IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වසර 15 කින් බලමණ්ඩලය රැස්වෙලා නෑ

(*** අංජුල මහික වීරරත්න)

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2005 වසරෙන් පසුව පක්ෂ බල මණ්ඩලය කිසි දිනෙක රැස්වූයේ නැතැයිද, දිගින් දිගටම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය පිරිහීමට පත්වූයේ මේ නිසා යැයි”ද එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.

“සියලු ප්‍රශ්න හමාර වී ඇති හෙයින් දැන් පක්ෂයට ආදරය කරන සැමට එක්ව ඉදිරියට යාමට හැකියාව ලැබි ඇතැයිද” කුලරත්න මහතා වැඩිදුරටත් කීය.

පිටකෝට්ටේ - සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පෙරේදා (6) පැවති මාධ්‍ය හමුවේද වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද කුලරත්න මහතා මෙසේද පැවැසීය.

“මෙතෙක් කල් ජයග්‍රහණය කරන්න බැරිවූයේ 2005න් පසු එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කවදාවත් රැස් නොවුණු නිසයි. පක්ෂ සංවිධාන ගොඩනැඟුවේ නැහැ. හැමදේම අඩපණ වුණා. ඒ හැමදේම නිසා අප පරාජය වුණා.
අපේ පාට කොළයි. අපේ ලකුණ අලියායි. අපේ පක්ෂය වටා හැමෝම එක්රොක් වි ඉදිරි ගමනක් යන්න පුළුවනි. අපට දිනන්න හැකියි. අපේ කණ්ඩායම හොඳට වැඩකර තිබෙන කට්ටියක්. ඒක නිසා අපට අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ හැකියි.


එක්සත් ජාතික පක්ෂ තංගල්ල ආසනයේ බලය ලත් නියෝජිත දිනේස් කුමාර මහතා:-
මෙතෙක් කල් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් අප දුටුවේ එක පුද්ගල රංගනයයි. එක පුද්ගලයකු වටායි සියලුම පාක්ෂිකයින් සහ අනුගාමිකයින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්, නියෝජිතයින්, අපේක්ෂකයින් රොක්වුණේ.

ඒකපුද්ගල රංගනය ඉදිරිපත් කල අය මොකක්ද කියන්නේ? ඒක සියලුදෙනාම පිළිගත යුතුයි. හරි-වැරැද්ද කිසිම කෙනෙකුට තර්ක කරන්න බැහැ. පසුගිය අවුරුදු 20 තුළම අප බලා සිටියේ බොහොම සංවේගයෙනුයි. පක්ෂයට මොකක්ද වෙන්නේ? හම්බන්තොටට වෙලා තිබෙන්නේ කුමක්ද?

බොහෝ සෙයින් ඡන්ද මට්ටම අඩුවුණා. ගොඩක් සහනාධාර බෙදුවා. ඒ කිසිම නිර්නායකයක් බලන්නේ නැතුවයි. යූ.එන්.පී. කාරයෝ බොහොමයක් කපලායි, සහනාධාර බෙදාදුන්නේ. අප පසුබෑමට මූලික හේතුව වුණේ මේවා තමයි.

දැන් අපට බොහොම නිදහසක් - සහනයක් දැනෙනවා. පීඩිතවෙලා සිටිය පාක්ෂිකයන් බොහොම නිදහසේ දැන් ඉන්නවා. මේක එක්සත් ජාතික පාක්ෂිකයින් ලබාගත් ජයග්‍රහණයයි. දැන් අප පක්ෂ යාන්ත්‍රණය සුහදශීලීව කතා කරගෙන යනවා.
එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා. දැන් ඒක පාර්ශ්වික රංගනයක් නැහැ. අප තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ අලියට ඔබගේ සහයෝගය දෙන්න.


බෙලිඅත්ත ආසනයේ එ.ජා.ප. සංවිධායක හෙට්ටි අතුල සේනාරත්න මහතා:-
“ඇත්තටම අපට හරි සතුටුයි. ආනන්ද කුලරත්න මහතා සමගින් අපේ සහෝදර අපේක්ෂකයන් දස දෙනාම එක්සත් ජාතික පක්ෂ මහගෙදරට ඇවිත් එක්සත් ජාතික පක්ෂ තේමාව යටතේ නිදහස් ගමනක් ආරම්භ කරන්න අප එක්රැස්වෙලා සිටිනවා’’.
මේ අවස්ථාවේදී පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ දොස්තර රංජිත් අතපත්තු මැතිතුමා පවුල් සෞඛ්‍ය සේවිකා තනතුර, ලංකාවට හඳුන්වා දීලා අද සෑම ග්‍රාමසේවා වසමකම පවුල් සෞඛ්‍ය සේවා තනතුර ක්‍රියාත්මකයි. ඒක කාටවත් කරන්න බැරි වැඩක් වූවා.

මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින් වන චන්දිම රත්නායක මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයෝ දස දෙනාම සහභාගී වූහ.

 



අදහස් (0)

වසර 15 කින් බලමණ්ඩලය රැස්වෙලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site