(සනත් ගමගේ)
ඉඩම් ආරවුලක් සම්බන්දයෙන් ඇති වූ බහින්බස් විමකින් අම්බලන්තොට මාමඩල ඇලේගොඩ නැගෙනහිර ප්ර දේශයේ පුද්ගලයෙකුට උදැල්ලෙන් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
ඥාති පුතුන් දෙදෙනෙකු විසින් බාප්පාට මෙලෙස පහරදීමෙන් ජීවික්ෂයට පත්ව ඇත්තේ මාමඩල ඇලේගොඩ නැගෙනහිර පදිංචි හෙට්ටි ආරච්චිගේ කුලසිරි (61) හැවිරිදි අයෙකු බව පොලීසිය කියයි.
පහරදීම හේතුවෙන් පුංචි අම්මාටද තුවාල සිදු වි ඇති අතර ඇය අම්බලන්තොට රජයේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින්නීය.
උදැල්ලකින් හා සවලකින් පහැරකෑමට ලක් වූ පුද්ගලයා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරව මිය ගොස් ඇති බව රෝහල් පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ද සැකකරුවන් ප්ර දේශයෙන් පලා ගොස් ඇති අතර අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්දව පරීක්ෂන කටයුතු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්තොට සිද්ධිය ගාල්ලේ මහත්තය දාලා තියෙන්නේ මම උදයේම මෙම කථාව එවා ඇත. අම්බලන්තොට සනත් ගමගේ කතු තුමන්ගේ අවදානයට පමණයි.