(අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ රත්තරන් සාපුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගුවන්තොටුපලේ නව ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් රත්රන් ව්‍යාපාරය හඳුන්වාදීමේ යෝග්‍යතාවය සලකා බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනා සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.
දැනට බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ මෙම පහසුකම නොමැති බැවින් එහි පිටත්වීමේ කලාපයේ රත්තරන් සාප්පුවක් පිහිටුවීමට සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන්සේවා පෞද්ගලික සමාගම සැලසුම් කර තිබේ.
මෙම රත්තරන් සාප්පුව ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මෙහෙයුම්කරුවකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවීම පිණිස වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දියවන්නාවේ ඉන්න එක්කනාගෙන් පරිස්සම් වියයුතුයි.
මැණික් නිෂ්පාදන අලෙවි කිරීමට පියවර ගන්නේ නම් මෙයටත් වඩා සාර්ථක වේවි...!
ඕකත් කාගේ හරි ඩීල් එකක්.එක්කෝ 1.බදු පැහැර හැරලා යයි.2.ණය අරන් රට පනී.3.පාඩු ලබයි ඔය මොනවා උනත්.ජනතාවට තවත් බදු ගෙවන්න වෙන වැඩක් තමයි ඕක
ජාවරම් කාරයන්ට හොඳය . ගුවන් තොටුපලේ ඉන්න ජාවරම් කාරයෝ ගන අපි හොදට දන්නවා.