IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ගෝඨාභය අත්අඩංගුවට ගන්න යහපාලනය සූදානම් වුණා‘

(*** නාලක සංජීව දහනායක)

ඉකුත් යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (2) පැවැසීය.

දේශපාලන දඩයමට විරුද්ධවූ නිසා ආණ්ඩුවේම ඇමැතිවරයකු වූ තමන්ට ආණ්ඩුව සමග ගැටීම් ඇතිවූ බවද ඔහු කීය.
රාජිත සේනාරත්න මහතාට ඇවන්ගාඩ් සමාගමෙන් වරින් වර මුදල් දෙන ලදයි චෝදනා කර විජයදාස රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ලිපි ලේඛන තමන් සතුව තිබෙන බවද කීවේය.

  ඒ පිළිබඳ චෙක්පත් කීපයක ඡායා පිටපත්ද ඔහු මාධ්‍ය හමුවේ පෙන්වීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

අපේ රටේ අධ්‍යාපනය ලෝකයේ දියුණු රටවල මට්ටමට ගේන්න ඕන. මේ වනවිට අපේ රටේ ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය දරාගන්න බැරි විදියට බිඳ වැටිලා. මේ නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථාව ගිලිහීගොස් තිබෙනවා.

ඕනෑම කෙනෙකුට ජාත්‍යන්තර පාසල් ආරම්භ කරන්න පුළුවන්. ඒවායේ අයකරන මුදල සාමාන්‍ය කෙනෙකුට දරාගන්න බැහැ. ඒ ජාත්‍යන්තර පාසල්වල ලබාදෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම කෙනෙක් හොයන්නේ නැහැ. එමෙන්ම සමාගමක් ලියාපදිංචි කරන ඕනම කෙනෙක්ට පුද්ගලික විශ්වවිද්‍යාලයක්ද ආරම්භ කරන්න පුළුවන්. මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනය කරන්න කිසිම ප්‍රතිපත්තියක් නැහැ.

ඒ නිසා මුල් අවුරුද්දතුළදී අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදාගන්න අපි කටයුතු කරනව. දේශපාලන පලිගැනීම් හා මැදිහත්වීම නිසා අධ්‍යාපනයේ බිඳ වැටීමක් තිබෙනවා. බොහෝවිට මැති ඇමතිවරුන්ගේ ලිපිවලට සුදුසුකම් නැති උදවිය විදුහල්පති තනතුරට පත්වෙනවා. අධ්‍යාපනය දේශපාලනීකරණයවීම ඉතාම බරපතළයි. ඉකුත් ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ඉතාම කෙටි කාලයක් වැඩ කළා. මම ඒ ධූරය බාරගන්නාවිට අපේ රටේ ජාතික පසල් 353ක් තිබුණා. ඒ පාසල්වලින් විදුහල්පතිවරුන් හිටියේ පාසල් 10 කට පමණයි.

අනෙක් ජාතික පාසල් 343ම හිටියේ දේශපාලන අවශ්‍යතාමත පත්කළ වැඩබලන විදුහල්පතිවරුන්. එවැනි පාසල්වල අධ්‍යාපනය ඉතාම බරපතළ ආකාරයට කඩාවැටීම වළක්වන්න බැහැ. මම ඉකුත් වසරේදී විදුහල්පති පුරප්පාඩු පුරවන්න විභාගයක් පැවැත්වූවා. ඒ සදහා අයදුම්කරුවන් 17000ක් පෙනී සිටියා. ඉන් අයදුම්කරුවන් තුන්දහස් අටසිය අසූ එකක් සමත් වුණා. ඒ පිරිසෙන් එක්දහස් අටසිය පනස් අට දෙනෙක් බඳවා ගත්තා.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතනවලට එවකට ආරක්‍ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ බවට ප්‍රකාශ කළොත් තමන් නිදහස් කරන බවට එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූ බව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා දේශපාලන පලිගැනීම සදහා පත්කළ කොමිසමේදී සාක්‍ෂි දෙමින් පවසනවා. වැලිකඩ ඝාතන සිද්ධිය සොයා බලන්න කියලා කමිටුවක් පත් කළේ මමයි. එය ස්වාධීනව කටයුතු කළ කොමිසමක්.

යහපාලන ආණ්ඩුව පත්වෙලා තුන්වැනි සතියේදි අරලියගහ මන්දිරයට පොලීසිය කැඳවා ඇවන්ගාර්ඩි ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් දුන්නේ කිසිම දේශපාලන බලයක් නැති කමිටුවක් විසිනුයි. ඒ කමිටුවේ සිටියේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, අනුර කුමාර දිසානායක වැනි අයයි. මම ඒවාට විරුද්ධ වුණ නිසා ආණ්ඩුව සමඟ ගැටීම් ඇතිවුණා. යහපාලන ආණ්ඩුවේ අවුරුදු පහක කාලය සම්පූර්ණයෙන්ම වැයවුණේ දේශපාලන දඩයම සඳහා යැයිද ඔහු පැවැසීය.

රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක ඡානක වක්කුඹුර මහතා මෙසේ පැවැසීය.

තමන්ට ආණ්ඩුවක් හදන්න කිසිම හදිස්සියක් නැති බව සමඟි ජන බලවේගය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකුවූ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහත්තය පැවැසුවා. ඔවුන්ට ආණ්ඩු හදන්න බැරිබවත්, සජිත් අගමැති වෙන්නේ නැතිබවත් ඔවුන් දැනටම පිළිගෙන ඉවරයි. රනිල් - සජිත් දෙන්නම අද දඟලන්නේ සිරිකොතේ බලය අල්ලගන්න මිස ආණ්ඩු හදන්න නෙවෙයි.

අපේ රජය පාතාලය මර්දනය කරලා සැමට නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කරනවා. හැටනව ලක්‍ෂයක් දෙනා අපිට ඡන්දය දුන්නේ සැමට එකසේ නීතිය ක්‍රියාත්මක වන රටක් බිහිකරන්නයි.

කළුතර දිස්ත්‍රික් අපේක්‍ෂක යසපාල කෝරළගේ මහතාද මෙහිදී අදහස් දැක්වීය.

 



අදහස් (0)

‘ගෝඨාභය අත්අඩංගුවට ගන්න යහපාලනය සූදානම් වුණා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site