IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්ද කොමිසමේ ඇතැම් ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක්

(*** නාලක සංජීව දහනායක)

මැතිවරණ කොමිසම මැතිවරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග ගැන සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (15) පැවැසීය.

එම ක්‍රියාමාර්ග අනාගතයට භයානක පූර්වාදර්ශ සපයන බව ද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මහාචාර්යවරයා මෙසේද පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිකම තිබෙන අයකුට මැතිවරණයකට තරග කරන්න බැහැ. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිකම තිබෙන අයකුට මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. මේක හරිම පුදුමසහගත තත්ත්වයක්.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාප නිසා අපේ පක්‍ෂයට දැඩි අසාධාරණයක් සිදුවුණා. ඔහුගේ ප්‍රකාශ නිසා කිසිදු පක්‍ෂයකට වාසියක් හෝ අවාසියක් සිදුනොවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ පක්‍ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් එම පැමිණිල්ල ගැන කිසිම දෙයක් දැනගන්න නැහැ. මේ වැඩ දැක්කම මැතිවරණ කොමිසමේ ඉන්නේ නිලධාරීන්ද?, එහෙමත් නැත්නම් දේශපාලනඥයන්ද? කියන ගැටලුව අපිට මතුවෙනවා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමිසමට පත්කරන්න පුළුවන් සාමාජිකයන් තුන්දෙනයි. එහි ගණපූර්ණයත් එච්චරයි. මෙහෙම අද්විතීය තත්ත්වයක් ලෝකයේ කිසිම රටකින් වාර්තාවෙන්නේ නැහැ. මෙහෙම සංයුතියක් හැදුවේ මැතිවරණ කල්දමාගැනීමේ කූඨ අරමුණ ඉටුකර ගන්නයි. මහමැතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලබාගත යුතු බව කොමිසම පැවසුවා. එය ඉතාම භයානක පූර්වාදර්ශයක්. කොහොම නමුත් මැතිවරණ කොමිසම මැතිවරණ සම්බන්ධයෙන් ගනිපු පියවර ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අපි ඒ ගැන දැඩිව අවධානය යොමුකළ යුතුයි. නීතියේ පවතින මේ අඩුපාඩුකම් නිසා දරුණු ප්‍රතිවිපාක ඇතිවෙමින් තිබෙනවා.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න රජය කොමිසමක් පත්කළා. එය සත්‍ය සොයා ගැනීමේ අවංක චේතනාවෙන්ම පත්කළ කොමිසමක්. හිටපු පොලිස්පතිවරයාට චෝදනා රාශියක් එල්ල වෙනවා. මොනදේ වුණත් ඔහු අස්කරන්න බැහැ. අවස්ථානුකූලව වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීම පමණයි කළ හැක්කේ. පාතාලය ගැන හා බන්ධනාගාරය ගැන නොයෙකුත් දේ හෙළිවෙමින් තිබෙනවා. මේවා නිවරැදිවෙන්න නම් නීතියේ යම් යම් සංශෝධන සිදුවිය යුතුයි. මහ මැතිවරණය ජයගෙන රට යථා තත්ත්වයට පත්කරන්නට කටයුතු කරනවා යැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් හා බදුල්ල දිස්ත්‍රික් අපේෂක උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.



අදහස් (1)

ඡන්ද කොමිසමේ ඇතැම් ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක්

Rohana Tuesday, 16 June 2020 12:02 PM

මැතිවරණ කොමිසමේ අඩුපාඩු හොයන්න කලින් තමුන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටියොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site