(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ශ්‍රීමත් පීටර් හීප් මහතා 'ද ගාර්ඩියන්' පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේය.
උදව් අවශ්‍යම මොහොතක සිටින තම සහෝදර පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මීට වඩා වැඩි යමක් කළ යුතු බව ඔහු පැවසුවේය.
ශ්‍රී ලාංකිකයන් ආහාර හිඟය හේතුවෙන් කුසගින්නේ පෙළෙන බවත් ඖෂධ හිඟය සහ ඉන්ධන හිඟය හේතුවෙන් දුෂ්කරතා රාශියකට මුහුණපෑමට සිදුව ඇති බවත් ශ්‍රීමත් පීටර් හීප් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට කෙසේ පත් වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමේදී බ්‍රිතාන්‍ය පෙරමුණ ගත යුතු බව ශ්‍රීමත් පීටර් හීප් මහතා සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර සහන ප්‍රයත්නයකට නායකත්වය දිය යුතු බවත් හැකිනම් පොදුරාජ්‍ය මණ්ඩලය හරහා හෝ එය ලබා දිය යුතු බවත් ඔහු පැවසුවේය.
බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මාර්ගයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව පැවසුවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ශ්‍රීමත් පීටර් හීප් මහතා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදාපාර රනිල්ගේ බඹරෙ වැල්ලේත් කැරකෙන සීන් එකක් තමයි පේන්නේ...
අනේ දෙන්න දෙන්න තව සහය දෙන්න..! අරගලය නවත්තන්නෙම නැතිවෙයි..! ඇත්තද ඉන්ඳියන් කාරයෙක් එංගලන්තෙ අගමැති පුටුවට එන්න යනවා කියන්නේ..! එතකොට ඉන්ඳියන් සාගරයේ "ලොකු- ඇටය" කියලා විරුදාවලිය ලබයි නේද?
කොච්චර ආදාර දුන්නත් යන්නෙ මකර කඩටෙකොච්ච.
සුනාමි කාලේ දීපු පවුම් මිලියන ගානක් ගසාකාපු දූෂිත දේසපාලුවෝ ලන්කාවේ ඉන්නේ . රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දැම්මෙත් දේසපාලුවෝ .දැන් ලෝකේ වටේ හිඟමනේ යනවා.