(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි හෙට තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
එම පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වනවිට සකස් කර ඇති බවත් ප්‍රකාශනය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට හෙට නිල වශයෙන් බාරදී ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් බව පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිවම පෙන්වාදී ඇතැයි ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මුතු ඇට දීපය' "අරගල දීපයක් " කරලා ලොවට පෙන්නලා " හිඟාකෑම - තහනම් " කියලා ලෝක බැංකුව කියනකොට .... හනේ හපොයි රටට කළ දෙයක්..!