අන්තරේ විරෝධතාවක් කොටුවේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (19) පස්වරුවේ ආරම්භ විය. 19 July 2022
ඩීල් දේශපාලනයට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුවෙන් විරෝධයක් ජනතා ජයග්‍රහණය මංකොල්ල කන ඩීල් දේශපාලනයට එරෙහිව රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට අද (19) පැවැත්වේ . 19 July 2022
මැදිරිගිරිය ඉන්ධනහල අසල කලහකාරීන් එලවන්න අහසට වෙඩි මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන නොලැබීම නිසා කලහකාරි ලෙස හැසිරෙමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාර ඒල්ල කරද්දී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීහු අහසට වෙඩි තැබූහ. 19 July 2022
ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. 19 July 2022
‘ටෝකන්’ ඉවරයි ‘ඇප්එක‘ වැඩ ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් අනිද්දා (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය. 19 July 2022
ලංකාවෙන් ඉන්දියා ගිය සිසුන් ගැන සංගණනයක් ඉන්දියාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 19 July 2022
සෞඛ්‍යයට දුන් තෙල් නොදුනැයි සුව සේවකයෝ විරෝධයක පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයනට ලබාදුන් ඉන්ධන නිසි ලෙස නොලැබුණැයි කියමින් සෞඛ්‍ය සේවකයෝ පිරිසක් පොළොන්නරු පොලිසියට සහ කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට එරෙහිව රෝහල ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ. 19 July 2022
කෝච්චියට මගීන් වැඩී වී ප්‍රවේශපත්‍ර හිඟ වෙයි දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු පවසති. 19 July 2022
යූරියා බෑගයේ බර අනුව මිල නියම කරයි පොහොර බෑගයක අඩංගු යූරියා පොහොර වල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 July 2022
ආර්ථික අර්බුදය ගැන පැවති රජය සත්‍ය වසන් කළා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 19 July 2022
තව පොහොර නැවක් දෙසතියකින් එයි යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 July 2022
අවම බස් ගාස්තුව රු: 2කින් අඩුවෙයි බස් ගාස්තු සියයට 2.23 කින් සහ අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 19 July 2022
රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය. 19 July 2022
පාර්ලිමේන්තුව අවට දැඩි මුරකාවල් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදා විශේෂ බලකාය ද කැඳවා තිබිණි. 19 July 2022
රිෂී සුනාක්ට අගමැති ධුරය හිමිවන ලකුණු පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 July 2022
පාර්ලිමේන්තුව විනාඩි දහයයි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ නාම යෝජනා බාර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම විනාඩි දහයකට සීමා විය. 19 July 2022
ජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිට ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 )පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය. 19 July 2022
යෝජනා වූ නම් තුනම පිළිගනී ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය. 19 July 2022
ජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ට ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 19 July 2022
නාම යෝජනා බාර ගැනීම අරඹයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ 6 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා බාර ගැනීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිවේදනය කළේය. 19 July 2022
විදුලි ගාස්තුව අගෝස්තුවේ ඉහළ යයි විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 19 July 2022
මහනුවර,නුවරඑළිය ඇතුඵ පළාත් කීපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2022
සිග්නේචර් රග්බි බල ගන්වයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික සත් සාමාජික කණ්ඩායම්වල ක්‍රීඩා “නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත්ව සිටී. 19 July 2022
ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 July 2022
අරගලකරුවන්ගේ ඉල්ලීමට ශ්රීලනිපය කන්දෙයි නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත. 19 July 2022
ජනාධිපති ධුරයට නම් කැඳවීම අද උදේ 10.00ට අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ . 19 July 2022
මියගිය පෙදරේරුවාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට 80,000ක් වැය වෙලා උඩදුම්බර මහවල උඩුවාහින්න ගම්මානයේ නිවෙසක මියගිය පෙදරේරුවකුගේ අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා නිවැසියන්ට රුපියල් 80,000ක් වැය වීමේ පුවතක් වාර්තා වෙයි. 19 July 2022
කතානායකගෙන් පොලිසියට පැමිණිල්ලක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 18 July 2022
සෙලාන් බැංකුව Rodha විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගනී සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය මගින්, Rodha Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී දේශීය ප්‍රවාහන විසඳුම් සමාගමක් බවට පත්වීම සඳහා දරන උත්සාහයේදී ඔවුන්ට ඉහළම තලයේ බැංකු සේවා ඇතුළුව ප්රතිලාභ රාශියක් හිමිවනු ඇත. 18 July 2022
ඉන්දන නැතිව අනුරාධපුර රෝහලත් ලෙඩ වෙයි පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ඊයේ (18දා) සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් ප්‍රතිකාර නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 July 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026