IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ත්‍රස්තවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නෑ

(***පුෂ්පකුමාර ජයරත්න)

යුද්ධ කළේ ත්‍රස්තවාදීන් සමග මිස යම්කිසි ජාතියක් සමග නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) කුරුණෑගලදී පැවැසීය.

රටක් තුළ ත්‍රස්තවාදයට ඉඩදීමට හැකියාවක් නැතැයි ද ඔහු කීය.

කුරුණෑගල, විලේගොඩ ඊයේ (21) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සමුළුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

සමුළුවට සහභාගි වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධීකරණය කරන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද සහභාගි විය.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම තරුණ හමුව සංවිධානය කර තිබූ අතර මැතිවරණ කොමිසමේ නියමයන්ට අනුව සිමීත පිරිසක් මේ සඳහා සහභාගි කරගනු ලැබ සිටියහ. සහභාගි වූ තරුණ තරුණියන්ට අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමටද මෙහිදී අවස්ථාව සලසා දී තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අද මේ රැස්වීමට සහභාගි වූ තරුණ තරුණියන් පිරිසක් ඔවුන්ට බලපා තියෙන ප්‍රශ්න රාශියක්ම මා වෙත ඉදිරිපත් කළා. මේ ප්‍රශ්න වලින් බොහෝමයකටම අවශ්‍ය විසඳුම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහටම මීට පෙර රැස්වීමකදී මගෙන් ප්‍රශ්නයක් අහපු තරුණයෙක් තමයි අද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට පත් කරලා ඉන්නේ.

ඒ අනුව තරුණයන් පිළිබඳව විශ්වාසයක් තියෙන ආණ්ඩුවක් විදිහට තමයි අපි කටයුතු කරන්නේ. අපි ඔවුන්ට වගකීම් පවරලා තියෙනවා. ඒවා හරියාකාරව ඉටු කරනවාද නැද්ද කියලා තමයි අපි බලාන ඉන්නේ.

තොරතුරු තාක්ෂණය පිළිබඳවත් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. දැන් අපි තොරතුරු තාක්ෂණය විෂයයක් බවට පත් කරලා තාක්ෂණවේදය කියන විෂයය යටතේ විශ්වවිද්‍යාලයටත් යන්න අවස්ථාව සලසලා තියෙනවා. දැන් විශාල පිරිසකට එම විෂයය යටතේ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව සැලසිලා තියෙනවා. අනික අපේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා විදිහට කටයුතු කරපු කෙනෙක් නිසා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පියවර රැසක් ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින ආචාර්යවරුන්ගේ දැනුමත් අපි මේ සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම අපි පසුගිය කාලයේදී දුරස්ථ  අධ්‍යාපනය පිළිබඳවත් අවධානය යොමු කළා. පාසල් වැහුනාම දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමටත් අවශ්‍ය පියවර අපි ගත්තා.

 වෙනමම අධ්‍යාපන කටයුතු සඳහා රූපවාහිනී චැනලයක් පටන් ගන්නත් අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දුන්නා. ඒ චැනලය පාවිච්චි කරලා විශේෂඥයින් ලවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පියවර අරන් තිබෙනවා.

මේ විදිහටම අපි තරුණයන් සඳහාත් වැඩපිළිවෙළවල් සකස් කරගෙන යනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා තොරතුරු තාක්ෂණය පිළිබඳව ඇල්මක් දක්වනවා. එතුමාට දැනුමකුත් තිබෙනවා. ඒ නිසා තරුණ පරම්පරාවට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් දැනුමක් ලබා දීම අපේ රජයේ ප්‍රධානම වැඩපිළිවෙළක් වී තිබෙනවා.

යුද්ධයක් අවසන් කරලා වුණත් රට ඉක්මනින් යථාතත්ත්වයට ගේන්න අප⁣ට පුළුවන් වුණා. මෙතැන ඉන්න තරුණ ඔබට ඒ අමිහිරි යුද්ධය පිළිබඳව අත්දැකීම් නැතිව ඇති. ඔබ දන්නේ නැහැ ඒ කාලයේ මේ රට තුළ තිබුණු තත්ත්වය මොකක්ද කියලා. ඒ යුද්ධය අවසන් කරලා රටේ සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හරිගැස්සුවා. නිර්මාණය කළා.

  ඒ නිසා අද නිදහසේ උතුරේ කට්ටියට දකුණට එන්නත් දකුණේ කට්ටියට උතුරට යන්නත් පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඔබට යුද්ධය පිළිබඳව අත්දැකීම් නැති නිසා අපි එම යුද්ධය කළේ ත්‍රස්තවාදීන් සමග මිසක් යම් කිසි ජාතියකට එරෙහිව නොවන බව හොඳින් සිතේ තබා ගන්න. රටක් තුළ ත්‍රස්තවාදයට ඉඩ දෙන්න හැකියාවක් කොහෙත්ම නැහැ .මේ රටේ අසූඅට - අසූනවය කාලයේ තිබුණු තත්ත්වය මෙතැන ඉන්න තරුණ ඔබ දන්නේ නැහැ. උතුරේ යුද්ධයට වඩා විනාශයක් රට තුළ සිද්ධ වුණා. එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ කොල්ලො කෙල්ලෝ මරලා දානවා.  අනික් පැත්තෙන් එවකට තිබුණු රජයත් ඒ වැඩේම කරගෙන ගියා.

නීතිඥවරයෙකු විදිහට උසාවි යනකොට මම එක දවසක්  උදේම තංගල්ලේ ඉඳලා මාතර දක්වා යන අතරවාරයේ මම ගණන් කළා තරුණයෝ තරුණියෝ විසිහත් දෙනෙක් මහපාරේ මරලා දාලා තිබුණා. මට මතකයි පොඩි කොල්ලෙක් හිටියා මුතුමාල කියලා. එයා තමයි පළමුවෙන්ම ගාල්ල සීනිමෝදර පාලම ළඟ මරා දමලා හිටියේ. ඒ වගේම තංගල්ලේ හිටිය මම දන්න තරුණයෝ දෙන්නෙක් රෑ පාඩම් කරලා ඉවර වෙලා පාරේ යනකොට ඒ දෙන්නාම අතුරුදන් කරලා දැම්මා. පසුව හමු වුණේ දෙන්නාගේ මළ මිනී පමණයි.

මේ ඉන්න තරුණ ඔබ නොදන්නා යුගයක් පහු කරලා තමයි අපි අද පැමිණ, මෙවැනි භයානක තත්ත්වයක් අපේ ආණ්ඩුව තුළ කිසිම අවස්ථාවක ඇති වෙලා නැහැ. අන්න ඒ දෙය තමයි ඔබේ මතකයේ තබාගත යුත්තේ.

මාත් වාසුදේව නානායක්කාර මහතාත් මේ අමානුෂික මිනිස් ඝාතනවලට එරෙහිව ජිනීවා ගියා. අපි ජිනීවාවලට ගිහින් වැඩියෙන් හිටියේ මහපාරේ ඉඳගෙන තමයි. සීතලට ගැහි ගැහී අපි දෙන්නම පාරේ ඇවිදගෙන ගියා. අපි පාරේ පයින් යනකොට අපි දකිනවා එල්ටීටීඊ සංවිධානයේ අය බෙන්ස් කාර් වලින් බීඑම්ඩබ්ලිව් කාර් වලින් යනවා ජිනීවාවල මානව හිමිකම් කොමිසමේ කාර්යාලයට.

එවැනි දුෂ්කර අත්දැකීම් විඳගෙන තමයි අපි අද මේ තැනට ඇවිත් තියෙන්නේ. තරුණ තරුණියන් වශයෙන් ඔබ මුලින්ම රට ගැන ආදරෙන් සිතන්න. ඔබ ඉපැදුනු රට මියැදෙන රට මේ රටයි. ඔබ වැනි අය රට ගැන වගකීමෙන් කටයුතු කරයි කියන දැඩි විශ්වාසය අපට තියෙනවා.

පසුගිය වසර පහ තුළදී මේ රටේ සංවර්ධනය ආපස්සට ඇදුනා. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ඇතිවුණු ගැටුම. රටක් පාලනය කරන නායකයෝ දෙපළක් අතර මෙවැනි ගැටුමක් ඇති වුණාම රටක සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ නිසා දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ආපස්සට ගිය ඒ අවුරුදු පහේම සංවර්ධන ආපසු ඉදිරියටම ගෙන යන්න. ඒ සංවර්ධන කර්තව්‍යය කරන්න නම් පාර්ලිමේන්තුව තුළ එකම දේශපාලන පක්ෂයක බලය අවශ්‍යයි.

අද විවිධ බොරු කට කතා පැතිර යනවා. ඔබලා ඒ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අනික් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා දෙන්නා අතරේ ගැටුමක් ඇති වෙලා තියෙනවා. නමුත් ජනතාව දැන් සත්‍යය තත්ත්වය තේරුම් අරන් තියෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ නායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති ජනිත් මධුෂාන් රන්තිලක මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින් වන යූ.කේ. සුමිත්, කමල් පෙරේරා මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

ත්‍රස්තවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නෑ

kavinda herath Monday, 22 June 2020 06:14 PM

කොහේ තියෙන ත්‍රස්තවාදයද...? ඡන්දෙදි ඔහෙලා විකුණාගෙන කන ත්‍රස්තවාදියාද..? යන්න හලෝ. ගෙදර ගිහින් පිනක්, දහමක් කරගෙන යන තැනකට යමක් කරගන්න. තව අවුරුද්දක්වත් අල්ලලා ඉඳීවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 286 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1507 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 470 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site