IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බන්ධනාගාරය අද නරකම තැනකට වැටිලා

(***මතුගම බන්දු තඹවිට, *** අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

වසංගතයක් බවට පත්ව ඇති පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට ගත හැකි හැම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බේරුවල දී ඉකුත්දා (10) පැවැසීය.

එම වැඩපිළිවෙළ සාර්ථකව සිදුකළ හැක්කේ තම රජයට පමණක් යැයි ද ඔහු කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන්ට සහය පළ කරමින් මෙම ජනහමු සංවිධානය කර තිබිණ.

කළුතර, මතුගම, බේරුවල, හොරණ ප්‍රදේශවල මෙම ජනහමු සංවිධානය කර තිබිණි.

එම ජනහමුවලදී අගමැතිවරයා මෙසේ ද පැවැසීය.

කළුතර දිස්ත්‍රික්කය ගැන දන්න ආසන ගැන දන්න රට ගැන දන්න ජාත්‍යන්තරය ගැන දන්න පිරිසක් තමයි අපේ අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බේරුවලත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ 1970 ඉඳලා. පාද යාත්‍රාව වැඩසටහන යනකොට අපිට කෑම ටික දුන්නේ බේරුවල මර්ජාන් මහතාගේ පියා. හැබැයි ඒක අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ ප්‍රශ්නෙකුත් ආවා මොකද නෝම්බි කාලේ අපට කන්න දුන්න කියලා. ඒ වෙලාවේ එතුමා කිව්වා නෝම්බි කාලේ කන්න හොඳ නැත්තේ අපිටයි කියලා. අනිත් අය කෑවට කමක් නෑ කියලා කිව්වා. මෙහෙම තමයි එදා බේරුවල මුස්ලිම් ජනතාව අපට උදව් කළේ.

අපි ඇත්ත වශයෙන්ම ජාතික ලැයිස්තුවෙන් මර්ජාන් පලීල් මහතා දැම්මා. දැන් බැලුවම බේරුවලින් දෙන්නෙක්ම ඉන්නවා. අනිත් එක්කෙනත් බේරුවල එක්කෙනෙක්. එතුමා බේරුවල පමණක් සීමා වෙලා නැහැ. එතුමා අධිනීතිඥ අලිසබ්රි මහතායි. පසුගිය දවස්වල කුරුණෑගලත් ආවා.

එක්සත් ජාතික පක්ෂය පහුගිය කාලේ කළේ අප ගෙනා දැවැන්ත සංවර්ධන කටයුතු නැවැත්තුව එකයි. බලන්න මේ වෙනකොට ඉවර වෙන්න තිබුණ පාරවල් ටික ගොඩනැගිලි ටික අධිවේගී මාර්ග වැඩ අවසන් කර නැහැ. අපි හදපු ගෙවල් ටික වික්කා. වරාය වික්කා. ගුවන් තොටුපළ විකුණන්න ලෑස්ති කරලා තිබ්බා. ඒක යාන්තම් බේරගත්තා. අපි ඉන්දියාවත් එක්ක කතා කරලා ජනාධිපතිතුමත් කිව්වා මෙහෙම කරන්න එපා කියලා. මේ සම්පත් දරුවන්ටයි අයිති. ඔබේ දරුවටයි දරුවගෙ දරුවන්ටයි මොනවද අයිති වෙන්නේ මේවා වික්කනම්. මේව පිටරටට විකුණන්න නෙමෙයි හදලා තියෙන්නේ. මේ භූමියත් පිටරට විකුණන්න පුළුවන් කමක් නැහැ. මේ භූමිය අපේ ජනතාවටයි අයිති.

අනාගතයේ දරුවන්ටයි නූපන් දරුවන්ටයි අයිති මේ භූමිය විකුණා දැමීමට ඉඩ තැබිය යුතු නැහැ. අපි රටක් වශයෙන් ඉදිරියට යා යුතුයි.

 අපේ ජනාධිපතිතුමා සැලැස්මක් හදලා ඒ තුළින් රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුවට 2/3 බලයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු අප්‍රමාණයි. එහෙමනම් මේ ව්‍යවස්ථාව වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් හදන්න ජනාධිපතිවරයාට ශක්තියක් වෙන්න මේ මැතිවරණයෙත් අපේ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වෙනවා.

සහෝදරවරුනි ඔබ දන්නවා ද අපි යුද්ධයත් දිනුවා. ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ කරේ තිබුණු සයිනයිඩ් කරල් පවා අපි ඔවුන්ගේ කරෙන් ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අපි රටක් විදිහට ඉදිරියට යා යුතුයි. අපේ ජනාධිපතිතුමා සැලසුමක් හදලා ඒ තුළින් ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුවට 2/3 බලයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු අප්‍රමාණයි. ඒ ව්‍යවස්ථාව වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් හදලා ජනාධිපතිවරයාට හැටනව ලක්ෂයක් ඡන්දය දීලා ගොඩනගපු දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නට පාර්ලිමේන්තුවට 2/3 බලයක් ලබා ගැනීමට ඔබ කටයුතු කරයි කියලා දැඩි බලාපොරොත්තුවක් තියෙනවා.

රට ඉදිරියට ගෙන යන්න ලැබෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ගෙනියන්න ලැබෙන්නෙත් පක්ෂෙන්. එහෙම නැත්නම් අද රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල ජනාධිපතිවරයයි කළා වගේ කළොත් ජනතාවට සෙතක් වෙන්නේ නෑ. මෙයා කරන දේ අරය දන්නේ නැහැ. අරය කරන දේ මෙයා දන්නේ නැහැ වගේ. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. අපි ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. නැවත වාරයක් සිංහල මුස්ලිම් දෙමළ ජනතාවට එකට පදිංචි වෙන්න ලැබුණේ අපේ ආණ්ඩුව නිසා බවත් මේ අවස්ථාවේ සඳහන් කරනවා.

පාතාලය හා මත්ද්‍රව්‍ය දරුණු ලෙස රට පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අපේ තරුණ පිරිස් හා රටේ ජනතාව බරපතළ අපහසුතාවකට පත්වෙලා. මත් උවදුර ව්‍යාප්ත වීම කොතරම් ද කියනවා නම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට යොදවා සිටි පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පිරී ගොස් ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. වර්තමානය වන විට බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ වනවිට දරුණු අවදානම් තත්ත්වයක් බිහි වී තිබෙනවා. මේ තත්ත්වය නැති කිරීමට ජනාධිපතිවරයා පියවර අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රජය පිහිටුවීමෙන් පසු ඊට සම්පූර්ණ සහාය ලබා දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක මහත්වරුන් ඇතුළු කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෝ ද මෙම ජනහමු අමතා කතා කළහ.



අදහස් (0)

බන්ධනාගාරය අද නරකම තැනකට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17526 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site