(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ සහ එරට පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සියලු පාර්ශ්ව කැමති නම් එලෙස කළ හැකි බවද වැඩබලන ජනාධිපතිවරයා කීය.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නය හැමදාම ඇදගෙන යාමට අවශ්‍ය නොවන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නය විසඳීමට තමා කැප වන බව ද කීය.
පාස්කු කොමිසමේ වාර්තාවට අමතරව තවත් වාර්තා තිබෙන බවත් මේ ගැන යළිත් සම්පූර්ණ අපක්ෂපාතී සමාලෝචනයක් කිරීමට කැමති බවත් වැඩ බලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් දැනගෙනත් එය වළක්වා ගත්තේ නැතිව හදිසියේ මොකද මේ තරම් දඟලන්නේ...?
නිකන් කියවන්නේ නැතිව යන්න...
එතකොට මහබැංකු හොරු අල්ලන්න පරීක්ෂණයක් නැද්ද?
පාස්කු වගේම බටලන්ද ගැනත් නැවත පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දීමට එංගලන්ත පොලිසියේ සහාය ලබාගන්නත් ඉල්ලීම් කළොත් හොඳයි නේද?
තොම්සන් ජෝඩුවවත් ගෙන්නමු...
දැන් හිතනවද දන්නේ නැහැ ක්‍රිස්තියානි මිනිස්සු රැවටිලා මෙයාව මුදුනෙන් පිළිගනීවි කියලා... ප්‍රහාරය වුණු බව හොඳටම දැනගෙන හිටපු එක්කෙනෙක් තමයි. මොකද මෙයා රාජපක්ෂලාගේ නෑයා... යාලුවා.. ගජමිතුරා... මෙයාට නොකියා ඔය කිසිදෙයක් වෙන්නේ නැහැ. අපි නොදන්න ප්‍රහාර...