ස්පීකරයේ සැඟවූ ලක්ෂ 50 ක මත්ද්රව්ය සමඟ අයෙක් අල්ලයි බ්ලු ටුත් ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්රව්ය තොගයක් සමග මට්ටක්කුලිය දුවේ ගිම්හාන් නොහොත් ශාන් නමැත්තා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 April 2024
රටවල් 67කට නොමිලේ වීසා රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 30 April 2024
දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක් අද(30) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 30 April 2024
පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි රත්නපුර ප්රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අද (30) ප්රකාශ සටහන් කර ගත්තේය. 30 April 2024
ජනපතිට එරෙහිව වාරණයක් අගවිනිසුරු ධුරයට හැර අනෙකුත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුධුරවලට විනිසුරුවරුන් නිර්දේශ කිරීම වළකාලමින් ශ්රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 30 April 2024
උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 30 April 2024
රට විරුවන්ගේ වාහන බලපත නවත්වයි විවිධ අක්රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන් හට විද්යුත් වාහන බලපත්ර ලබා දීමේ යෝජනා ක්රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 30 April 2024
රතුපස්වල නඩු තීන්දුව කල් යයි පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කොට තවත් 45 දෙනකුට තුවාල සිදු කළ කළ බවට චෝදනා ලැබු යුද හමුදා බි්රගේඩියර්වයකුට සහ හමුදා සෙබළුන් තිදෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වැනිදා ප්රකාශයට පත් කිරීමට ගම්පහ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 30 April 2024
ලංකාදීප ප්රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක් ශ්රී ලංකාවේ ප්රමුඛපෙලේ උසස් අධ්යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානයක් හිමි විය. 30 April 2024
රුසියන් මිසයිල ප්රහාරයෙන් හැරී පොටර් මාළිගය වැනසෙයි යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටි හැරී පොටර් මාළිගයට එල්ල රුසියානු මිසයිල ප්රහාරයක් හේතුවෙන් පස් දෙනෙක් මියගොස් තවත් 31 දෙනෙක් තුවාල ලැබූහ. 30 April 2024
උමා ඔය ඉරි තැලීම් තිබේදැයි බලන්න භූ විද්යාඥ කණ්ඩායමක් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 30 April 2024
තාක්ෂණ ශිල්පියාගෙන් සරසවි සිසුන්ට අමුතු ශිල්පයක ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ සිසුවියන් සරසවියට ගමන් ගන්නා අතුරු මාර්ගයක නිරුවතින් සැඟව සිට ලිංගික අවයව ප්රදර්ශනය කරමින් විවිධ ක්රියාවල යෙදුණු පරිගණක තාක්ෂණ ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 30 April 2024
වජිරත් කෝච්චියෙන් කොළඹට එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා හෙට (1)උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි. 30 April 2024
මැණික්හින්නේ සිද්ධියට හයක් සැකපිට මැණික්හින්න රෝහලට රෝගියකු, ඔහුගේ ඥාතීන් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශවයේම හය දෙනකු අත්අඩංගුවට ගත්බව මැණික්හින්න පොලිසිය කියයි. 30 April 2024
පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී ආර්ථික ප්රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්වේ. 30 April 2024
රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක රාජතාන්ත්රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 April 2024
ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන් රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද(30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 30 April 2024
සිල්ලර මත්පැන් අළෙවිසැල් හෙට වහයි ජාත්යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (1) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 April 2024
ගුවන්තොටේ රත්තරන් සාප්පුවක් අරින්න අවසර කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්රමණ කලාපයේ රත්තරන් සාපුවක් ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 April 2024
ලංකාව - කසකස්ථානය ගුවන් සේවා ගිවිසුමක ශ්රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 April 2024
කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිණිස 2017-5-2 දින අමාත්ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබේ. 30 April 2024
ළමා හිංසනයට තද නීති සියලුම ක්ෂේත්රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්රහය සහ අපරාධ නඩු විධාන සංග්රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 April 2024
විදුලි පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය 1991 අංක 25 දරන ශ්රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 April 2024
ගුවන්තොටේ ගුවන් සෙබළාගේ ගිනි අවිය පත්තුවෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ . 30 April 2024
ජනපති මැයි රැලි දෙකක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි. 30 April 2024
කෝටි 2ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය. 30 April 2024
කෝටි දෙකේ ගෙවල් නඩුවෙන් මහින්දානන්ද නිදහස් අමාත්යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඟා තිබු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (30) නියම කළේය. 30 April 2024
මැයි රැලියට සියල්ල සූදානමින් ලෝක කම්කරු දිනය සමරමින් ශ්රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි. 30 April 2024
යාපනයේ නව දේශපාලන පක්ෂයක් එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි. 30 April 2024
ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය. 30 April 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026