IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


හිස් වැඩවලට තිත තියලා ජනතාව ජීවත් කරවනවා

(*** මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)  

පොදු ජනතාවගේ දුකට පිහිට වන හිතක් පපුවක් ඇති අපේ රජයක් පිහිටුවා හිස් වැඩ වෙනුවට ජනතාව ජීවත් කරවන වැඩ කරන යුගයක් අගෝස්තු පස්වැනිදායින් ආරම්භ කරනවා යැයි සමගි ජනබලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (16 වැනිදා) මීරිගම දී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ කටයුතු ආරම්භ කරමින් මීරිගම ආසනයේ සමගි ජනබලවේගය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටි ජනතාව අමතමිනි.

ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක හා මීරිගම ආසන සංවිධායක එඩ්වඩ් ගුණසේකර මහතා ඇතුළු පාක්ෂිකයන් විසින් පිළිගැණුන ප්‍රේමදාස මහතා මහා සංඝ රත්නයේ ආශිර්වාද ගැනීමෙන් පසුව පක්ෂ කාර්යාලය විවෘත කළේය.

අනතුරුව අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට නොදෙන්නේ ඇයි? අගෝස්තු පස්වැනිදා ජනවරම අපට දෙනවිට මේ මෝඩ නීති වහාම ඉවත් කරන්න කටයුතු කරනවා. රට පාලනය කරන්න හයියක් කශේරුකාවක් තිබෙන්න ඕනෑ. කෝ මිල පාලනය? හාල් මාෆියාව ආණ්ඩුව පාලනය කරනවා. සහල් මාෆියාව කියන විදියට මේක කහින ආණ්ඩුවක්. අපේ ආණ්ඩුවක සහල් මාෆියාවට කිසිදු ඉඩක් නැති බව කියන්න කැමැතියි.

කොරෝනාව නිසා රට විපතට පත් වුණා. මහා ආර්ථික හානිය වුණා. පොදු ජනතාව අතේ සල්ලි නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. රට යථා තත්ත්වයට පත්වෙන තුරු ජනතාව ජීවත් වෙන වගකීම බාර ගන්න තිබුණා.

ඇමෙරිකාවේ ට්‍රම්ප් මොන තරම් සහන දුන්න ද? අපේ රටේ පොහොට්ටුවේ මන්ත්‍රී ළඟ දණින් වැටී සහන ඉල්ලන්න වෙලා. ජනතාව වහල් භාවයට පත් කළ එක කියන්න ලැජ්ජයි.

මේ රජයට පවුලක් වටින්නේ පන්දහසක් බවට තක්සේරු කරලයි. පවුලකට ජීවත් වෙන්න මාසෙකට විසි දහසක්වත් ලැබෙන්න ඕනෑ. අපේ රජයෙන් පසු රට ගොඩ එනකන් රුපියල් විසි දහසක ආධාරය දෙන බව කියන්න කැමැතියි.

ඒකට පොහොට්ටුවේ අය කලබල වෙලා. දෙන්නේ කොහොමද කියා අහනවා. අපි මුහුදු වැලි කොමිස් ව්‍යාපෘති කරන්නේ  නැහැ. ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හාරසීයක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්නේ නැහැ. පොදු ජනතාවට සහන දෙන පොදුජන යුගය අගෝස්තු පස්වැනිදාට ආරම්භ වෙනවා ඒකාන්තයි. අප සංවර්ධන යුගය උදා කරනවා කියද්දී ප්‍රතිවාදීන් නිග්‍රහ කළා. මාස හත අටයි ගියේ ජනතාව මොකක්ද කියන්නේ ඇවිත් සේවය කරන්න කියලයි.

අනාථවෙලා සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් මේ බලවේගයේ තැනක් තිබෙනවා. අපිත් එක්ක හැමදාම ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් කිසිදාක අතරමං කරන්නේ නැහැ.

පාවෙන සිතිවිලිවලට, පාවෙන ඡන්දවලට  හොඳ නිවහනක් සමගි ජනබලවේගයයි. මේ බලවේගය හරහා උගත් බුද්ධිමත් ප්‍රතිපත්ති මාලාව තුළින් රට ගොඩ නඟනවා. දැන් මහ ලොකුවට පරිණත නායකයන් ලොකුවට අත්දැකීම් තිබෙන එහෙම කියලා ලේබල් ගහගත් කොට්ඨාසයක් ඉන්නවා. හැබැයි ජනතාව කියන්නේ කල් ඉකුත් වූ නායකයන් කියලයි.

කල් ඉකුත් වූ නායකයන්ටත්, පරිණත නායකයන්ටත් මහා ලොකු මොළයක් තිබෙන නායකයන්ටත් කොරෝනාව පෙනුණේ නැහැ. පාර්ලිමේන්තුවෙ 225ක් ඉන්නවා. ඇත්තටම තමුන්නාසේලා ආඩම්බර වෙන්න ඕනෑ මේ දෙසීය විසි පහෙන් මම විතරයි ජනවාරි 24 වැනිදාත් පෙබරවාරි පස් වැනිදාත්  කොරෝනාව ගැන කතා කළේ. අපේ සමගි ජන බලවේගයේ නායකයනුත් එක්ක කතා කරලයි එහෙම කළේ. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එක්ක කතා කර අපි ආණ්ඩුවට කිව්වා. බොහොම නරක තත්ත්වය එන්නේ වහාම පියවර ගන්න කිව්වා. ආණ්ඩුව පියවර ගත්තා. මොනවාටද? පාර්ලිමේන්තුව විසිරුවලා තුනෙන් දෙකක් ගන්නයි. ඒකටයි, ආණ්ඩුව කටයුතු කළේ. ජනවාරි මාසයේ හරියාකාර සැලැස්මක් ක්‍රියාත්මක වුණා නම් මේ තරම් ආර්ථික හානිය ජනතාවට සිද්ධ වෙන්නේ නැහැ. මේ තරම් පීඩනයකට ජනතාව ලක් වෙන්නේ නැහැ. පුදුමාකාර තත්ත්වය මොකක්ද? අද බංග්ලාදේශයේ රජය කර්මාන්ත ශාලා, කර්මාන්ත ශාලාවල සේවය කරන හැම කම්කරුවකුට, සේවකයකුටම ආණ්ඩුවෙන් මාස හයක් පඩි ගෙවනවා. ඒ මිනිසුන් ජීවත් කරවන්නයි. මාස හයෙන් යථා තත්ත්වය නිර්මාණය වෙනවා. එතෙක් මිනිසුන් රැක බලා ගන්න ඕනෑ.

එංගලන්තයේ කර්මාන්ත ශාලාවලට සියයට අසූවක් වැටුප රජය දරනවා. හාම්පුතාට දරන්න වෙන්නේ සියයට විස්සයි. එහෙම කරන්නේ  ඒ රටවල්වල මිනිස් ජීවිතවලට ප්‍රමුඛතාව දෙන නිසයි.

මිනිසුන්ගේ අසහනය ඉවත් කළ යුතුයි. අද පවතින්නේ හිතක් පපුවක් මනුෂ්‍යත්වයක් නැති ආණ්ඩුවක්. ජනතාව පොදි පිටින් ගුවන් යානාවලින් ඇවිත් හැට නව ලක්ෂයේ සාමාජිකයෝ වුණා. එතකොට  මේ එන්නේ රට විරුවන් කියා බොහොම උජාරුවට කිව්වා. විරුවන් රැකගන්නවා. ඒ ඇත්තන්ට අප ආදරේ යයි පොහොට්ටුවේ හාදයන් කිව්වා.

මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ම.ආ. පියතිලක මහතා පිළිගැනීමේ කතාව කළේය. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක හා මීරිගම ආසන සංවිධායක එඩ්වඩ් ගුණසේකර මහතා ද අදහස් දැක්වීය.

සමගි ජනබලවේගයේ  අත්තනගල්ල ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්, හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපුල් දේව වනවාස, ජෝර්ජ් පෙරේරා, චමින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිස ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

හිස් වැඩවලට තිත තියලා ජනතාව ජීවත් කරවනවා

lyanage Thursday, 18 June 2020 10:01 AM

ඉදිරි මැතිවරණයෙන් පසු සමගි ජනබලවේගයේ සජිත් සහ ඔහුගේ කණ්ඩායමට ගෝඨාභය සමග එක්ව රජයක් කිරීමට අවස්ථාවක් දී අප පසෙකට වී බලා සිටිමු. දෙදෙනා එක්ව ආර්ථිකය ගොඩගැනීමට අවස්ථාවක් දෙමු. සජිත් අගමැති වූ පසු දුප්පත්කම ලංකාවෙන් තුරන් කරන බව කියාසිටින නිසා ඔහුට අවස්ථාවක් දී ඔහු කියනදේ දේ ක්‍රියාවෙන් කළ හැකිද කියා විමසිලිමත්ව සිටිමු..

:       35       51

Bamunuarachchi Monday, 22 June 2020 10:43 AM

හිස් වැඩවලට පළමුව හිස් කතා නවත්වමු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site