
(අංජුල මහික වීරරත්න)
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දින (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු නාය යාමේ හෝ වෙනත් සිදුවීමක් තහවුරු වී නැති බව කී රාජ්‍ය අමාත්‍යවරයා කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සියල්ල වෙනුවෙන් තාක්ෂණික පිළිතුරු ඇති බව රජයක් ලෙස වගකීමෙන් පවසන්නේ යැයි කීය. එවැනි ගැටලු වලක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ලෝකය පුරා අත්දැකීම් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කතාකරන්නේ භූ විද්‍යාඥයෙක් වගෙයි කියලා හිතලා. මිනිහා භූ විශේෂඥයෙක් හොරෙන් පස් කපන්න!!! ළඟදීම බල්ලා මාක් එකට වැටෙන පට්ට දූෂිතයෙක්, හිරේ යන්න ලැහැස්ති වෙලා ඉන්න...
යකෙක්... පර්යේෂණ තියන්න කලින් ප්‍රතිඵල ප්‍රකාශ කරලා. මේ වගේ අය ඊළඟ සැරේවත් පාර්ලිමේන්තුවට නොයවන්න ප්‍රදේශවාසීන් වගබලා ගන්න.
මුළු පලාතම නාය යනකම් උඹලාගේ වාසියට කටට එන ඕන විගඩමක් දොඩව දොඩව හිටපල්ලා