ශ්රී ලන්කන් ගුවන් සේවය ’’ ජනතා සමාගමකට ’’ ශ්රී ලන්කන් ගුවන් සේවය ප්රතිව්යුහගත කිරීමේ දී එය මිළදී ගැනීම සදහා ’’ ජනතා සමාගමක් ’’ ස්ථාපිත වෙමින් පවතින බව එම ගුවන් සේවයේ ශ්රී ලංකා නිදහස් සේවක සංගමය පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය . 18 July 2023
ගොවීන්ට පැරචුට් ගන්න ආණ්ඩුවෙන් සල්ලි ලබන මහ කන්නයේ දී පැරචුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට සියයට 75ක සහනාධාරයක් රජයෙන් ලබා දීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබේ. 18 July 2023
කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගලවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ප්රවාහන සහ මහාමාර්ග අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 July 2023
බාල ඖෂධ කඩිනමින් ඉවත් කරන්න රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්රකාශයක් කරමින් පැවසීය. 18 July 2023
ඌව වෙල්ලස්ස සරසවියේ සිසුහු දෙපිරිසක් ගහගෙන ඌව වෙල්ලස්ස සරසවියේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ගැටුමට සම්බන්ධ සිසුන්ට තාවකාලිකව විශ්ව විද්යාල භූමියෙන් ඉවත්ව යන ලෙස විශ්ව විද්යාල පාලනාධිකාරිය අද දැනුම් දුන්නේය. 18 July 2023
රුපියල තවත් පහළට ශ්රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේද ඉහළ ගොස් ඇත. 18 July 2023
පිරිවෙනක ලක්ෂ 3ක සිවුරු සොරකම් කරලා වරකාපොල සිරි සීලවිමල පිරිවනෙ ආවාස ගෙයි තිබූ රුපියල් ලක්ෂ 3ට අධික වටිනා සිවුරු තොගයක් සහ රන් මාලයක් සොරාගෙන ගොස් ඇතැයි වරකාපොල පොලිසිය පවසයි. 18 July 2023
ඉදිරි මාස තුන මීට භයානකයි ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 July 2023
සාම විනිසුරු වැඩේ හරියටම කරලා ගෝනා මස් සහ අන් තටිටුවක් සමග මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි. 18 July 2023
2023 පළමු පාසල් වාරය 21න් අවසන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජුලි 21 වැනිදා අවසන් වන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 18 July 2023
දිලිදු දරුවන්ට නොමිලයේ සීසන් ටිකට් දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දෙන්නත් කටයුතු කරන බව ප්රවාහන මහාමාර්ග සහ ජනමාධ්ය අමාත්ය බන්දුල අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 July 2023
කඩුවක් -හෙරොයින් සමඟ බූචා දැලේ පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ළගම සමීපතමයෙකු කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි. 18 July 2023
පොලිසියට විරෝධය පා උසාවි වහළට නැගලා මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද ( 18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි. 18 July 2023
කූඩැල්ලා අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් සැලකෙන ඌරුජුවාගේ සමීපතමයකු ඊෂි කෑෂ් ක්රමයට මත්ද්රව්ය ජාවාරමේ යෙදී සිටියදී තියුණු ආයුධයක් සහ මත්ද්රව්ය සමගින් හංවැල්ල දිද්දෙනිය ප්රදේශයේදී අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 18 July 2023
මහ පාරේ රේස් පැද්ද 16ක් මාට්ටු කඩුවෙල පොලිස්බල ප්රදේශයේ ස්ථාන හතරක මහජනයා අනතුරේ හෙළමින් සහ අපහාසුතාවට පත්වන අයුරින් අපරික්ෂාකාරි ලෙස තනි රෝදයෙන් යතුරුපැදි රේස් පැද්ද යතුරුපැදි 16 දෙනකු පොලිසිය බාරයට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 18 July 2023
කිරි ගව පාලනයට ප්රංශයෙන් යුරෝ ලක්ෂ හතක් ශ්රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. 18 July 2023
පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්න පළාත් පාලන මැතිවරණය පවත්වන්නෙ නැතිනම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 July 2023
පොලිසියට ගෙනා සැකකරු ලෙඩ වී මරුට පැමිණිල්ලකට අදාළව ඉංගිරිය පොලිසියට රැගෙන ආ පුද්ගලයකු හදිසියේ රෝගාතුර ව ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (17) රාත්රී ගොස් ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 18 July 2023
තාප්පයෙන් පනින් ගිහින් තාප්පයටම යටවේ අතුරුගිරිය ඔරුවල ප්රදේශයේ කර්මාන්ත ශාලාවක තාප්පයෙන් පැනීමට යාමේදී තාප්පය කඩා වැටීමෙන් තාප්පයටම යටවී පුද්ගලයකු අද (17) දින අළුයම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 18 July 2023
අම්බලන්ගොඩ ඝාතන රැල්ල වෙනස් කරලා? අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ ඉතා අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 18 July 2023
උදලු පහරින් අවසන් ගමන් යයි ඉඩම් ආරවුලක් සම්බන්දයෙන් ඇති වූ බහින්බස් විමකින් අම්බලන්තොට මාමඩල ඇලේගොඩ නැගෙනහිර ප්ර දේශයේ පුද්ගලයෙකුට උදැල්ලෙන් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 18 July 2023
පළාත් කීපයකට අදත් පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 18 July 2023
මාල කඩන්න ආ සිසුන් 4ක් මාට්ටු රාජාංගනය යාය 18 ප්රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර. රන්මාල කැඩීමට පැමිණි පාසල් සිසුන් සිව් දෙනකු එහි පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රාජාංගනය පොලිසිය පවසයි. 18 July 2023
බසයක් පෙරළී අයෙක් මරුට:හයක් රෝහලට ඇල්ල -වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්රදේශයේ දී බස් රථයක් බෝක්කුවකින් පහළට පෙරලීමෙන් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 18 July 2023
පන්නෙගමු වැව ගොඩකර හෝටල් හදලා තිස්සමහාරාම, පන්නෙගමුව වැව ප්රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්රබල දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් එහි කොටසක අනවසර ඉදිරිකිරීම් සහ වගාවන් සිදු කර ඇතැයි ගොවි සංවිධාන කියයි. 18 July 2023
‘‘කොටසක් ගෙවා පෙරහරට විදුලිය ගන්නවා‘‘ මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පැවැසීය. 17 July 2023
යතුරු පැදිය ලොරිය අස්සේ හොරණ පොලේගොඩ ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පසෙක අලුත්වැඩියා කටයුතු සඳහා නවතා තිබූ ලොරි රථයක තට්ටුවක ගැටිමෙන් අද(17) දහවල් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 17 July 2023
‘‘ජනපති සමාවට අත පොවන්න අධිකරණයට බලයක් නෑ‘‘ ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්ය බලයක් බවත් එයට මැදිහත් වීමට ශ්රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත් රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පැවැසීය. 17 July 2023
ඇමැති ඉදිරියේ පොස්පේට් නිලධාරියට ගහන්න හදලා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතා අද (17) එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයකු ඇමැතිවරයා ඉදිරියේ දී විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කළේය. 17 July 2023
පඬුකරඳ සිද්ධියට ගම්පහ අඩවින වන නිලධාරියා අධිකරණයට කැඳවයි මධ්යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්රදේශයේ තිබූ පඬුකරඳ ගසක් නීතිවිරෝධීව කපා වළ දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ගම්පහ මහේස්ත්රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ගම්පහ අඩවි වන නිලධාරිවරයාට අද නොතීසි නිකුත් කළාය. 17 July 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026