කුප්පි ලාම්පු එළියෙන් තිස්ස මාධ්‍ය හමුවක විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. 24 January 2022
පාර්ලිමේන්තු කමිටුවලට හිටපු සභාපතිවරුන්ම ? නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා බොහොමයක් සඳහා හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත. 24 January 2022
රට කාණ්ඩ හතරකට බෙදා විදුලිය කපයි සමස්ත ශ්‍රී ලංකාවට කාණ්ඩ හතරක් යටතේ අද (24) දිනයේ විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. සපුගස්කන්ද විදුලි බලාගාරයේ කටයුතු ඇනහිටීම හේතුවෙන් අද දිනයේ එලෙස පැයක කාලයක් විදුලි කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමය වැඩි දුරටත් කීය. 24 January 2022
බස් රථය ගිනි තැබූ තුනක් අත්අඩංගුවට මාරක රිය අනතුරක් කළ බස් රථයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී බස්රථය වටකර පෙට්ට්‍රල් දමා බස් රථයට ගිනි තැබූ කණ්ඩායමේ තිදෙනෙක් අවිස්සාවේල්ල පොලිසිය අද (24) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 24 January 2022
හිරුණිකාගේ නඩුව මැයි මස විභාගයට තරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධෆයන් හිටපු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන මැයි මස 23 වැනි දා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය. 24 January 2022
වයඹ උප කුලපති තනතුරට දේශපාලන තල්ලුවක් වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පීඨයේ මහාචාර්ය එච්. එම්. ඒ හේරත් මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන ලෙස පළාතේ දේශපාලඥයන් සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 24 January 2022
සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන් අඳුරේ සිටින්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය. 24 January 2022
අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී අල්ලයි කොළඹ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග එක්ව අනුරාධපුර නගරය තුළ මත් කුඩු බෙදා හැරියේ යැයි කියන අනුරාධපුර කොට්ඨාස පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු ලක්ෂ හතක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 24 January 2022
කමරාගොඩ මඟුලකින් කොරෝනා පොකුරක් මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ. 24 January 2022
ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහයි ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත. 24 January 2022
ආතතියෙන් මිදුණු නිරෝගි දිවියක් මානසික ආතතිය නොඑසේනම් ඉංග්‍රීසියෙන් ‘ Stress ‘ නමින් හඳුන්වන තත්ත්වය වර්තමානයේදී සුලබව අසන්නටත්, දකින්නටත් ලැබෙන්නකි. මානසිකව රෝගී වූ හා රෝගී නොවූ සැමටම මුහුණ පාන්නට සිදුවන අවස්ථාවකි. අපට එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්නට සිදුවන සිදුවීම් හමුවේ සිතේ ඇතිවන ප්‍රතික්‍රියාව මානසික හා ශාරීරික ආතතිය නමින් හැඳින්වේ. 24 January 2022
ගෙට යන පාර හදද්දී පස් කණ්ඩියට යටවී මරුට මහනුවර තැන්නේකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු තම නිවසට යන මාර්ගය සකසමින් සිටියදී ඊට ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටී ඊට යට වී මියගොස් ඇති බව පොලිසිය කියයි. 24 January 2022
රන්ජන්ගේ නඩුව කල් තබයි සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේය. 24 January 2022
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී ලබන ජූලි මස පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට අද (24) සමත් විය. 24 January 2022
පොලු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරලා හිසට පොලුවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (24) අලුයම ඔහුගේ නිවස ඉදිරිපිටදීම හමුවූ බව දොඩංගොඩ පොලිසිය පවසයි . 24 January 2022
කල්අඩියේ රිය අනතුරකින් අයෙක් මරුට පුත්තලම කල්අඩිය 6 කණුව ආසන්නයේදී යතුරු පැදියක් ලොරියක ගැටිමේන් සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව පුත්තලම මුලික රෝහල් ප්‍රකාශකයකු පැවසිය. 24 January 2022
පුටින් යුක්රේනය ආක්‍රමණය කරයි ද? ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා මුණගැසී පැය 24 ගත වීමට මත්තෙන් ඩොලර් මිලියන 200 ක ඇමෙරිකානු යුධ ආධාරවල පළමු කොටස ලෙස ටොන් 90 කට ආසන්න පතොරම් සහ මාරාන්තික යුධ ආධාර රැගත් ගුවන් යානයක් යුක්රේනයේ කිව් අගනුවර වෙත ළඟා වී තිබේ . 24 January 2022
අද දවසේ කාලගුණ අනාවැකිය දිවයින පුරා ප්‍රධාන වශයෙන් පවතින වියළි කාලගුණය තත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 January 2022
වී කිලෝවකට සහතික මිලක් මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 95 ක සහතික මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත . 24 January 2022
විදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනා මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 23 January 2022
ලසන්ත වික්‍රමසිංහ පොහොර සභාපති ධූරය එපා කියයි මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරය භාරනොගැනීමට තීරණය කර තිබේ. 23 January 2022
කොරෝනා ආසාදිතයන්ගේ වැඩි වීමක් කොවිඩ් ආසාදිතව රෝහල් ගත කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින් පමණ වැඩිවී ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 23 January 2022
කොරෝනා මරණ 15ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 January 2022
කරූගේ කතාවකට රනිල්ගෙන් උත්තර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ සිද්ධිය වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කොට කළ දෙයක් ද? මේ පිටුපස රනිල් වික්‍රමසිංහ මහතාද සිටින්නේ දැයි හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් සාමාජ මාධ්‍ය සාකච්ඡාවකදී විමසූ විට හිටපු කතානායකවරයා එය ප්‍රතික්ෂේප නොකිරීම ගැන තමා පුදුමයට පත්වන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පැවසීය. 23 January 2022
ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රෝන් රැල්ලක් ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම ඇරඹී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. 23 January 2022
පාඨලීගේ 43 සේනාංකයේ මහ සමුළුව ජයවර්ධනපුරදී ‘‘බලාපොරොත්තු අත්හැර නොගනිමු‘‘, ‘‘ගොඩ එමු- ගොඩ නගමු‘‘ යන තේමාව යටතේ 43 සේනාංකයේ ජාතික මහා සමුලූව එහි නායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් උත්සව ශාලාවේදි අද පැවැත්විණි. 23 January 2022
පහේ කඩඉම ලියා නාන්න ගිහින් අවසන් ගමන් යයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් නිලාවේලී මුහුදු තීරයේ ඉරෙකකණ්ඩි මෝයේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගොස් තවත් සිසුවියක බේරාගෙන ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි. 23 January 2022
මුං වගාවට මුදල් ආධාර මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 23 January 2022
නීලාගේ දේහය බදාදා දිවයිනට ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන බදාදා (26) අළුයම මෙරටට රැගෙනඒමට නියමිතය. 23 January 2022
‘එක රටක් එක නීතියක්‘ දකුණට යයි ජාති, ආගම්, උස්පහත් භේදයක් නොමැතිව සියලු දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. බේදයක් නොමැතිව සියලු දෙනාටම සමානව සළකන නීතියක් සකස් වියයුතු යැයි මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන හිමියෝ පැවසූහ. 23 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026