(අංජුල මහික වීරරත්න)
රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අද (30) ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණාද යන කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී තමාගෙන් විමසූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන හොයන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට කතා කලැයි සිතුවත් එහිදී තමාගෙන් ඇසුවේ වෙනත් දෙයක් බවද මන්ත්‍රීවරයා කීය.
රත්නපුර ප්‍රදේශයේ රැස්වීමකදී චම්පික රණවක මහතා විසින් කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණයට හෝ යම්කිසි කාරණයකට කැඳවා ඇත්නම් එය අවසානයේ පිටවයාම වෙනුවට එම ආයතනය ඉදිරිපිටදීම කැඳවීම සහ එහිදී සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමට තරම් ලංකාවේ දේශපාලකයා පහත් තත්වයට වැටී ඇත...