මොස්කව්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.
සිරියාවට එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව අද නිවේදනය කළේය.
“ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල ආක්‍රමණශීලි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්න.” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම පණිවිඩය ක්‍රෙම්ලීන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.
“සිරියාව සහ ඒ අවට මේ වනවිය ඇතිවෙමින් පවතින තත්ත්වය සමස්ත ජාත්‍යන්තර සබඳතා පද්ධතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා.” යැයි ද පුටින් ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ප්‍රභල රටවල් අතර සිදුවෙන යුද්ධ ඇතිකරන්නේ විනාශය පමණයි. සෞභාග්‍යමත්ව තිබුන ඉරාකය සහ ලිබියාව එකිනෙකා මරාගන්නා දිළිඳු රටවල් බවට පත්කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්වල මනදොල සංසිඳවීමටය. මේ බලවත් රටවලට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ යුධ ආම්පන්න කල් ඉකුත්වීමට පෙර භාවිත කිරීම සහ නවීන ආයුධවල ප්‍රභලත්වය පරීක්ෂා කිරීමය. ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ සෙසු රටවල් සියල්ල දරිද්‍රතාවයේ පතුලේ තබාගෙන ලෝකයේ සාරය ඔවුන්ගේ පරම භුක්තියට තබාගැනීමය.
හරියට හරි පුටින් මහත්මයෝ අන්න කලොත් වැඩේ.
මේ ප්‍රහාර වලින් මැරෙන්නේ මිනිස්සු නෙමේද ?
අහිංසක දරුවන්, මිනිස්සුන් ගෑස් පහර කාලා මැරී වැටෙද්දී, කුඩා දරුවන් හුස්මගන්න බැරුව දගලනවා දකිද්දී රැස්වෙන්න බැරි වුන ආරක්ෂක මණ්ඩලය දැන් රැස්වෙලා.