විස්සේ තීන්දුව ප්‍රකාශ කරද්දි රතිඤ්ඤා දල්වති
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දීමත් සමඟ ඇඹිලිපිටිය,හම්බන්තොට හා අම්බලන්තොට යන ස්ථාන තුනේ දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පිරිස් අද (19) රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත්වුහ.