(*** අංජුල මහික වීරරත්න)
‘වැරැදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර රට වළපල්ලට ඇද දැමූ පොහොට්ටු ආණ්ඩුවට වසර පහක් සඳහා නැවත රට ඉල්ලන්නට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි’, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහරගම දී පැවැසීය.
‘රට හදන්නට මුදල් හොයන්න දන්නේ නැතිනම් ජනපති සහ අගමැති එකම පක්ෂයේ සිටියාට පලක් නොවන බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට හදන්නට මුදල් සෙවිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණකැයිද’ අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එජාප මහරගම ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
මහරගම-තලපත්පිටිය නිව්සිරි උත්සව ශාලාවේ දී රැස්වීම පැවැත්විණි.
එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
අප මෙවර ජනවරමක් ඉල්ලන්නේ දැනට හිස්වී තිබෙන ඔබේ අතට මුදල් දීමටයි. ඔබේ අතට මුදල් දී රටේ ආර්ථිකයට නව පණක් දීමටයි. එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින්නේ ඒ ජනවරමයි.
ශ්‍රී ලංකාව අද දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ අර්බුදය පටන් ගත්තේ කොරෝනා වසංගතය නිසාම නොවෙයි. ඒ අර්බුදය ඇරැඹුණේ ජනවාරි මාසයේ දීයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ශීඝ්‍රයෙන් අඩුවී තිබෙනවා. විදේශ ආදායම් අඩුවෙලා. ආදායමක් නැතිව රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රටට අහිමිවී ඇති ආදායම ඩොලර් මිලියන 6000ක් - 7000ක් පමණ විය හැකියි. ඒ මුදල සොයා ගන්නේ කෙසේද?
ආනයන කරන භාණ්ඩ ඩොලර් මිලියන 7000කින් අඩු කළා යැයි කියා රටට දියුණුවක් ලබන්නට බැහැ. මෙරට කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, වෙළෙඳාමට අවශ්‍ය දේ නතර වූ විට නිෂ්පාදනය අඩු වෙනවා. එවිට ආණ්ඩුවේ ආදායම තවදුරටත් අඩු වෙනවා. මේ හේතුවෙන් ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙනවා.
මෙවැනි අර්බුද මහරගම වැනි ප්‍රදේශවලට තදින් දැනෙනවා. මහරගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳසල් ගණනාවක් තිබෙනවා. කොළඹ අවට ප්‍රදේශවලට වැඩිපුරම වෙළෙඳාම පවතින්නේ මාර්තු, අප්‍රේල් මාසවලදීයි. ඒත් මාර්තු අප්‍රේල් මාසවල වූයේ කුමක්ද? බඩු භාණ්ඩ විකුණන්නට හැකියාව ලැබුණ ද?
වැඩිපුරම වෙළෙඳාම තිබෙන මාසවල වාසිය ව්‍යාපාරිකයන්ට ගන්න නොහැකි වුණා. මේ වනවිට නැවත කඩ සාප්පු විවෘත කරනවා. එහෙත් ජනතාවට වියදම් කරන්න මුදල් තිබේද? ඔවුන්ට එදිනෙදා ආදායමවත් සොයා ගන්නට බැහැ. එහෙත් ආණ්ඩුව නිශ්ශබ්දයි. මේ අර්බුද සම්බන්ධයෙන් මැතිවරණයේදීවත් කතා කරන්නෙත් නැහැ.
ඔවුන් කතා කරන්නේ සැලුන් දොර අරිනවාද, වහනවා ද ආදී කාරණා පමණයි. දැන් තිබෙන්නේ සැලුන් දොර ගලවා, උකස් තබා තිබෙන තත්ත්වයයි. දොරක් ඇත්තෙත් නැහැ. ආණ්ඩුව නිශ්ශබ්ද වී සිටින්නේ ඔවුන්ට විසඳුමක් නැති නිසයි.
මේ අර්බුදය ඇරැඹුණා පමණයි. තවත් ඉදිරියට මෙම අර්බුදය මීටත් වඩා උග්‍ර වෙනවා. මේ අර්බුදය විසඳෙන්නට වසර දෙකක්වත් ගතවනු ඇතැයි කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ බව සඳහන් කරනවා. මේ ආකාරයට මාස හයක්වත් ඔබට ජීවත් විය හැකිද?
මාධ්‍යවේදීන්ගේ දීමනාත් අඩු කර තිබෙනවා. ඒ සමාගම්වලත් ආදායම අඩුවෙලා. තව මාස හයක්වත් මේ විදියට ගියහොත් මාසික වේතනයක් අඩු කරන්න සිදුවේවි. මේ සම්බන්ධයෙන් සමාගම්වලට දොස් කියන්න බැහැ. එසේ නම් දොස් කිව යුත්තේ කාට ද?
මේ තත්ත්වය යටතේ නැවත වසර පහකට රට ඉල්ලන්න නම් මේ ආණ්ඩුවට අයිතිය නැහැ. ජනතාව ඔවුන්ට වරමක් දුන්නා. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා එක පක්ෂයේ සිට කටයුතු කළා. ඒත් වූයේ කුමක්ද? ජනතාවගේ අතේ සල්ලි නැහැ. වැදගත් දේ ජනාධිපති සහ අගමැති එක පක්ෂයේ සිට එක්කාසු වී යනවාද? නැතිනම් ජනතාවගේ අතට සල්ලි දෙනවාද යන්නයි.
එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ජනතාවගේ අතට මුදල් දෙන්නයි. 2015 වසරේ මා ආණ්ඩුව ගන්නා විට අපට මන්ත්‍රීවරුන් 50ක්වත් සිටියේ නැහැ. ඒත් පෙබරවාරි මාසය අවසන් වෙන්න පෙර රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්න මට හැකියාව ලැබුණා. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රවී කරුණානායක මහතායි.
එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? මාර්තු, අප්‍රේල් මාසවල වෙළෙඳාම ශීඝ්‍රයෙන් වැඩිවීමයි. ආදායම වැඩි කරන්න හෝ වියදම අඩු කරන්න හෝ රටේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි. වියදම අඩු කළ විට ජනතාවගේ අතේ මුදල් ඉතිරි වෙනවා.
මෙම ආණ්ඩුවට විදේශ විනිමය සොයාගන්න හැකියාවක් නැහැ. ප්‍රධාන ආර්ථික සහිත රටවල් 20 එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආරම්භ කළේ සෙසු රටවල් සඳහා ආධාර උපකාර කිරීමටයි. සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියා. නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින, පකිස්ථානය ආදී රටවල් සඳහා මූල්‍ය අරමුදලෙන් ආධාර ලැබුණා. එහෙත් ලංකාවට ඒ ආධාරය ලැබුණේ නැහැ.
මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 850ක් ගැනීමට අපට අයිතිය තිබෙනවා. ඒත් ඒ මුදල අපට ලැබුණේ නැහැ.
ජපානයේ ජයිකා සමාගම ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට එවූ ලිපියෙහි ඒ බව පැහැදිලිව සඳහන්ව තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව ලිපියෙහි දක්වා තිබෙනවා. එයින් කියන්නේ ලංකාව සාර්ථක නැති බවයි. ඔළුව අත ගා ටොක්කක් ඇන්නා වගෙයි නේද?
අගෝස්තු පළමු සතියේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්කළහොත් අගෝස්තු තුන්වැනි සතිය වනවිට අදාළ මුදල් ගන්නේ කෙසේදැයි මා ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කරනවා. මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අනෙක් මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරනවා. පළමු කාරණය එයයි. ඒ මුදල් සොයා ගන්න මා සූදානම් බව මෙහිදී අවධාරණය කරනවා.
විදේශ මුදල් සොයාගත් පසුව ලංකා මුදල් සොයාගැනීම පහසුයි. ඩොලර් මිලියන 6000 ලැබෙනවා නම් ලංකාවේ මුදල් නොදෙන්නේ කවුද? එතැන් සිට රට ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන්න හැකියාව ලැබෙනවා. ආයතනවලට උපකාර කරන්නේ කෙසේ දැයි එවිට සැලසුම් කළ හැකියි. රැකියා ආරක්ෂා කරන්නේ කෙසේ දැයි සාකච්ඡා කළ හැකියි.
මා කියන්නේ ජනතාව අතට මුදල් දෙන ආකාරයයි. ආර්ථික තත්ත්වය යටතේ තවදුරටත් ජීවත්විය නොහැකි නිසා පොහොට්ටුවට නම් ඔබ ඡන්දය නොදෙන බව විශ්වාසයි.
ජනතාව අතට මුදල් අවශ්‍ය නම් ගෙදර ආර්ථිකය හදන්න වුවමනා නම් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි ද? රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
බල මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා සමඟ අපේක්ෂක අපේක්ෂිකාවෝ රැසක් ද සහභාගි වූහ.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආණ්ඩුවට ‘සැලුන් දොරත්’උකස් කරන්න වෙලා
Raveendra Friday, 10 July 2020 04:52 PM
අනේ අම්මපා මේ අපේ සත්ගුණවත් " මහා බැංකු හොරාකන්නගේ සංගමයේ " සබාපති නේද මේ? හරි ළමය තමයි හැබෑට කොහෙද හැංගිලා හිටියේ... කෝ හැබෑට සිංගප්පූර් භාණ්ඩාගාරිකයා? එතකොට කෝ මේ සංගමයේ ලේකම්? අර සතොස ගිල්ල කෙනා..
Rohana Sunday, 12 July 2020 03:01 AM
අපි දන්නවා පසුගිය අවුරුදු 5 රට හදපු හැටි. දැන් මරා එක්ක එකතුවෙලා ලොකු ගණුදෙනුවකට ලෑස්තිවෙන බවනම් පේන්න තිබෙනවා.