(***නාලක සංජීව දහනායක, ***දිනේෂ් උපෙන්ද්‍ර, ***චාමර විමලරත්න)
මහමැතිවරණය ජයගැනීමෙන් පසුව රට නොබෙදා උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදී සිටින ප්‍රශ්න විසදීමට රජය කටයුතු කරනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්දා 23 වැනිදා පැවැසීය.
උතුරු හා නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් හමුදා සේවයේ යෙදී සිටි ජනාධිපතිවරයාට එම පළාත්වල ජනතාවගේ සිතුම් පැතුම් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බවද අගමැතිවරයා කීය.
කුරුණෑගල, නිකවැව, රඹේහන්දිය, කුලියාපිටිය, ලබුයාය, පොල්ගහවෙල යන ප්‍රදේශවල ඉකුත් දිනවල පැවති ජනහමුවලට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය කිසිදු සැලැස්මක් හා දර්ශනයක් නොමැතිව රටේ පාලනය කළා. ඒ නිසා රටේත් ජනතාවගේත් අනාගතය සම්පූර්ණයෙන්ම අපතේ ගියා. කොස් කොළ හා ක්‍රෝටන් කොළ කන්න කියල ජනතාවට කියපු උදවිය අද ඡන්දය ඉල්ලා ජනතාව අතරට ඒම විහිළුවක්.
රටේ සංවර්ධනය වගේම ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමත් රජයක වගකීමයි. ජනතාව සමඟ සමීපව කටයුතු නොකිරීම නිසා හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැරල කොළඹට එන්න සිදුවුණා. ඔහු ජනාධිපතිවරණ ජයගන්න හම්බන්තොට ජනතාවට නොයෙක් මාදිලියේ තෑගි, බඩු භාණ්ඩ ලබාදුන්නා. ඒත් ඔහු ජනතාවගේ හදවත හඳුනාගත්තේ නැහැ. ඒ නිසා අඩුම තරමින් තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභාවක්වත් ජයග්‍රහණය කරවාගන්න බැරි වුණා.
ජනතාව බුද්ධිමත් නිසා භාණ්ඩ බෙදාදීම වැනි දේ කරලා දේශපාලනය කරන්න අද හැකියාවක් නැහැ. තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න හැකි පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්න ජනතාව කටයුතු කරනවා. ඒ වගේම පරාජයට සාර්ථක මුහුණ දිය නොහැකි පුද්ගලයන් රටක නායකත්වයට සුදුසු නැහැ. සැබෑ නායකයන් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයන් විය යුතුයි.
මහමැතිවරණය ජයග්‍රහණය කරලා රට නොබෙදා උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරනවා. ජනාධිපතිවරයා හමුදාවේ සේවය කරන කාලයේදී අවුරුදු ගණනාවක්ම උතුරු හා නැගෙනහිර පළාත්වල සේවය කළා. ඔහුට ඒ පළාත්වල ජනතාවගේ සිතුම් පැතුම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
පහුගිය පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා එක පැත්තකත් අගමැතිවරයා තවත් පැත්තකත් හිටපු නිසා රට සංවර්ධනය කරන්න බාධා ඇති වුණා. ඒ දෙගොල්ල දෙපැත්තට ඇද්දා. ඒ අර්බුදය ආයේ ඇති වෙන්න දෙන්න බැහැ. ඒ නිසා ජනාධිපතිවරයාගේ පැත්තෙම පාර්ලිමේන්තුවක් හදන්න අපි කටයුතු කරනවා. අපි මැතිවරණයට ඉදිරිපත් කළේ රට, ජාතිය හා ආගම පිළිබඳව හොඳ හැඟීමක් තිබෙන උදවියයි. එවැනි අය පාර්ලිමේන්තුවට එවන්න ජනතාව කටයුතු කරාවි. අපි වැඩ කරන්න ඕන ආසනේට නෙමෙයි’ අපි මුළු රටටම වැඩ කරන්න ඕන. මහමැතිවරණය ජයග්‍රහණය කරල නැවතුණ තැනින් ආයෙමත් රට සංවර්ධනය කරන්න පටන් ගන්නවා.
වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු හා මහමැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයෝ පිරිසක්ද මෙම ජනහමු ඇමතූහ.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඡන්දයෙන් පසු රට නොබෙදා ප්‍රශ්න විසඳනවා
Rata Perata Saturday, 27 June 2020 07:34 AM
මේ කියන බොරුවලට මේ අය කොහේ යයිද දන්නේ නැහැ මරණින් පස්සේ..?