
(යොහාන් භාසුර)
සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල අද (26) පෙරවරු 7.00 සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් පළාත් මට්ටමින් කරන අවසන් වර්ජනය බව කී රවී කුමුදේශ් මහතා ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් පෙබරවාරී මුල් සතියේ සිට අඛණ්ඩ අරගලයක් දියත් කරන බව ද සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහලේ සියලු සායනික කටයුතු පැවැත්වෙන අතර සියලු පරීක්ෂණ කටයුතු සහ බෙහෙත් නිකුත් කිරීම් නොකරන බව රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු පැවසීය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



(ඡායාරූප: යොහාන් භාසුර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කාලකන්නි රාජ්‍ය සේවකයින්ට මොකක් හරි එකක් තියෙනවා වැඩ වරන්න. ලෝකෙම රටවල් කොවිඩ් වලින් වැටුණු තැනින් නැගිටින්න උත්සාහ කරනවා. මේ අසත්පුරුෂයින් මොනම හරි හේතුවක් හොයාගෙන රට වට්ටන්න හදනවා.
ගන්න පඩියට තව වැඩියෙන් පඩි ඉල්ලනවා. ජනතාවගේ සල්ල වලින් ඉගෙන ගෙන අපිටම වින කරනවා. ගහලා පන්නන්න ඕන අවස්ථාවාදී සමිතිකාරයෝ
මිනිස්සු එකතුවෙලා ඔය රවී කුමුදේශ් කියන දොස්තරට සැලකුවා නම් හරි.හැමදාම මොකක් හරි කියලා ස්ට්‍රයික් .ඒත් එයාලාගේ ක්ලිනික් වල වැඩ .
එතකොට සර්ට කඩේ දොස්තරලා කවුරුත් නැද්ද දැන්? දැන් සැපද?
මතකද, අර පහුගිය කාලේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව නැගී සිටි ලංකාවේ බඩ ලෙඩ්ඩු රැල...? අන්න ඔවුන්ට ලැබී තියන ප්‍රතිවිපාකය තමයි මේ. අලුතින් වෛද්‍යවරු බිහිවෙනවාට මෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය වර්ධනය වෙනවාට අකැමැති දොස්තරලාගේ කතන්දරවලට රැවටුණු නුඹලා තව ඔය විදිහටම පෝලිම්වල ලගින්න ඕනෑ. ඒ විතරක් මදි, වේදනාව තව ටිකක් වැඩිපුර දැනෙන්න ඕනෑ. තමන්ගේම බදු මුදලින් ඉගෙන ගත් දොස්තරලාගෙන් හා තමන්ගේ බදු මුදලින් වැටුප් ලබන සෞඛ්‍ය සේවයේ හා රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගෙන් තව තවත් පීඩාවට පත්වෙන්න ඕනෑ. අන්න එතකොට තමයි ගොන්කමට කරන පව් මේ භූමියේදීම ගෙවලා මැරෙන එක ලබන ආත්මයටවත් යහපතක් වෙන්නේ.. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, ලංකාවේ සියලුම රාජ්‍ය සේවාවල සිටින්නේ මනුෂ්‍ය වෙස්ගත් තිරිසන් සතුන් කොට්ඨාශයක්... අනෙකාව පීඩාවට පත්කිරීම තමයි ඔවුන් ලබන සතුට... ඒ වගේම මහා කාලකණ්ණි වගතුවක්, සතුටක් සැනසීමක් නැති ජීවීන් කොටසක්... මෙවැනි අමන ලාංකික සමාජයක් බිහිවීමට හේතුව නුඹලා විසින්ම සොයා ගනිල්ලා පව්කාර මිනිසුනේ...!!!
සෞඛ්‍ය සේවයේ අවුරුද්දෙ වැඩිකාලයක් තියෙන්නේ වර්ජන. එක්කෝ රජයේ වෛද්‍ය නිලධාරීන් නැත්නම් පරිපූරක වෛද්‍යවරුන් නැත්නම්, හෙද හෙදියන් නැත්නම් අනිකුත් කාර්ය මණ්ඩල. මේකේ ඉවරයක් නැති වර්ජන නිසා අසරණ වන්නේ රෝග වලට ප්‍රතිකාර ගන්නා ජනතාව... සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යායුතු සේවාවක්. මොවුන්ට අසරණ රෝගීන් ගැන අනුකම්පාවක් නැද්ද?
මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයිනේ. මොකද, දැන් කොහොමත් රටේ ආණ්ඩුවක් කියලා එකක් නැහැනේ...
කළමනාකරණයේදී තියෙනවා ගැටුම් කළමනාකරණය කියලා විෂයක්... රජයේ වැටුප් කමිටුව හැමදාම කරන්නේ... (පාලකයෝ කියන ආකාරයට කරන නිසා ) ගැටුම් ඇතිවෙන ලෙසට වැටුප් පරිමාණ සැකසීමයි. එහෙම ගැටුම් ඇතිකළාම ඕනෑම වැරැදි තීරණයක් රහසේම ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් බලන්න සුව සේවයේ හැමදාම වර්ජන. ඒ අතර අද අධ්‍යාපන පරිපාලන සේවයේ අයත් වර්ජනය කලාලු. ඔවුන් දීප ව්‍යාප්ත සේවයේ කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ට වර්ජනය කරන්න අයිතියක් නැහැ. කොහොමත් දීප ව්‍යාප්ත සේවා එකොලහෙන් එකකට දෙන්න බැහැ. ඔක්කෝටම දෙන්න වෙනවා... මෙහෙම රටක් පාලනය කරන්න පුලුවන්ද?
මොන ප්‍රශ්න තිබුණත් මේ අය කරන වැඩ වලින් අසරණ වෙන්නේ ලෙඩ්ඩු. මෙහෙම හැමදේකටම ස්ට්‍රයික් කරන රටක් ලෝකෙම නැතුව ඇති.