(ඉන්දිකා රාමනායක)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කතානායකවරයා ඉදිරිපත් කළ එම ලිපිය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම, ඒවා නිර්මාණය කිරීම, බෙදා හැරීම සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට
අම්මප මෙගොල්ලො මිනිස්සුන්ට කතාකරන්නත් නොදී ජනාදිපති අගමති තනතුරු බෙදාගන්න වගේ යන්නෙ? අම්මගෙ අප්පගෙ බුදලෙ කියල හිතුවද? බලමුකො කැකිල්ලෙ රජාල දෙන තීන්දුව මොකක්ද කියල?
රනිල්ට චන්දය දෙන හැම මන්ත්‍රී කෙනෙකුම රටේ ජනතාව සාධාරණයෙන් පිළිගැනීමට බලා සිටිනවා .ඔය ගමට එන්න එපා කියන කතා බොරු
රනිල් කියන්නේ මර්ධනය කියන එකේ උපත
බල කරන අය ගැන පොලිසියට පැමිණිලි කරන්නේ ඇයි? මම හිතන්නේ එතුමා දූෂිත රාජපක්ෂ පවුලට ලොකු සහයෝගයක් දෙනවා.
කපටි, ඇට්ටර තට්ටයෝ, මන්ත්‍රීලා, ඇමතිලා කියන්නේ කවුද...? රටේ මහජනයාගේ නියෝජිතයෝ.මුළු රටේම මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට එන්න බැරි නිසා ඒ ඒ පලාත්වල මිනිස්සු ඔවුන් වෙනුවෙන් කෙනෙක්ව පාර්ලිමේන්තුවට එවනවා.ඒ මන්ත්‍රී තමයි ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ " හඬ ". ගමේ මිනිස්සු කියන විදිහට තමයි ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවේදී ක්‍රියා කරන්න ඕනා.ඒ නිසා ඒ නීතියෙන් පිට පනින, සල්ලි මල්ලකට කෙල හලලා ගමේ මිනිස්සුන්ව පාවාදෙන...නියෝජිතයින්ට තර්ජනය කරන්න, පමණක් නොවෙයි පහරදීලා දඬුවම් කරන්නත් රටේ උත්තරීතරම පුද්ගලයින්වන " රටේ පුරවැසියන්ට " ශුද්ධවූ අයිතියක් " තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම මි ළඟ චන්දෙන් පැරදිලා ගමට යනවානම් හෙල්මට් එකක් අනිවාර්යෙන්ම පැළඳ ගන්න වේවි.නැත්නම් ගමේ මිනිස්සු කියනවා ඔබේ ඔය දිලිසෙන තට්ටය පලනවා කියලා.
මෙතුමාට පේන්නෙ නැද්ද, රටම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකුට වැඩබලන ජනපති තනතුර ලැබීම නිසා ඔහු විවිධ වූ අල්ලස් මගින් බලය ගැනීමට දරන උත්සාහය. එහි දී, මුදල් හා තනතුරු ලබා දීමත් විනාශ වී ඇති නිවාස රාජ්‍ය මුදල් වලින් සකසා දීමටත් පොරොන්දු වීම.
එතකොට සල්ලිදීල චන්ද ගන්න ඒවා?
හරි එක්කෙනා තෝරාගන්න ඡන්දය දුන්නානම් ඉවරයි. නැතුව රනිල්ව පත්කරන්න ඡන්දය දුන්නොත් ගමට ගිහිල්ලා ඉවරයි.