පිපිරුණු ගෑස් සිලින්ඩර ගැන අධිකරණයෙන් නියෝගයක් හානියට පත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අදාළ ආයතනවලට යළි බාර දෙන්නයි විද්‍යුත් මාධ්‍ය මගින් දැන්වීම් පළ කර පාරිභෝගිකයන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට අද (26) දැනුම් දුන්නේය. 26 January 2022
කොරෝනාවට ගොදුරු වූ මන්ත්‍රීවරුන් 43 දක්වා ඉහළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇතැයි එහි වාර්තාවක සඳහන් වේ. 26 January 2022
කංසා හේනකට ගිනි තියයි තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයේ විදුලි වැටට ආසන්න ගල් ආර ප්‍රදේශයේ අක්කර භාගයක් පමණ මහා වනාන්තරය හෙළිපෙහෙළි කර සිදුකරනු ලැබූ කංසා හේනක් වැටලීමට තිස්සමහාරාම පොලිසිය අද (26) කටයුතු කර තිබේ 26 January 2022
වර්ජනයෙන් බස්නාහිර රෝහල් අඩපණයි සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල අද (26) පෙරවරු 7.00 සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 26 January 2022
මා ඔයේ පස් -මැටි කපමින් සිටි තිදෙනෙකු දැලේ පන්නල මා ඔය රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී මා ඔයේ ඉවුරුවලට හා පරිසරයට හානි වන අයුරින් මහා පරිමාණයෙන් වැලි සහ මැටි කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 26 January 2022
ලක්ෂ 14 ක හොර සිගරට් වත්තල වෙළඳසැලකින් මතුවෙයි රුපියල් ලක්ෂ 14 ට අධික වටිනා නීති විරෝධී සිගරට් තොගයක් වත්තල හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි . 26 January 2022
අයි ඩී එච් රෝහලත් රෝගීන් ගෙන් පිරේ ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනයද(අයි ඩී එච් රෝහල ) රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 26 January 2022
යතුරු පැදිය ගසේ හැපී කොස්තාපල් මරුට තලංගම කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් බස්නාහිර පලාත් දකුණු රථවාහන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි 26 January 2022
හෝටල් නාන කාමරයේ කුඩු පැකට් කරලා දික්වැල්ල බතීගම ප්‍රදේශයේ හෝටලයක නාන කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 1 1/2 ට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 January 2022
පළාත් රැසකට අද පස්වරුවේ වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 January 2022
“ශිල්ප අභිමානී - 2021” සම්මාන උළෙල ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී - 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. 26 January 2022
බදුල්ල දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි කොළඹ කොටුවේ සිට අද (25) රාත්‍රී 10.00 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කලින් ආසන වෙන්කරගන්නා දුම්රිය හිටිහැටියේ අවලංගු කිරීමෙන් විදෙස් සංචාරකයන් ඇතුළු මගින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 25 January 2022
හෙරොයින් පැකටි 196 ක් බන්ධනාගාරය තුළදී හසුවෙයි කළුතර බන්ධනාගාරයට රැගෙන එන ලද නවක සැකකරුවන් එම බන්ධනාගාරයේ සිටි පැරණි සැකකරුවෙකුට ලබාදුන් පාර්සලයක තිබී හෙරොයින් පැකටි 196 ක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 25 January 2022
එක්නැලිගොඩ වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය. 25 January 2022
මාවනැල්ල සභාවේ ධූරය: පෙබ 3 තෙක් පවත්වාගෙන යන්න නියෝග මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ධූරය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් පවත්වාගෙන යන ලෙසට අභියාචනාධිකරණය අද (25) නියෝගයක් නිකුත් කළේය. 25 January 2022
අලුත් ආසාදිතයෝ 891 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 891 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 January 2022
‘යෝජිත බදු පනත අවලංගු කරන්න‘ යෝජිත භාණ්ඩ හා සේවා බදු පනත අවලංගු කරන්නැයි ඉල්ලමින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අද (25) දහවල් රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය. 25 January 2022
ජනතාවට ජීවත්වෙන්න රටක් ඉතිරි කරන්න රටේ ආර්ථිකය හරි මගට ගෙන ජනතාවට ජීවත්වන්නට රටක් ඉතිරි කරන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂය ගාල්ලේ දී අද (25) උද්ඝෝෂණයක් කළේය. 25 January 2022
කොටි සංවිධානයට ආයෙත් පණ දෙන්න හැදූ 26 කට වැඩවරදී එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ස්ථාපිත කිරීම සඳහා එය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් 26 දෙනකුගේ අත් අකුරු පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට අද (25) නියෝගයක් නිකුත් කළේය. 25 January 2022
දේවස්ථානයට බෝම්බ ගෙනා සැකකරු කලින් දා ඔත්තු බලලා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය තැබූ පුද්ගලයා අත් බෝම්බය තැබූ දිනට පෙර දින ඔත්තු බැලීම සදහා එම දේවස්ථානයට පැමිණ ඇති බවට සී සී ටී වී දර්ශනවල සටහන්ව ඇතැයි රක්ෂිත භාරයේ සිටි දේවස්ථානයේ සන්ක්‍රිස්තියන්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේදී අද (25) සඳහන් කළේය. 25 January 2022
වැඩිම කොවිඩ් පැතිරීම ගම්පහ: ඊළඟට කොළඹ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් පැතිරීම බොහෝ සේ ඉහළ ගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 25 January 2022
ළඟින්ම ඉඳගෙන අගමැතිගේ කනෙන් රිංගලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි. 25 January 2022
අලුත් කාෙරා්නා මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 January 2022
සමගි සේවක පළමු වාර්ෂික සමුළුවෙන්... සමගි සේවක සංගමයේ ප්‍රථම වාර්ෂික සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දි අද (25) පස්වරුවේ පැවැත්විණ. 25 January 2022
ලංවිම නව සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා මීට ටික වේලාවකට පෙර පත්කර තිබේ. 25 January 2022
වාහන උස්සා මස් කරන 3 ක් මාට්ටු වාහන සොරාගෙන කොටස් කිරීමේ නිරත බව කියන පුද්ගලයින් තිදෙනෙකු සමග සගවා තිබූ වාහනයක කොටස් අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 25 January 2022
බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩ සටහනක් බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩ සටහනක් මෙම මස 28 හා 29 දෙදින තුළ ස්ථාන 40 කදී සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 January 2022
රජයේ මුද්‍රණාලයේ ඉවතලන කඩදාසිවලින් මාටියා ගහලා රජයේ මුද්‍රණාලයෙන් ඉවතලන කඩදාසි විකිණීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 25 January 2022
අනිද්දා තෙක් විදුලි කප්පාදුවක් නෑ විදුලිබල මණ්ඩලයට මේ වන විට ඉන්ධන සැපයීම ප්‍රමාණවත් බැවින් මේ මස 27 වැනිදා දක්වා විදුලි සැපයුම කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 25 January 2022
තෙල් නැති වුණොත් දුම්රියත් කොට උඩ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. 25 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026