
(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්‍රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස උද්ධමනය සියයට 2.5 ක් ලෙස පැවැති බවත් ඒ අනුව අප්‍රේල් මස සියයට එකකින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
මාර්තු මාසයේ සියයට 5.0 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මස සියයට 2.9 ක් දක්වා පහළ ගොස් ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රට ගොඩ ගත්තේ නෑ කියන අයට කනට දෙකක් ගහලා මේක පෙන්නන්න. සියයට 75ට ගියපු උද්ධමනය සියයට එකට බස්සන්න හැමෝටම බෑ...!
මේ විජ්ජා විශ්වාස කරන බුරුවෝ තවම රටේ ඉන්නවා