(*** කිරිඳිවැල උපාලි රණවීර, ***ගම්පහ තිලකරත්න දිසානායක)
එක්සත් ජාතික පක්ෂය හා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව යෝජනා ස්ථිරත්වයෙන් පිහිටු වූ සමගි ජන බලවේගයේ ඉදිරි ගමන අඩාල කිරීමේ චේතනාවෙන් දේශපාලන ඩීල් දමා මගේ කකුලෙන් අදින්න පටන් ගෙන තිබුණද සියලු කුමන්ත්‍රණ පරදා දුරකථනය ජයග්‍රහණය කර සමගි බලවේග රජය පිහිටුවීමෙන් හා ඇමති මණ්ඩලය පත් කිරීමෙන් පසු සිරිකොත බලයද අල්ලන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහදී පැවසීය.
සමගි ජන බලවේග පක්ෂ මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේය.
ගම්පහ ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා හමුව සංවිධානය කර තිබුණි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
‘‘වත්මන් පොදුජන පෙරමුණ බලයට පත්වීමට පෙර සිටම ජනතාව මුළා කළා. කැලණි ගඟෙන් රන් කරඬුවක් මතුවීමේ සිද්ධිය සමගින් බුද්ධාගමටත්, මහා සංඝරත්නයටත් නිග්‍රහ කළා. ඒ සිද්ධියත් සමග රටේ ස්වර්ණමය යුගය උදාවන බවද ප්‍රකාශ කළා. දුරභීක්ෂ, නාය යෑම්, ගංවතුර, ලෙඩ රෝග යළිත් නොවන බවද ප්‍රකාශ කළා. ඒත් කොරෝනා වෛරසය රට විපතට පත්කළා. ගං වතුර, නාය යෑම ජනතාව පීඩාවට පත්වීම් නොකඩවා වෙනවා.
පරිප්පු, සැමන්වලිනුත් බොරුව කළා. සහල් මාෆියාවත් ඒ වගේම සැලසුම් සහගත වැඩක් වුණා. කොරෝනා සහන දීමනාව මගින්ද ජනතාව ප්‍රදේශයේ පොහොට්ටු මන්ත්‍රීන් හමුවේ දනින් වැටෙන තත්ත්වයට පත් කළා. මාර්තු, අප්‍රේල් විදුලි බිල හා ජල බිල් ගෙවන්න එපා කියා ඇමැතිවරයකු ජනතාවට කිව්වා. නමුත් මැයි මාසයේ සියලු අය කිරීම් බිලට එකතු කළා. රට යහපත් තත්ත්වයට පත්වනතුරු සමගි ජන බලවේගය රජය යටතේ අප සෑම පවුලකටම රුපියල් 20000ක සහන දීමනාව දෙනවා.
ගම්පහ ප්‍රදේශයේ එජාප අපේක්ෂකයෙකු පළාත් පාලන නියොජිතයින්ට බලපෑම් කරන්න පටන්ගෙන තිබෙනවා, මන්ත්‍රීවරුන්ට හිස් කොළේකට අත්සන් කරන්න කියලා. අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න එතුමාට කිසිදු අයිතියක් නැහැ. ඔහු දැන් මහ බැංකු කල්ලියත් සමග එකතු වෙලා. හොඳ බඩු ටිකක් තමයි ඒ පැත්තේ ඉන්නේ.
ඔවුන් සමගම ඒ කල්ලියේම හිටියාවේ. බයවෙන්න එපා. සමගි ජන බලවේග රජය ස්ථිරවම අප පිහිටුවනවා. දිනන අයට වගේම පරදින අයටත් ප්‍රතිපාදන දෙනවා. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමටයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ගම්පහ නගර සභා මන්ත්‍රී වරුණ මහීපාල යන මහත්වරුද අදහස් දැක්වූහ.
රංජන් රාමනායක, හර්ෂණ රාජකරුණා, එඩ්වඩ් ගුණසේකර, යූ. ජෝර්ජ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිස මේ අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා අහනකොට අර ලක්ෂ 57ට හිතෙන්නේ නැද්ද මෙයා වගකීමක් දෙන්න සුදුස්සෙක් නොවෙයි කියලා. හිතෙන්නේ නැහැ... මොකද ඒ ගොල්ලොත් මෙයා වගේමනේ... මේවා ඉස්කෝලේ 2 පන්තියේ කතා නේද? අනික එයා හැදුණු වැඩුණු පැත්ත බැලුවාම මීට වඩා දෙයක් කියන්න දන්නෙත් නැහැ.
"මොන වෙට්ටු දැම්මත් ආණ්ඩුවක් පිහිටුවනවා" ඒක ඇත්ත හැබැයි ආණ්ඩුව පිහිටවන්නේ මෙයා නොවෙයි පොහොට්ටුව...
හොඳටම කචල් වගේ. මෙහෙව් අයටද රට දෙන්නේ?
ඔබතුමා තවම ජනාධිපතිවරනෙදි හිටපු පුද්ගලයාමයි. කටට එන දේවල් චාරයක් නැතිව දානවා. කිසිම පදනමක්, හරයක් නෑ. ඕව එහෙනම් අපිට නං හිතෙන්නෙ අටේ පන්තිය තියා මොන්ටිසෝරියවත් පාස්ද කියලයි. මේ මාසකීපෙට ජනාධිපති තුමා වැඩකරන පිලිවෙල දිහා බලල ඉගෙන ගන්න හරි තිබුනා. ඔව් ඒකටත් මොලේ කලදක් හරි තියෙන්න ඕනැ නොවැ....
දාලා තිබෙන ඩ්ස්ලයික් වලින් පෙනෙනවා මෙයාගේ ජාතියේ තව මෙතන ඉන්න බව. අරය ඇඟිල්ල දික්කරගෙන අමතන්නේ මේ ටිකට තමයි. නැතුව අපිට නොවෙයි.
"සමගි ජන බලවේගය රජය යටතේ අප සෑම පවුලකටම රුපියල් 20000ක සහන දීමනාව දෙනවා "අප්පාගේ බුදලයෙන් වෙන්න ඇති. 20000 ගන්නවට වඩා හොඳයි රන්ජන්ට කියලා කරගන්න එක. තාමත් හිතන්නේ රටේ ඉන්න ඔක්කොම ගොබ්බයො කියලා. නැහැ හලෝ ගොබ්බයන් ඉන්නේ ලක්ෂ 55 යි
සජිත් ප්‍රේමදාස ලංකා දේශපාලනයේ සිටින වෙනස්ම පුද්ගලයෙකි . ඔහු අබියෝගවලට කිසි සේත්ම බියක් නොමැත. එක්සත් ජතික පක්ෂයෙන් පිටව ගොස් ඔහු සමගි ජනබලවේගය නමින් පක්ෂයක නායකයාව සිටි. මේ වනවිට ඔහු වටා ප්‍රබල ආර්ථික විශේෂඥයින් පිරිසක්ද සිටි? ඔව්න්ගේ අනු දැනුම සහ උපදෙස් මත සජිත් ආර්ථිකය පිළිබද රටේ ජනතාවට පොරුන්දු ලබාදෙමින් සිටී. පළමුවන පොරොන්දුව නම් සජිත් කියා සිටින්නේ ඔහු අගමැති වූ සැනින් ක්‍රියාත්මක වී සෑම පවුලකටම රුපියල් 20000ක් අනිවාර්යයෙන්ම ලබාදෙනවා පමණක් නොව ඉන්දන මිල, ගෑස් මිල , පමණක් නොව විදුලි බිල, වතුර බිල ජනතාවගේ අගට දැනෙන ලෙස අඩුකරන බවකි. මැදපෙරදිග රැකියා කරන සියලු රටවිරුවන් ඔහු බලාගන්න බවද කියවේ. රැකියා විරහිත සියලු දෙනාහට සජිත් අගමැතිවූ සැනින් රැකියා ලබාදීමට මේවනවිට සියල්ල සුදානම් බව ඔහුගේ ආර්ථික උපදේශකයන් වන හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන දෙදෙනාගේ ප්‍රකාශවලින් තහවුරු වේ. ආර්ථික විශේෂඥයින් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනාම වර්තමාන රජයේ ආර්ථික පමණක් නොව සෑම අංශයකින්ම අසාර්ථක බව ප්‍රකාශ කරමින් සිටින්නේ සමගි ජනබලවේගයයේ ආර්ථික සැලසුම් මේ වනවිට සකස්කර ඇතිනිසා වන්නට පුළුවන.
"සජිත් ප්‍රේමදාස ලංකා දේශපාලනයේ සිටින වෙනස්ම පුද්ගලයෙකි. ඔහු අභියෝගවලට කිසිසේත්ම බියක් නොමැත." ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තිබෙනවා දේවදූතයන් පය තබන්න බියවෙන තැන්වල මොඩයින් පිනුම් ගසති කියලා...
ජනතාවට වෙට්ටු දාලා ආණ්ඩුව හදන්න ඉන්නේ. අමතක කරන්න එපා.. ඔය ආණ්ඩුව හදන්න පුළුවන් ජනතාවගේ ඡන්දයෙන් පමණක් බව...