ තත්ත්වය වහාම නවත්වන්න කියා අප මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලනවා. ඉතිහාසයේ කවදාවත් හමුදාව මේ විදියට දේශපාලනය සඳහා යොදා ගත්තේ නැහැ. අද මේ අය ඒකත් කරනවා.

ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ?
මේ ආණ්ඩුව බලයට පත් වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය, මහ බැංකු කොල්ලය සහ එම්.සී.සී. ගිවිසුම යොදාගෙනයි. ආණ්ඩුව පත් වෙලා මාස අටක් ගිහිල්ලත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් තවම අත්අඩංගුවට ගෙන නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා පොහොට්ටු  සන්ධානයේ සභාපති කර ඔහු ඒ පක්ෂයෙන් දැන් ඡන්දයත් ඉල්ලනවා.

මහ බැංකු හොරු අල්ලනවා කිව්වා. ඒ අය අල්ලන එක පැත්තකින් තියා අද සමගි ජනබලවේගය නායකයන් බොරු චෝදනාවලට අත්අඩංගුවට ගන්නවා. මේවා තමයි නියම ඩීල් කියන්නේ.

එම්.සී.සී. ගිවිසුම අත්සන් කළවිට ශ්‍රී මහා බෝධියට යන්න වීසා ගන්න වෙයි කිව්වා රට ඇමරිකානු කොලනිය වෙයි කිව්වා. එහෙම ගිවිසුම් සලකා බලන්නේ ඇයි කියා අප ආණ්ඩුවෙන් අහනවා.

අද එකක් කියා හෙට එකක් කරන ආණ්ඩුව මේකයි. මේ කෙටි කාලය තුළ ආණ්ඩුව රටේ අසාර්ථකම රජය බවට පත් වුණා.


ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා.
‘‘අගෝස්තු පස්වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව කොන්දේසි රැසක් ඉදිරිපත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පොහොට්ටුව මේ නීතිවලට යටත් වී නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති තනතුරට මුවා වෙලා අද පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් සිටිනවා. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතුයි.
එතුමා ජාතිය අමතන මුවාවෙන් දවසින් දවස තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වනවා. මේ අවස්ථාව සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාටත් හිමි විය යුතුයි.

හමුදාවේ තුන් දහසක් මරා දැමූ බවට පොහොට්ටුවේ පාර්ශ්වකරුවකු වෙච්ච කරුණා අම්මාන් ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් ඒවාට සුදු හුණු ගානවා.

විරෝදාර රණවිරුවන්ගේ දූදරුවන්ට, මවුවරුන්ට වෙච්ච හානිය සුදු හුණු ගාලා මකන්න පුළුවන්ද?  අප රාජපක්ෂලාගෙන් අහනවා ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට පහර දීපු එක සුළු දෙයක් ද? කියා.

සරත් වීරසේකරලා දකුණට ඇවිත් රණවිරුවන්, ජාතිය, ආගම විකුණමින් ඡන්දය ඉල්ලනවා. මේ වැඩවලින් පොහොට්ටුව හොඳටම බංකොලොත් වෙලා කියා පෙනී යනවා.

හැමදාම මේ අය කළේ ඡන්ද කාලේ බොරුවෙන් ජනතාව මුළා කිරීමයි.
පැය හතළිස් අටක් තුළ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්, මහ බැංකු වංචාකරුවන් අල්ලනවා කියා ජනාධිපතිවරණයේ දී පැවසුවා. අද කිසි දෙයක් කර නැහැ. පොහොට්ටුව ඡන්ද කාලෙට ජනතාවගේ මොළේ හෝදලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න දඟලනවා.
තුනෙන් දෙකක් ගන්නවා කියපු ආණ්ඩුවට දැන් බහුතරයවත් ගන්න බැරුව දඟලනවා. ඡන්දය කිට්ටු වෙනවිට ආණ්ඩුවට විපක්ෂයත් නැතිවෙනවා.

මේ ආණ්ඩුව මැතිවරණ පොරොන්දු ඉටු කර නැහැ. ජනතාවට සහන නැහැ. ආර්ථික සංවර්ධනය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අපේ ආණ්ඩුව දින සියයෙන් කරපු වැඩවලින් සීයෙන් එකක්වත් මේ ආණ්ඩුවට කරන්න බැරි වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රට බාර ගනිද්දී හිතුවේ නිර්මාණශීලී - දක්ෂ නායකයකු කියලයි. එතුමාගේ සහෝදරයාට මහ බැංකු පාලනය කර ගන්න බැරි නම් අනෙක් ඇමැතිවරුන් ගැන කවර කතා ද? කතා පවත්වලා මාධ්‍ය සංදර්ශන කරන පිරිසක් නම් ආණ්ඩුවෙ ඉන්නවා.

 ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න බැරි, ජනතාවට සහන දෙන්න බැරි අඩු තරමින් ඉන්ධන සහනයවත් දෙන්න බැරි මේ ආණ්ඩුව යළි පත් වුණොත් ජනතාව කබලෙන් ළිපට වැටෙනවාමයි’’ යැයි ද කීය.



අදහස් (2)

‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘

rama Wednesday, 08 July 2020 10:29 AM

ඔයාලගේ ආණ්ඩුවෙන් නේද ඒවා කැපුවෙත්.. අයියෝ මද්දුම..

:       0       0

sam Wednesday, 08 July 2020 03:02 PM

1980 ජූලි මාසයේ මේ මහත්මයා කොහේද හිටියේ? රුපියල් 10ක් වැඩියෙන් ලිව්වා කියලා නේද ඔබේ ආණ්ඩුව එදා වර්ජකයන්ව අස්කරලා දැම්මේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site