
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව අක්කර 7ක වම්බටු වගාවේ අස්වැන්න අලෙවි කර ගැනිමට යාමට ඉන්ධන නොමැතිව වගාකරු අසරණ වී සිටියි.
විවිධ අර්බුද හමුවේ මහත් අසිරුතාවයෙන් වගා කල වම්බටු වගාවේ අස්වැන්න නිසි මිලට අලෙවි කිරීමට රැගෙන යාමට ඉන්ධන සොයා ගැනිමට නොහැකි විම මත අස්වැන්න විනාශ වන බව ද වගාකරු පවසයි.
වසර 20 කට වැඩි කාලයක් පුරාවට වගා කටයුතු වල නිරත වී ඇති මෙම වගාකරු යටතේ දෛනිකව 20 කට ආසන්න පිරිසක් ජීවිකාව පවත්වාගෙන යාම සිදුවන බව කියයි.
මෙම වගාව සඳහා ලක්ෂ හතකට අධික මුදලක් වැය කර ඇතැයි ද එම ගොවි මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර හතක වම්බටු අස්වැන්න පමණක් නොව මහවිලච්චියේ වට්ටක්කා ගොවියන්ගේ අඳෝනාවට විසදුම් ලබාගැනීමට ගොවියන් සහ ගොවි සමිතින් එක්ව විසදුම් සෙවිය යුතුවේ. රජයට චෝදනකිරීමෙන් පලක් නොමැත. ගොවිතැන වියාපාරයක් වසයෙන් කරගෙන යන්නාවූ සියලෝම එහි ලාබ සහ පාඩු ඔවුන් විසින්ම දරාගත යුතුවේ. මෙඅනවිට ඉන්දන අර්බුදය නිසා අස්වැන්න ප්‍රවාහනයේ අර්බුදයක් මතුව තිබීම සත්‍යකි. පාරට පැමිණ මාධ්‍යට මගින් රජයට චෝදනා කිරීමෙන් විසදුම් නොලැබේ.
කෙසේ වෙතත් මේ අර්බුදය විසදාගැනීම වෙනුවෙන් අපගේ ඕනෑම අර්බුදයකට මැදිහත්වන තිවිද හමුදාවන්ගේ සහයෝගය නිත්‍යානුකුලව ලබාගත හැකිද කියා සොයා බලා ත්‍රිවිද හමුදාවන්ට ඉන්දන ලැබෙන නිසා අස්වැන්න ප්‍රවාහනයේ ඔවුන්ගේ ට්‍රක් රථ යොදවා ගැනීමට හැකියාව පවතී. ගොවින් සහ ගොවි සමිතින් එක්ව ප්‍රාදේශීය ලේකම් වරුන් මාර්ගයෙන් ත්‍රිවිද හමුදාවන් සමග සම්බන්දිකරණයක් පවත්වා අර්බුදය පිලිබදව සකජා කර ගොවින් විසින් ප්‍රවාහන ගාස්තු KM වැයවන මුදලට ( වැයවන කාලය සහ සොල්දාදුවන් රියදුරන්ගේ වැටුපද ඇතුලත් කර KM ගොවින්ගෙන් මුදල් අයකලයුතුවේ ) ගෙවා කිසිවකුට පාඩු නොවන ආකාරයට ප්‍රවාහන කටයුතු කරගැනීමට හැකියවක් තිබේද කියා සොයාබැලීම වැදගත් වේ. ප්‍රවාහන කටයුතු සිදුකරනවා මෙන්ම අවසානයේ ප්‍රවාහන කටයුතු සදහාද මුදල් ගෙවිය යුතුවේ. එසේ ප්‍රවාහන කටයුතු කළහැකිනම් හමුදාවන්ටද යම්කිසි මුදල් ඉපැයීමක් ඉන්දන අර්බුදය හමුවේ කල හැකිවේ.
රටේ නිෂ්පාදන රට පුරා පාරිභෝගිකයිින්ට බෙදා හැරීමේ නිසි වැඩ පිළිවෙලක්නම් තෙල් ප්‍රශ්නයක් නැති කාලෙත් තිබුණෙ නෑ. කිසිම රජයක් ඒ ගැන හරියට හොයා බැලුවෙ නෑ. අපරාදෙ පළදාව තැන තැන විනාශ වෙලා යනවා ආහාර හිගයක් ඇති වෙන්නෙ නෑ පළදාව නිවැරදි ව රට පුරා බෙදිලා යනව නම්
ඒ්ත්, මන්ත්රීලටනම් චන්දෙ දෙන්න එන්න හමුඩාවෙන් පෙට්‍රල් දෙදෙලු.
මේක තමා බහුතරය ඉල්ලපු සෞභාග්‍යය දැක්ම. තාම ඒක ගෙවනවා.