
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටි හැරී පොටර් මාළිගයට එල්ල රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනෙක් මියගොස් තවත් 31 දෙනෙක් තුවාල ලැබූහ.
ඔඩෙසා නගරයේ පිහිටි හැරී පෝටර් මාළිගයට ඊයේ (29) දහවල් කාලෙය්දී රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. හැරී පොටර් චිත්‍රපට මාලාවේ හොග්වර්ට්ස් පාසල පිහිටි ගොඩනැගිල්ලට මෙම ගොඩනැගිල්ල බෙහෙවින් සමානවීම හේතුවෙන් යුක්රේන ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල හැරී පෝටර් මාළිගය ලෙස හඳුන්වනු ලබයි.
ඔඩේසා නීති ඇකඩමියේ නිවහන වන මෙම ගොඩනැගිල්ල හිටපු යුක්රේන මන්ත්‍රීවරයෙකු වන සර්හි කිවලොව්ට අයත්වේ.මිසයිල ප්‍රහාරය හේතුවෙන් රෝහල් ගත කර සිටින පිරිසෙන් අට දෙනෙකුගේ තත්වය බරපතල බවත් ඒ අතර අවුරුදු හතරක දැරියක් සිටින බවත් යුක්රේන බලධාරීහු පැවැසුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත් බලවත්තු මේ තරම් නීචද? මැරෙන දාට අපි මේවා ගෙනියනවාද? අහිංසක මිනිසුන්, දරුවන් මරාදමලා... මොනවද මේ ලෝකයට වෙලා තියෙන්නේ...
මුන් බලවත්තු නොවෙයි කාලකන්නි.