
(මනෝප්‍රිය ගුණසේකර සහ උපාලි රණවීර)
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කොට තවත් 45 දෙනකුට තුවාල සිදු කළ කළ බවට චෝදනා ලැබු යුද හමුදා බි්‍රගේඩියර්වයකුට සහ හමුදා සෙබළුන් තිදෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නඩුව කැඳවු අවස්ථාවේදී තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව අධිකකරණයේ පෙනී සිටි විත්තිකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයාට සහ හමුදා සෙබළුන් තිදෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
( ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්ති ඇරිලා ගෙදර යමින් හිටපු ළමයින්ටත් වෙඩි තියපු අය... කවදා හරි විඳවන්න වෙනවා...!
වෙඩි තියන්න කියපු කෙනාට රජ සැප
වෙඩි තියන්න කියලා කිව්වේ මොළහතා බව දන්නෝ හොඳාකාරවම දනිති. එයට සම්බන්ධ වූ සියලුම දෙනාට සාප වෙනවා. ස්වභාව ධර්මයෙන් හෝ දඩුවම් ලැබේවා...!