IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අසහනයට - පීඩනයට තිත තියනවා

(*** අංජුල මහික වීරරත්න)

‘‘අසහනයෙන් පීඩනයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු පාලනය වෙනුවට මනුස්සකම රජයන හිතක් පපුවක් ඇති පාලනයක් බිහි කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය  හමුවේදී ඊයේ (7)පැවසී ය.

වර්තමානයේ දී බිහි වී ඇත්තේ ජනතාවගේ බලාපොරොත්තු සමග සෙල්ලම් කරන පාලනයකැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.

ඇතුල් කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ  පැවැති මාධ්‍ය. හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ  සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

‘‘අද වන විට අපේ රටේ ලක්ෂ ගණනින් ජනතාව ජීවත් වෙන්න මගක් නැතිව දුක් විඳිනවා. පීඩනය ඉහ වහා ගිය ජීවිත ගත කරනවා. එදා වේලවත් කන්න නැතිව සුසුම් හෙළනවා.  

දරු පවුල් ජීවත් කරවන්න නොහැකිව අප්‍රමාණ දුක් විඳිනවා. මුදල් අතේ නැහැ. රැකියා නැහැ. ස්වයං රැකියාවක්වත් කරගන්න විදිහක් නැහැ. ජීවන වියදම අහස උසට නැගලා. කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට වේතන නැහැ. දුප්පත්කම අහස උසට නැගලා.

නාගරික සහ ග්‍රාමීය අසහනය එන්න එන්නම උත්සන්න වෙලා.​ මේ වෙලාවේ ආණ්ඩුවේ වගකීම වැටිලා ඉන්න ජනතාව ගොඩ ගැනීමයි. ඔවුන්ගේ  ජන ජීවිත සුරක්ෂිත කරන එකයි. මානසික පීඩනයෙන් මුදවාගෙන ජීවිත ආරක්ෂා කරන එකයි. හරි නම් ආණ්ඩුව  සල්ලි කුට්ටි ගොඩගහ ගන්න හිස් මහා පරිමාණ ව්‍යාපෘතිවල යෙදෙනවා වෙනුවට රටේ තිබෙන සීමිත රාජ්‍ය  අරමුදල් ජන දුක නිවන්න යොදන්න ඕන.
 
ජනතාවගේ බලාපොරොත්තුව මනුස්සකම රජයන යුගයක්. හිතක් පපුවක් ඇති පාලනයක්. දුක නිවන පාලනයක්. සුරක්ෂිත පාලනයක්. ඒත් ලැබී තිබෙන පාලනය කුමක්ද?  ජනතාවගේ දුක නොහිතන, ජනතාවගේ බලාපොරොත්තු එක්ක සෙල්ලං කරන පාලනයක් අද බිහි වෙලා. ජනතාව මහ පාරට ඇද වැටෙන යුගය නිර්මාණය වෙලා.

ඒ වෙනුවට හිතක් පපුවක් ඇති  පාලනයක් වෙනුවෙන් අප ඇප කැප වෙනවා. ඒ වෙනුවෙන් අප රටේ සියලු‍ ජනතාවට ආරාධනා කරනවා. ජනතාව දුක් වින්දා ඇති.  

අසහනයෙන්, පීඩනයෙන්, අපේක්ෂා භංගත්වයෙන් කලකිරීමට පත් වෙනවා වෙනුවට ඔබේ ජන ජීවිතය ශක්තිමත් කරන්න, ජනතා හිතැති පොදු ජන සේවාවට ඇප කැප වූ පාලනයක් වෙනුවෙන් කැපවෙමු. ඊට නායකත්වය දෙන්න සූදානම් යයිද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

අසහනයට - පීඩනයට තිත තියනවා

Bamunuarachchi Monday, 08 June 2020 01:09 PM

‘‘අසහනයෙන් පීඩනයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු පාලනය වෙනුවට මනුස්සකම රජයන හිතක් පපුවක් ඇති පාලනයක් බිහි කරන බව’’ දවල්ද ?

:       2       72

nimalMonday, 08 June 2020 01:47 PM

නැත. මේ හඳෙන් හාල් ගෙනත් දෙනවා වගේ කතාවක් කියන්නේ...

:       1       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site