තරුණයෝ දෙදෙනෙක් සභා ගැබේ යකා නටති ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්රහාරයක් එල්ල විය. දුම් බෝම්බ ප්රහාරය එල්ල කළේ නරඹන්නන්ගේ ගැලරියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට කඩා වැදීමෙනි. 13 December 2023
ලංකා සතොසට නිකුත් කරන ඉන්දීය බිත්තර ප්රමාණය වැඩි කරයි ලංකා සතොසට නිකුත් කරන ආනයනය බිත්තර ප්රමාණය අද (13) සිට ලක්ෂ 20 දක්වා වැඩි කළ බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 13 December 2023
මාලිගාවත්තේ ගෙවල් 100ක වතුර කපලා මාලිගාවත්ත, ශ්රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 13 December 2023
අධිවේගී මාර්ගවල එස්.ටීඑෆ් ළඟදීම ඉවතට අධිවේගී මාර්ගවලට අනුයුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 175 දෙනා ඒ ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2023
වෙඩික්කරුගේ කුරුමානම වරදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශකවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි 13 December 2023
කලුතර ජලයෙන් යටවූ තැන්වලින් යන්න අඟුල් යාත්රා සේවයක් කළුතර දිස්ත්රික්කයේ කලුගඟ කුඩා ද්රෝනියේ ඉහල ධාරා ප්රදේශ ආශ්රිතව ඉහල වර්ෂාපතනයක් ලැබිමෙන් මේ වන විට බුලත්සිංහල,පාලින්දනුවර,සහ වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ටාසයන්හි මාර්ගවල ජලයෙන් යටවී ඇති ස්තාන හයක ජනතාවට ගමන් කිරීම සඳහා අඟුල් යාත්රා යොදවා ඇතැයි ආපදා කලමනාකරණ මධ්යස්ථානයේ කළුතර දිස්ත්රික් සහකාර අධ්යක්ෂ කර්නල් ඊ.ඒ.යූ.ඒ.අමරසේකර මහතා පැවසීය. 13 December 2023
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ’ජන පීඩක අසාධාරණ බදු ප්රතිපත්තිය හකුලාගනු’ කියන්න සටන් පාඨය යටතේ පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (13) විරෝධතාවක් පැවැත්වීය. 13 December 2023
ආර්ථිකයට පැලැස්තර ගසා වැඩක් නෑ ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් හොයන්නට බැරි බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 December 2023
මම විපක්ෂයට යන කතාව බොරුවක් තමා විපක්ෂයට යන කතාව අසත්යයක් බව හිටපු ක්රීඩා අමාත්ය පොළොන්නරු දිස්ත්රික් මන්ත්රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2023
ඊළඟ අයවැය කියන්නේ හර්ෂ ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 December 2023
බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 December 2023
ජෙරම් ප්රනාන්දු යළි රිමාන්ඩ් ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්රකාශ නිකුත් කිරීමේ චෝදනා සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි දේවගැති ජෙරම් ප්රනාන්දු ලබන 27 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 13 December 2023
විභාග අලකලංචි නිසා වයඹ සිසුන් 15ක් සරසවිය හැර ගිහින් වයඹ විශ්වවිද්යාලයේ විභාග පැවැත්වීම සම්බන්ධ අකටයුතුකම් නිසා මේ වන විට සිසුන් පහළොවකට වැඩි පිරිසක් උපාධිය සම්පූර්ණ නොකර විශ්වවිද්යාලය හැරගොස් ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 December 2023
ඊශ්රායලයට ගෝලීය සහාය අඩු වෙනවා - ජනපති බයිඩන් ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන ප්රහාර හමුවේ, ඊශ්රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 13 December 2023
පුතා කැපු ගසට යටවී පියා මරුට මොනරාගල දික්තලාව ප්රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 13 December 2023
‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘ ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර බොහෝ කැපවීම් ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ මෙහෙයුම් ප්රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි. 13 December 2023
පොලීසියේ යකා නැටු විධායක නිලධාරියා අත්අඩංගුවට රිය අනතුරක් සිදු කොට පලායාමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා රැගෙනවිත් සිටියදී පොලිස් ස්ථානයේ ජල නළයක් කඩා සිර මැදිරි පිහිටා ඇති ප්රදේශයම ජලයෙන් යටවීමට සලස්වා පොලීසිය තුළ යකා නැටූ ලංකාවේ ප්රසිද්ධ කල් බදු ආයතනයක ප්රධාන විධායක නිලධාරියෙකු අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 13 December 2023
බණ්ඩි පොහොරට උපරිම සිල්ලර මිලක් බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය. 13 December 2023
’’උරුමය’’ට කැබිනට් අනුමැතිය ඉඩම් අවසර පත්ර හා දීමනා පත්ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 13 December 2023
අවුරුදු තුනේ දැරිය පිලීස්සීයැයි පියා අත්අඩංගුවට පොළොන්නරුව දියබෙදුම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ වම් අතේ වැලමිටේ උඩ කොටස පිලිස්සීමට සම්බන්ධ විසිහතර හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි. 13 December 2023
චීන සමාගමකට දුම්රිය කොන්ත්රාත්තුවක් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිරි කිරීමේ කොන්ත්රාත්තුව චීන සමාගමකට ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 December 2023
ළමා නිවසින් පැන්න දරු තිදෙනා පොලිසිියට හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු පලායමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙන බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 13 December 2023
අපේ දඬු මොනරෙට තෙල් ගන්න තැන් සොයයි එතෙර ගුවන්තොටුපළවල් නවයකදී ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්රාත්තු පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 13 December 2023
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 13 December 2023
මල්ලී ඇටවූ විදුලි රැහැනට අයියා බිලි අලින්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි. 13 December 2023
අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ(12) ලබා දුන්නේය. 13 December 2023
කෝටියක බඩු ගුවන්තොටෙන් පන්නලා රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන ආ ව්යාපාරිකයන් දෙදෙනකු ගුවන් තොටුපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ . 13 December 2023
විනාඩි 30ක මෙහෙයුමකින් ජීවිතයක් බේරා ගැනේ ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් විනාඩි 30 ක මෙහෙයුමකින් බේරාගැනීමට අද රාත්රියේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වුහ. 13 December 2023
මැති සබෙන් ගෙදර යන පිරිසක් ගැන හිටපු ඇමැති කියයි එළඹෙන මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයන් 150 දෙනකුවත් මහ ජනතාවගෙන් ප්රතික්ෂේප වී ගෙදර යවනු ඇතැයි හිටපු ක්රීඩා අමාත්ය සහ පාර්ලිමේන්ත මන්ත්රී රොෂාණ් රණසිංහ මහතා පැවැසුවේය. 13 December 2023
සාපෙළින් පසු සාපයක් නොවන්නට මෙවර අ.පො.ස. සා.පෙළ ප්රතිඵල නිකුත් වුණේ වෙනදා මෙන් නොව තරමක් ප්රමාදවය. එම ප්රතිඵල නිකුත් වන විටද විභාග ප්රතිඵල කෙරෙහි විශ්වාසය තැබූ ඇතැම් සිසුන් වෙදනා මෙන්ම තම උසස් පෙළ විෂය ධාරාවද තෝරාගෙන අවසන්ය. 13 December 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026