ගම්මන්පිලගේ යෝජනා සාකච්ඡා කළත් තීරණයක් නෑ ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඊයේ(24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 25 January 2022
විදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස් විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත . 25 January 2022
පූර්ණ එන්නත්කරණයට ‘බූස්ටර්’ මාත්‍රාවත් ඕන ‘කොවිඩ්’ මර්දන පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (24) පැවසීය 24 January 2022
සුනාමි රළට අසුව පැය 27ක් පිහිනූ ටොන්ගාවේ වීරයා ටොන්ගා දුපත් රාජ්‍යයේ ගිනි කන්දක් පිපිරී යාම නිසා ඇතිවූ සුනාමි තත්වයෙන් ඇති වූ රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන ගිය ටොංගා ජාතිකයකු පැය 27 මුහුදේ පාවෙමින් ජීවිතය බේරා ගත් පුවතක් ටොන්ගා රාජ්‍යයෙන් වාර්තා වෙයි. 24 January 2022
ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත. 24 January 2022
ගුවන් යානා රෝදයක එල්ලී නෙදර්ලන්තයට දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ගැන අත්අඩංගුවට ගැනීමේ පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 24 January 2022
කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 24 January 2022
කොරෝනා ආසාදිතයන් 877ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 877 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 January 2022
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 January 2022
‘‘එදා නීතිය ඇමැතිකම මට ලැබුණා නම් මෛත්‍රි ජනපති හිරේ‘‘ යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි. 24 January 2022
මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉවත් වෙයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවෙන් හිටපු පිතිකරු රෝෂාන් මහානාම මහතා ඉවත්වීමට තීරණය කළේය. 24 January 2022
ඇමැති දිලුම්ට කොරෝනා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 January 2022
ජාතික රෝහලට කොරෝනා රොගීන් පැමිණීම ඉහළට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. 24 January 2022
හොර ගල්කෝරියක් වටලා කෝටි හයක යන්ත්‍ර සූත්‍ර අල්ලයි ගලේවෙල බුලනවැව ගොම්මොට්ටාව රක්ෂිතය තුළ නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබු ගල්කොරි දෙකක් වටලා රුපියල් කෝටි 6 ට අධික වටිනා වාහන සමග සැකකරුවෝ පස් දෙදෙනෙක් දඹුල්ල විශේෂ කාර්ය බළකාය කඳවුරේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 24 January 2022
‘‘ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා‘‘ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 24 January 2022
පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි කොටපොළ මෙදේරිපිටිය පොද්දන යාකරන කිරිවැල්දොළ ගඟ හරහා ඇති පාලමෙන් ගමන් ගත් කළුගල් පැටවූ ලොරි රථයක් පාලමේ කොන්ක්‍රීට් තහඩුව කඩාගෙන ටිපර් රථය සමඟ අඩි 30 ක් ගැඹුරු ගගට කඩා වැටී ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 24 January 2022
ඔමික්‍රෝන් රැල්ලක් ගැන ඉගියක් ලොකු ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 24 January 2022
ජර්මන් දොස්තර හෝටල් කාමරයේ දී මිය යයි අලුත්ගම මොරගල්ල සංචාරක හෝටලයක කාමරයක ලැගුම්ගෙන සිටි ජර්මන් ජාතික වෛද්‍යවරයකු හදිසියේ මිය ගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි. 24 January 2022
පේෂ කර්මාන්ත විශ්‍රාමිකයෝ කොළඹ විරෝධතාවක රජයේ බලවේග පේෂ කර්මාන්ත සේවකයින් 800 කට ආසන්න පිරිසකට ගෙවීමක් කරන ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අවුරුද්දයි මාස 6 ක් ගතවී තිබුණ ද එම ගෙවීම් නොකිරීමට විරෝධය දක්වමින් රජයේ බලවේග පේෂ කර්මාන්ත ඒකාබද්ධ සංගමයේ සාමාජිකයෝ අද (24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ. 24 January 2022
පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලාකඩ මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශාවසිහු පවසති. 24 January 2022
කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ගේ ප්‍රධාන ගෝලයකු වන “රන් මල්ලී” නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 330කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 330ක් අද (24) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 24 January 2022
බලය තිබූ පළියට පාව්ච්චි කිරීම හොඳ දෙයක් නොවෙයි සන්ධානය ආණ්ඩුවක් තුළ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරන ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට එරෙහිව පළමු පියවර ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක් නොවන බවත් විනය මාර්ගවලට ගොස් නීතිය යෙදීමට වඩා වර්තමානයේ රට මුහුණ දෙන ගැටලුවල බරපතල ස්භාවය තේරුම් ගෙන සියලු දෙනාම සද්භාවයෙන් එකඟ වූ අරමුණට අවතීරණය වීම වඩාත් හොඳම පියවර බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 24 January 2022
ගැහැණු ළමුන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිනුමක් ගැන විමර්ශනයක් කුඩා ගැහැණු ළමුන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා පැවසීය. 24 January 2022
ඉන්ධන - දැවිතෙල් අවසන් තෙල් සංස්ථාව ලබාදුන් ඩීසල් සහ දැවිතෙල් තොගය අවසන් වී යෑම නිසා දැවිතෙල් ලබාගැනීමට සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කිරීමේ සම්පූර්ණ බලය ඇති තෙල් සංස්ථාව වාර්ෂික ආනයන සැළසුම් කරන විට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය එයට ඇතුළත් කළ යුතු බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (24) පැවසීය. 24 January 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර භාණ්ඩාගාරය විශේෂ ඒකකයකට පැවරීමට විරෝධය පළ කරමින් එහි සේවකයෝ අද (24) පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 24 January 2022
පැන්ඩෝරා ගැන රන්ජන්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත. 24 January 2022
කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය පාරට බසියි වෛද්‍යවරයකුට පහරදුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත විය. 24 January 2022
රෝහිණි කවිරත්නටත් කොරෝනා සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 January 2022
දුම්රිය අංගනයට පැන්න හොරු ආරක්ෂකයාට පිහියෙන් අනී රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගැනීමට ගිය ආරක්ෂක නිලධාරියකුට එක් සැකකරුවකු පිහියකින් පහර දී කපා තුවාල සිදු කර පැන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 24 January 2022
‘ජල සැපයුමට කිසිදු බාධාවක් නෑ‘ විදුලිය විසන්ධි කළත් ඉන් ජල සැපයුමට කිසිදු බාධාවක් එල්ල නොවන බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 24 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026