IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ඩීල්-මගඩි දේශපාලනයට ගාලු දිසාව කප් ගහලා

(*** අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)

ගාල්ල දිස්ත්‍රික්කය ඩීල් හා මගඩි දේශපාලනයට හොර ගිවිසුම් දේශපාලනයට ප්‍රසිද්ධ බවත්, ඩීල්, කොමිස් වලින් හත්මුතු පරම්පරාවට පමණක් නොව මතු පරපුරටම කෝටි ප්‍රකෝටි ගණනක් ගත් බවත් සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බලපිටියේ දී පැවසීය.

ඩීල් දේශපාලනයට සම්බන්ධ නොවූවන් හිරගෙදර බවත් කී සජිත් ප්‍රේමදාස මහතා තවත් සමහරුන් මහජන දේපළ අමු අමුවේ මහ දහවල් කොල්ල කා අධිසුඛෝපභෝගී ජීවිත ගත කරමින් රෑට හොඳින් නිදා ගන්නා බව ද, සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කසළ ඩීල් දේශපාලනය නිසා​ ලොකු ලොක්කන් හොඳටම හම්බ කරගත් බව කී ප්‍රේමදාස මහතා මේ අය මිනිසුන් ගැන සලකන්නේ මුදලට කප්පමට රුපියල් දෙතුන්දාහකට ගන්න පුළුවන් අය ලෙස ආත්ම ගෞරවය පහළට දමලා යැයිද අවධාරණය කළේය.

ඉදිරි මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග වදින බලපිටිය සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා ඇතුළු අපේක්ෂකයන් වෙනුවෙන් බලපිටිය නගරයේදී පැවැති ප්‍රචාරක රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේය.

සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසගේ සහභාගිත්වයෙන් පැවැති ප්‍රචාරක රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

සමගි ජනබලවේගය බලපිටියේ නායකත්වයට උගත් ප්‍රබුද්ධ තරුණ නායකයකු වූ නීතිඥ කමල් සොයිසා මහතා පත් කිරීමට ලැබීම ඉමහත් ශක්තියක්. අද බලපිටිය සංවර්ධන පදනම ආරම්භ කර එහි සභාපති තනතුරට කමල් සොයිසා මහතා නම් කළා. බලය තිබුණත් නැතත් එයින් බලපිටියට උපරිම සේවාවක් කරනවා.

එළැඹෙන මහා මැතිවරණයේ දී ජනතාවගේ අදහස අගෝස්තු 05 වැනිදාට දුරකතනයේ ජයග්‍රහණය සමග පෙනේවි.
අද මා බලපිටියේදී කතා කරන්නේ රටට කොඩි විනයක්වී ඇති රහසිගත දේශපාලනය ගැනයි.

රහසිගත දේශපාලනය නිසා මාත් අපහසුතාවට පත් පුද්ගලයෙක් වනවා. ජනාධිපතිවරණයේදී අපට තිබුණේ දින 30-31ක වගේ කෙටි කාලයක්. අඩුම ගාණනේ දින 60ක් මැතිවරණ ව්‍යාපාරය කරන්න තිබුණා නම් අප ඉතා ඉහළ තත්ත්වයකට පත්වනු නොඅනුමානයි.

ගාල්ල දිස්ත්‍රික්කය ඩීල් දේශපාලනයට මගඩි දේශපාලනයට ප්‍රසිද්ධයි. හොර ගිවිසුම්වලට ප්‍රසිද්ධයි. මෙයින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කර ගත්තා. හත්මුතු පරම්පරාවට නොව මතු පරම්පරාවට මුදල් උපයා ගත්තා.

මෙසේ උපයාගත් අපිරිසිදු මුදල් වලින් කොටසක් උපයෝගී කරගෙන එක් මන්ත්‍රීවරයකු සත්තෝෂම් බෙදනවා.
 
අපේ මහා මැතිවරණ ජයග්‍රහණය සමග පළාත් සභා මැතිවරණය එනවා. පළාත් සභා මන්ත්‍රීකම තව අවුරුද්දයි. හැමෝටම ජනතාව අතරට යන්න වෙනවා. ඉදිරියේදී කොටන් අදින අය දිනවන්න මම බලපිටියට එනවා.

කසළ ඩීල් දේශපාලනය නිසා ලොකු ලොක්කන් හොඳටම හම්බ කර ගත්තා. ඔවුන් දැන් මිනිසුන් සලකන්නේ රුපියල් දෙතුන් දහසකට මුදලට කප්පමට ගන්න පුළුවන් අය ලෙසයි. ඒ තරමට පහළට දාලා.

සමගි ජනබලවේගයේ කිසිවකු ඩීල් දේශපාලනයට සම්බන්ධ නැහැ. ඩීල් දේශපාලනයට සම්බන්ධ නොවුණ උදවිය අද හිරගෙදරයි. අනිත් අය මහජන දේපළ අමු අමුවේ මහ දවල් කොල්ල කෑ මූල්‍ය ආයතන හොරකම් කරලා අධිසුඛෝපභෝගී ජීවිත ගත කරමින් රෑට හොඳට නිදා ගන්නවා.

මේ අය කොච්චර හොඳින් නිදා ගත්තත් ජනතාවගේ බදු මුදල්, ජනතාවගේ දේපළ බියක් සැකක් නැතිව කොල්ලකෑව බව බය නැතිව කියනවා. මෙම හොර මගඩි දේශපාලනයට අපි සම්බන්ධ නැහැ.

හිටපු ඇමැති හා ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ධුර අපේක්ෂක ගයන්ත කරුණාතිලක මහතා ද, පියසේන ගමගේ, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, ජයන්ත ජයවීර, කමල් ජයන්ත ද සොයිසා, ආර්. පුෂ්පකුමාර ද සොයිසා යන මහත්වරුන් මෙහිදී කතා කළ අතර මනූෂ නානායක්කාර, තාරක නානායක්කාර, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



අදහස් (3)

ඩීල්-මගඩි දේශපාලනයට ගාලු දිසාව කප් ගහලා

Rata Perata Saturday, 27 June 2020 07:32 AM

ගහලා විතරක් නොවේ... පක්ෂ, පාට නැතුව බොහෝමයක් දේශපාලකයෝ ඩීල් කාරයෝ තමයි.

:       0       0

saman Saturday, 27 June 2020 03:58 PM

ඔය ඩීල් ගැන කියන්නේ සමගි ජනබලවේගයේ සජිත් සහ කණ්ඩායම... නමුත් පසුගිය දවසක කරුණා අම්මාන් රටටම මාධ්‍ය මගින් කියා සිටියේ සජිත්ගේ පියා බාලසිංහම් සමග ඩීල් දැම්මා කියලා. මේ කියන්නේ කරුණා අම්මාන් කොටින් සමග හිටපු කාලේ යවපු අවි ආයුධ බාර ගත්තෙත් කරුණාලු. සජිත්ට පුළුවන් ඔබගේ දුරකථනයෙන් කරුණට කෝල් කරලා සත්‍ය දැනගෙන රටට, ජනතාවට සත්‍ය පැහැදිලි කරන්න. ඔහුට වගකීමක් තියෙනවා. සජිත් අනාගත අගමැති වෙන්න ඉන්න පුද්ගලයා. අනුන්ගේ නොදන්නා ඩීල් ගැන කතා නොකර කරුණාගේ කතාවට පිළිතුරක් දෙන්න.

:       0       0

sohan Saturday, 27 June 2020 04:52 PM

ඩීල්-මගඩි දේශපාලනය සජිත් මෙන්ම ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනෙකුගේ දේශපාලන සටන් පාඨයක් බවට පවා ඇත. පසුගියදා හරීන් කියාසිටියේ අගරදගුරු පවා මේ ඩීල්-මගඩි දේශපාලනයේ සියයට 5හේ කොටස් කරුවකු කියාය. අගරදගුරු කතා දේශපාලනයක යෙදෙන බව හරීන් කියා සිටියේය. සජිත් අගරදගුරුගෙන් සමාව ඉල්ලා සිටියේත් හරීන් එසේ කියා ඇත්නම්, ඔහුගේ එම ඩීල්-මගඩි ප්‍රකාශය වැරදි බව සමගි ජනබලවේගයේ නායකයා වශයෙන් ඔහු සමාව ගන්නා බවකි. අද දිනයේ ඔවුන් දෙදෙනාම හරින් සහ සජිත් අගරදගුරු හිමිපාණන් බැහැ දැක වැඳ නමස්කාර කොට සමාව අයැද සිටියේය. මෙයින් පෙනී යනුයේ ඩීල්-මගඩි කතාවන් කිසිසේත්ම සත්‍යයෙන් තොර හුදු දේශපාලන වාසි තකා පමණක්ම සමගි ජනබලවේගයේ මාධ්‍ය සාකච්ඡාවල සහ වේදිකාවල කියන්නා වූ සම්ප්‍රප්ඵලාප බව අවිවාදයෙන් ඔවුන් විසින්ම පිළිගෙන ඇතිබව අගරදගුරු හිමිපාණන්ගෙන් සමාව අයදීමෙන් ඔවුන් මුළු රටටම පෙන්වීය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 280 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1504 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 466 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site