
(ටී.කේ.ජී.කපිල )
රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද(30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
විජේ බාලක්‍රිශ්ණන් , රම්‍යා නාගර්කෝවිල් , ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීන් පිරිස වූහ .
මෙම පිරිස (අද)30 දින දහවල් 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගැනීම සිදු කළහ .
මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .
හෙට(01 )ද තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව හැටියට අපි හරියට දන්න නැහැ මේකට වියදම් කරන්නේ මහජන මුදල්ද කියල? එහෙම මහජන මුදලින් නම්, මේ පාලකයෝ අද රට පත් කරපු තත්වයට මෙහෙම කරන එක බරපතල වැරැද්දක්.
අදයි ඇහුවේ මෙහෙමත් ගායක පිරිසක් ඉන්න බව. අයියෝ සල්ලි...!
ලෝක කම්කරු දිනය කියන්නේ මේවාටද?
ඔක්කොටම පිස්සුව වැඩි වේගන එන බවකුයි පෙනෙන්නේ.
නමටනේ මැයි දිනේ. තියෙන්නේ කානිවල්නේ දැන්. අවුරුදු ගාණක ඉඳන් කමක්නෑ... තවමත් සිස්ටම් චේන්ජ් කරන ගමන්නේ ඉන්නේ...!
අපෙන් මංකොල්ල කන බදු මුදල් වලට වෙන්නේ මෙන්න මේ ටික තමයි. ජාතික මැයි දිනයක් කියලා එකක් තියෙන්නේ ලංකාවේ විතරයි මම හිතන්නේ .
රටේ වැඩකරන ජනතාවගේ මෙන්ම සමස්ත රටවැසියාගේම දැවෙන ප්‍රශ්නයක් විසඳීමට රජය විසින් මේ ගත් ක්‍රියාමාර්ගයට රටේ ජනතාව විදියට මී ලග මැතිවරණයකදී යුතුකම් ඉටු කිරීමට අපි ආසාවෙන් බලා සිටිමු
දවසපුරා ,දෙමල,හින්දි,පංජාබි කියා ඉන්දියන් සිංදු අහන අපිට මේ ඇවිත් ඉන්න කට්ටිය කවුද කියලවත් .දන්නේ නැහැ!
ලැජ්ජයි සෙනග නැති හින්දා සංගීතේ දාලා මිනිස්සු අද්දව ගන්න හදන්නේ.මේ පාලකයින්ට තේරෙන්නේ නැද්ද දැන් ඉන්න ජනතාව ඉස්සර වගේ මෝඩයෝ නෙමෙයි කියලා