(අංජුල මහික වීරරත්න)
රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ද්විපාර්ශවික සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් රටවල් දෙකෙහි රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-5-7 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එකී ගිවිසුමට මේ දක්වා අත්සන් තැබීමට නොහැකි වී ඇතැයි රජය කියයි.
දෙපාර්ශවය අතර එකඟ වී ඇති රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් දින තිහක් නොඉක්මන කාලසීමාවක් සඳහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා වන එකී අවබෝධතා ගිවිසුම රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් වීසා ගිවිසුමකට එන කොට රට මොකද්ද කියල පොඩ්ඩක් හිතල බලන්න. ගිවිසුමේ වාසි අවාසි අධ්‍යනය කරන්න.
ලුම්බිණි, වර්තමාන රුවන්ඩාව ගැන අහලා නැතිව ඇති... ඒකයි මේ වලිගේ පාගාගෙන දඟලන්නේ... සීඝ්‍රයෙන් දියුණුවෙන රුවන්ඩාවට පැනගන්න ලංකාවේ ඉන්න හිඟන රැල දැන් මාන බලයි... රුවන්ඩාවේ පාලකයින්ට පින්සිදු වෙන්නට, දැන් ඒ රටේ ජනතාවටත් ලංකාව වැනි රටවල සංචාරය කිරීමට හැකියාව ලැබී තියනවා... ලංකාවේ හොර තක්කඩි පාලකයින්ට ආවඩමින් සිටින මේ රටේ පල් මෝඩයින්ට පුළුවන් කම්කරුවන් ලෙස හා කාන්තාවන් මෙහෙකාරකමට රුවන්ඩාවට යන්න.. ලෝකේ කොහේ හෝ දියුණු වෙන රටක් දැක්කොත්, ඒ රටට මුක්කුවක් ගහලා ගොඩ යන්න තමයි මේ රටේ තක්කඩි අඥාන පාලකයෝ උත්සාහ කරන්නේ... මොවුන්ව වැද්ද ගත්තොත්, උගන්ඩාවත් විනාශයි.
මේක අදාළ වෙන්නේ රාජතාන්ත්‍රික -රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත් ඇති අයවලුන්ට පමණයි.ලංකාවේ ඉන්න හැම කොල්ලටයි බල්ලටයි වීසා නැතුව රුවන්ඩාවට යන්න බැහැ