IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති කාර්ය බළකාය පත්කිරීමේ ක්‍රමවේදය වැරැදියි

(*** අංජුල මහික වීරරත්න)

සුරක්ෂිත රටක් - විනයගරුක, ගුණවත්ව, නීත්‍යානුකූල සමාජයක් ගොඩ නැගීම සඳහා වන බව සඳහන් කරමින් ජනාධිපති කාර්ය සාධන බළකාය පත්කර ඇත්තේ පිළිගත් ක්‍රමවේදවලට පටහැනි ආකාරයට බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කර සිටී.

කාර්ය සාධන බළකායේ සංයුතිය හමුදා සාමාජිකයන්ගෙන් යුක්තව මිලිටරිකරණයකට ලක් කර තිබීම ගැටලුවක් බවද ඔහු කියයි.

මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන්වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජුනි 02 වැනිදා නිකුත් කළ 2178/18 දරන ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කළ ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය’ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානයට ලක්විය.

මෙම කාර්ය සාධන බළකායේ අරමුණ රට තුළ කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ව්‍යාප්තිය මර්දනය කරමින් දරුවන් ප්‍රමුඛ සමාජය ආරක්ෂා කරගැනීම, සමාජයේ ගුණගරුක බව සහ විනය ඇති කිරීම ආදිය බව ප්‍රකාශ කර තිබේ.
එහෙත් මෙවැනි සමාජ සංවේදී කාර්යය සාධන බළකාය සම්පූර්ණයෙන්ම හමුදා නිලධාරීන්ගේ පාලනයට නතු කරමින් එය මිලිටරිකරණයට ලක් කිරීම පිළිබඳ අපට ඇතිවන්නේ බරපතළ ගැටලුවකි.

වැඩබලන පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු හැරුණු විට කාර්ය සාධන බළකායේ සංයුතිය සැකසී ඇත්තේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික හෝ දැනට සේවය කරන හෝ සාමාජිකයන්ගෙනි. මෙය සම්පූර්ණයෙන්ම මේ යාන්ත්‍රණයම හමුදාකරණයට ලක් කිරීමකි.

කාර්ය සාධන බළකායට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ ප්‍රධානී, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන කොමසාරිස් ජනරාල්, නීතිපති, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද ආදී ආයතන සහ අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් වැනි පුළුල් පරාසයක උපදේශකත්වය දැනුම ඇති නිලධාරීන් සහ පුද්ගලයන් කාර්ය සාධන බළකායට සම්බන්ධ කර නොගැනීම බරපතළ ගැටලුවකි.

මැතිවරණ කාලපරිච්ඡේදයක් තුළ බලගන්වා ඇති කාර්ය සාධන බළකාය සමාජයේ විශාල පරාස ආවරණය කරමින් ක්‍රියාත්මක වන මිලිටරි යාන්ත්‍රණය වීම මගින් ප්‍රදර්ශනය කරන්නේ ජනාධිපතිවරයා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් නොසලකා කටයුතු කර ඇති බවය. යහපත් දෙයක් යයි සමාජයට හුවාදක්වමින් පත් කර ඇති කාර්ය සාධන බළකාය සැබවින්ම ජනතාවගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදී මූලික අයිතිවාසිකම් පවා අභියෝගයට ලක් කළ හැකි තත්ත්වය නිර්මාණය කිරීමේ අවදානම්සහගත එකකි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාට හා අදාළ කැබිනට් අමාත්‍යවරුන්ට පැවරී ඇති බලතල පවා කාර්ය සාධන බළකාය මගින් අභියෝගයට ලක් කර ඇති අතර සැබවින්ම එම ගැසට් පත්‍රයේම සඳහන් පරිදි ඔවුන් එලෙස කටයුතු කිරීමට යාමෙන් වන්නේ ‘නීතිය උල්ලංඝනය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකමක්’ බවට එය පත් වීමය.

එනම් මෙම ජනාධිපති කාර්ය සාධන බළකාය ක්‍රියාත්මක තලයේදී නීති විරෝධී සමාජ කණ්ඩායම් පත්වීම වැළැක්විය නොහැකිය.

එබැවින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් බලපෑම එල්ල කරන මෙම කාර්ය සාධන බළකායේ සංයුතිය සහ බලතල සංශෝධනය කිරීමටත් එහි කාර්යපථය නිවරැදිව ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා වහා පියවර ගත යුතුය.



අදහස් (0)

ජනාධිපති කාර්ය බළකාය පත්කිරීමේ ක්‍රමවේදය වැරැදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site