IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එජාපය කඩාගෙන ගිය අය සිරිකොත අල්ලන්න හදනවා

(*** වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් වශයෙන් අප රටේ නව රජය පිහිටුවීමට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස මේ මැතිවරණයේදී ‘‘බිල්ඩිමක්’’ අල්ලන්න සූදානම් වෙනවා යැයි ආරක්ෂක රාජ්‍ය  හිටපු අමාත්‍ය සහ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින කැලණිය එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා අත්තනගල්ලේදී පැවැසීය.

අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කැන්දලන්දවත්ත, වෙලගෙදර, කත්තොට, බෝපැත්ත, කඹුරුගල්ල, පල්කුඹුර, රන්පොකුණගම යන ගම් හතෙහි මේ රැස්වීම පැවැත්විණි.

රැස්වීම් ඇමැතීමට පෙර ඓතිහාසික අත්තනගල්ල රාජමහා විහාරස්ථානයට ගිය අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා අත්තනගල්ල ඉහළ පන්සලේ විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමිපාණන් සහ අත්තනගල්ල පහළ පන්සලේ විහාරාධිපති පින්නවල සෝමානන්ද හිමි බැහැදැක නා හිමිවරුන් විෂයෙහි අටපිරිකර පූජා කර මහා සංඝරත්නයේ ආශිර්වාද ගත්තේය.

අනතුරුව රැස්වීම් ඇමතූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් වශයෙන් අප  රටේ නව රජය පිහිටුවීමට කටයුතු කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය පිරිස මේ මැතිවරණයේදී ‘බිල්ඩිමක්’ අල්ලන්න සූදානම් වෙනවා.

කලබලකාරීන් පිරිස අපේ පක්ෂය දෙකට කඩලා. නියම එක්සත් ජාතික පාක්ෂිකයින් සිටින්නේ අප සමගයි.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන්කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස යන එක්සත් ජාතික පක්ෂයේ සිටි නායකයින් දිවිහිමියෙන් පක්ෂය ආරක්ෂා කළා. පක්ෂය රැකබලා ගත්තා. එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අනුව කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂ​ෙයන් මෑතකදී කඩාගෙන ගිය කණ්ඩායම කියාගෙන යනවා ‘‘සිරිකොත’’ අල්ලනවාලු. නමුත් අප කටයුතු කරන්නේ රටේ නව රජය පිහිටුවීමටයි. අතීතයේදීත්  එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනකු පක්ෂය කඩාගෙන ගියා. ඒ ගිය බොහෝ දෙනකු නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණියා.

දැන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෝ නැහැ කියනවා. ප්‍රබලයෝ හදන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයෙන් පෝෂණය වෙලා, එක්සත් ජාතික පක්ෂයට අපහාස කරන එක ගැන මා කනගාටු වෙනවා. පක්ෂය කඩාගෙන ගිය පිරිස අනාගතයේදී එක්සත් ජාතික පක්ෂයට එනවා.

අප ඉදිරියේදී සියලු ජනකොටස් එකතු කරගෙන රටේ නව රජය පිහිටුවනවා.

අත්තනගල්ල නගරයේ නව වෙළෙසලක් විවෘත කිරීම ද රුවන් විජයවර්ධන මහතා  විසින් මෙදින කරන ලදී.
‘ජනහමු’ සඳහා මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරන තුෂාරි ප්‍රියංගා, අසිත මාන්නප්පෙරුම, අත්තනගල්ල එජාප බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් හොරගොල්ලාගම ලෙස්ලි ලක්ෂ්මන්, රුවන් විජයවර්ධන මහතාගේ අත්තනගල්ල කොට්ඨාසයේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන  මනෝජ් ප්‍රියදර්ශන, සුමිත් රණසිංහ, අත්තනගල්ල එජාප ප්‍රචාරක ලේකම් ධර්මරත්න ජයකොඩි යන මහත්ම මහත්මීහු ප්‍රමුඛ පිරිස සහභාගි වූහ.

 



අදහස් (1)

එජාපය කඩාගෙන ගිය අය සිරිකොත අල්ලන්න හදනවා

vinivida Wednesday, 24 June 2020 01:49 PM

එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා කියා වෙනත් අයවලුන් ලවා පිම්බෙන්නට සූදානම් වන පුද්ගලයින් සහ එම පුද්ගලයින් කුලියට පුම්බන පුද්ගලයන් සිතේ තබා ගත යුත්තේ තනතුරු හිස් වූ පමණින් සහ පක්ෂය තුළ දිගුකලක් සිටිපමණින් එම තනතුරු සඳහා එකම සුදුසුකම කියා සිතමින් හෝ එම තනතුරු සදහා සිහින මවන්නේ නම් දැන්මම එම අදහස අතහැර දැමීම වඩාත් කාලෝචිත වේ. ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ලැබෙනුයේ පළමුව අවංකත්වය, විශ්වාසය සහ නිර්මාණශීලි පුද්ගලයන් හටවේ. අන් සියල්ලක්ම සලකනු ලබන්නේ ඉන්පසුව වේ. මේ දිනවල කොළඹ දේශපාලන රැස්වීමවලින් ඇසෙන මෙවැනි අනවශ්‍ය කතාවන් යළිත් සිදුනොවන ආකාරයට කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site