අක්කර හතක වම්බටු අස්වැන්න කොටුවේම කුණු වෙයි ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව අක්කර 7ක වම්බටු වගාවේ අස්වැන්න අලෙවි කර ගැනිමට යාමට ඉන්ධන නොමැතිව වගාකරු අසරණ වී සිටියි. 18 July 2022
මහවිලච්චියේ වට්ටක්කා ගොවියන්ගේ අඳෝනාව මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. 18 July 2022
‘‘බ්‍රිතාන්‍ය ලංකාව ගැන මීට වඩා සිති යුතුයි‘‘ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ශ්‍රීමත් පීටර් හීප් මහතා ’ද ගාර්ඩියන්’ පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේය. 18 July 2022
පාස්කු පරීක්ෂණයට බ්‍රිතාන්‍ය පොලිසියේ සහායත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ සහ එරට පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 July 2022
පක්ෂ නවයේ තීරණය හෙට ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි හෙට තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 18 July 2022
කඳුළු ගෑස් උණ්ඩ සඟවාගත් පෙදරේරුවා පෙරට්ටුවකට පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශවලට පහරදීමෙන් පසු අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන යනු ලැබූ කඳුළු ගෑස් උණ්ඩ 50ක් සඟවාගෙන සිටියැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 01 වැනිදා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 18 July 2022
සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය. 18 July 2022
විමල්ගේ වත්කම් නඩුවට දින දෙයි අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කළ වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යානු කූල අදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද (18) නියම කළේය. 18 July 2022
පොල්දූව විරෝධයේ අමු විඩියෝ සී.සී.ඩීයට දෙන්නැයි නියෝගයක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා සිදුවූ අරගලයට අදාළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙසට නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අද (18) නියෝග කළේය. 18 July 2022
රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් තුනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පවත්වා ඇත. 18 July 2022
රනිල්ට එරෙහිව නාගානන්ද පෙත්සමේ තීණ්දුව හෙට එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය හෙට (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දැනුම් දුන්නේය. 18 July 2022
මුහුදු යන්නේ බලාගෙනයි කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2022
ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 July 2022
අරගල කරුවන් ගේ මතයකට වැඩබලන ජනපති එකඟ වෙයි රට යන ක්‍රමවේදය වෙනස් කළ යුතු යැයි සාමකාමී අරගලකරුවන්ගේ දැක්ම තමන් ද පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 July 2022
ඉන්ධන නැතිවීමෙන් ඖෂධ බෙදන්නත් බාධා විදේශ ආධාර හරහා මේ වන විට මෙරටට ඖෂධ තොග ලැබී ඇතත් ඉන්ධන අර්බුදය හමුවේ ඒවා බෙදා හැරීමට නොහැකිවීම නිසා රෝහල් මට්ටමින් තවමත් දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 July 2022
සුපිරි සාප්පු ඉදිරිපිට පා පැදියට ඉඩක් මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙක් පා පැදි භාවිතයට හුරුව ඇත. කොළඹ නගරයේ ද බොහෝ දෙනෙක් පා පැදිවලින් ගමන් බිමන්වල නිරත වන අයුරු දැකගත හැක. 18 July 2022
මහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුවීමත් ණය පැහැර හැරීම පිළිබඳව ඇමෙරිකාවේ ගොනුකර ඇති නඩුවෙන් බරපතල තීන්දු ලැබිය හැකිවීමත් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ‘කෝප්’ කමිටුවේ සභපාති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාට ලිපියක් යොමු කර තිබේ. 18 July 2022
අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක් ජන අරගලයේ නිරත පිරිස් ’’ජන අරගලයේ පුරවැසියෝ’’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත. 18 July 2022
කොටුවේ තවත් විරෝධයක් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ‘ජන මතයට ගරු නොකරන රනිල් එළවමු, පාර්ලිමේන්තුව තුළ ජනමතය මුදලට පාවා නොදෙමු’ යන තේමාව යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 18 July 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් අද එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 18 July 2022
නව ජනපතිගේ වගකීම් කරු පහදා දෙයි අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. 18 July 2022
ජනපති තෝරන ඡන්දෙට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉන්න ඕන විදිය කියයි පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා සැසිවාරය සහ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට(19)සහ අනිද්දා (20)පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු ක්‍රමවේද මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. 18 July 2022
මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 18 July 2022
පොලොන්නරුවේ සෞඛ්‍ය සේවකයන් රැසකට තෙල් ලැබේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් ගණනාවක සේවකයනට ඉන්ධන ලැබීමත් සමග ප්‍රතිකාර කටයුතු අද වන විට සාමාන්‍ය පරිදි සිදු කරන බව පොලනොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. 18 July 2022
මනෝ ගනේෂන්ගේ තීරණය හෙට අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය හෙට (19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. 18 July 2022
ඉන්දියාව ලංකාව ගැන කතා කරන්න සර්ව පාක්ෂික හමුවක් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇත. 18 July 2022
කාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක් පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති. 18 July 2022
ඇප් එකට ඉන්ධන 21 සිට ‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ පැවසීය. 18 July 2022
හදිසි අනතුරුවලින් දරුවන්ව රැක ගන්න අපි සියලුම දෙනා ගත කරමින් සිටින්නේ අසීරු කාලයකි. මේ වනවිට අපේ රටේ ආර්ථික,සමාජයීය මෙන්ම සියලුම අංශවල ගැටලු පැන නැගී ඇත. එවන් සමයක රටේ ජනතාවගේ නිරෝගී පැවැත්ම සඳහා එරට සෞඛ්‍ය ක්ෂේත්රයට පැවරෙනුයේ දැඩි වගකීමකි. 18 July 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026