ලක්ෂ 50 ක අයිස් මත්ද්‍රව්‍ය බ්ලු ටුත් ස්පීකරයක් තුළ
(සුජිත් හේවාජුලිගේ)
රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවද ඇය කීවාය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
විදේශීය සංචාරකයන් ලක්ෂ හතකට වැඩි පිරිසක් පසුගිය මාස හතරේදී මෙරටට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවෙ පුරවැසියන්ට වීසා ගන්න $160 පමණ වියදම් වෙනවා. අවශ්‍ය සේරු වලටයි ලංකා රජයෙ ගාස්තුවටයි.
මෝඩ තීරණයක්. වීසා ගාස්තු අය කර ගත යුතුයි. මෙරටට පැමිනෙන සංචාරකයන් වැඩි මුදලක් වියදම් කරවා ගැනීමට පෙළඹිය යුතුයි.
හොඳ තීරණයක්
එතකොට අර වීසා දෙන්න ඩොලර් 100 ගන්නවා කියන්නේ කුමන රටවල් වලින්ද?
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නම් කැමැති මුදල් වියදම් කරන සංචාරකයින් පැමිණෙන බටහිර රටවල් වලින් එන සංචාරකයින් වළක්වන්න ඔවුන්ට පමණක් වීසා ගාස්තු ඩොලර් 100 දක්වා ඉහළ දමලා, ඉන්දියාවෙන්, අප්‍රිකාවෙන් එන හිඟන සංචාරකයෝ මේකේ පුරවාගන්න ඔවුන්ට වීසා නොමිලේ දෙන්න...
මෙතුමිය නම් කොහොමටත් වීසාවලින්නේ ඉන්නේ...!
ඒක වෙන්න ඇති දෙවෙනි වාරය වීසා දික් කරන්න ගියාම ඩොලර් 100 ක් ගසාකාලා සංචාරකයින්ට ලංකාව එපා කරවන්නේ. වීසා ගාස්තු අයකලාට කමක් නෑ.. ගසාකන්න එපා. මාස එකට, දෙකට, තුනට හෝ හයකට නියමිත් ගාස්තු ගෙවා ඔන්ලයින් වීසා ලබාදෙන්න. ගාස්තුව පැහැදිලි විදියට සයිට් එකේ පෙන්වන්න. සංචාරකයින්ව කොළඹ රස්තියාදු කරවන එක නවත්තන්න දෙයියන්ගේ නාමෙට...
නිකන් දෙන එක නෙවෙයි, රස්තියාදුවක් නැතිව හැම රටකම පුරවැසියන්ට සාධාරණ ගාණකට වීසා දෙන්න ඕනෑ... ක්‍රමය සාධාරණ වෙලා විනිවිද භාවය තියෙන්නයි ඕනෑ. ඒ වගේම ආරක්ෂාවත් බලන්න ඕනේ. හැමෝම එන්නේ සංචාරයට නොවේ..!